ඕල්කට් සටනේ නාලන්දාව නොකඩවා දෙවන වරටත් ශූරයින්

ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලානය 2019

277

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් අටක් අතර පැවැත්වෙන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වැනි අදියර ඊයේ (30) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ නොකඩවා දෙවන වතාවටත් නාලන්දා විද්‍යාලය ශූරයින් බවට පත් කරමින්.

අර්ජුන, මහේල, හේරත් ඇතුළු දැවැන්තයින් නැවතත් පාසල් අවධියට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් අටක් අතර පැවැත්වෙන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලාන ක්‍රිකට්…..

මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරනු ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයයි. තරගාවලිය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය සහභාගී විය. 

නොවැම්බර් 29 වැනිදා සහ 30 වැනිදා ඕල්කට් පාසල් වල වර්තමාන 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් තරග වදිනු ලබන මේ සය සාමාජික ක්‍රිකට් තරගාවලියට වර්ෂාවෙන් එල්ල වූ බාධා නිසා එක් පන්දුවාරයක් පන්දු 5කට සීමා කරමින් පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියක් ලෙස පැවැත්වීමට තරග සංවිධායකයින් පියවර ගත්තේය. 

පළමු තරග වටය

  • ධර්මාෂෝක විද්‍යාලය හමුවේ නාලන්දා විද්‍යාලයට ලකුණු 22ක ජයක්.
  • ධර්මපාල විද්‍යාලය කුරුණෑගල මලියදේව විද්‍යාලය එක් ලකුණකින් පරාජය කළා. 
  • මහින්ද විද්‍යාලය හමුවේ ආනන්ද විද්‍යාලයට ලකුණු 12ක ජයක්.
  • රාහුල විද්‍යාලය හමුවේ ධර්මරාජ විද්‍යාලයට ලකුණු 25ක ජයක්.

අවසන් පූර්ව තරග

මූලික වටයේ සහභාගී වූ තරගය ජයග්‍රහණය කළ නාලන්දා, ආනන්ද, ධර්මපාල සහ ධර්මරාජ විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි. 

තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක් ලෙස පැවැත්වීම නිසා ගියවර අනුශූරතාව දිනා ගත් සහ දැනට පවත්වා තිබෙන තරගාවලි අතරින් වැඩිම වතාවක් ශූරතාව හිමිකරගෙන සිටින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පළමු වටයෙන්ම ඉවත්ව යාමට සිදු විය. 

රත්නායකගේ තුන් ඉරියව් දස්කම් නිසා සාන්ත තෝමස්ට වැඩි වාසි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය……

අවසන් පූර්ව තරගවල දී ගියවර ශූරතාව දිනා ගත් නාලන්දා විද්‍යාලය ආනන්ද විද්‍යාලය ලකුණු 2කින් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නා විට, දෙවන අවසන් පූර්ව තරගයේ දී ධර්මපාල විද්‍යාලය ලකුණු 10කින් පරාජය කළ ධර්මරාජ විද්‍යාලය ද අවසන් තරගයේ සිය අසුන වෙන් කර ගන්නා ලදි. 

  • ආනන්ද විද්‍යාලය හමුවේ නාලන්දා  විද්‍යාලයට ලකුණු 2ක ජයක්.
  • ධර්මපාල විද්‍යාලය හමුවේ ධර්මරාජ විද්‍යාලයට ලකුණු 10ක ජයක්.

අවසන් මහා තරගය

අවසන් තරගයේ දී නාලන්දා විද්‍යාල නායක අවිශ්ක පෙරේරා සිය තුන් ඉරියව් දක්ෂතා පෙන්නුම් කළේය. පන්දු යැවීමෙන් ලකුණු 6කට එක් කඩුල්ලක් දවා ගත් ඔහු පිතිකරණයෙන් නොදැවී ලකුණු 24ක් වාර්තා කරගත්තේය. ඒ නිසාවෙන් පෙරේරා අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබීය. 

ධර්මරාජ විද්‍යාලය –  48/4 (5): දුලාජ් බණ්ඩාර 17, චේතිය ඒකනායක 15*, අවිශ්ක පෙරේරා 1/6

නාලන්දා විද්‍යාලය – 50/2 (4): අවිශ්ක පෙරේරා 24*, දුලාජ් බණ්ඩාර 1/15.

නාලන්දා විද්‍යාලය කඩුලු 3ක ජයක්.

බෙදී ගිය සම්මාන,

  • තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා – ඉසුරු දයානන්ද (ධර්මරාජ විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – අනුද ජිත්වර (නාලන්දා විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරුවා – යෂිත සමරරත්න (ධර්මරාජ විද්‍යාලය)
  • අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා – අවිශ්ක පෙරේරා (නාලන්දා විද්‍යාලය)

දෙසැම්බර් 1 වැනිදා (අද) මෙම පාසල් හි ආදී සිසුන් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ. ඒ සඳහා එක් පාසලකින් ක්‍රීඩකයින් 11 දෙනෙකු ඇතුළත් කළ යුතු අතර එක් කණ්ඩායමකට වයස අවුරුදු 40ට වැඩි ක්‍රීඩකයින් 8ක් සහ වයස අවුරුදු 35-40 අතර ක්‍රීඩකයින් උපරිම ලෙස 3 දෙනෙකු තබා ගැනීමට හැකිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<