20 වැනි ඕල්කට් ක්‍රිකට් සටනේ සත්කාරකත්වය තීරණය වේ

157

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් අටක් අතර පැවැත්වෙන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වැනි අදියර මේ මස 29, 30 සහ දෙසැම්බර් මස 1 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ ගාල්ල මහින්ද විද්‍යාලයයි.

නිපුන්ගේ ඒක පුද්ගල ප්‍රසංගයේ දී යුගාත්ගෙන් කඩුලු 10ක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහ…

තරගාවලිය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය සහභාගී වේ.

1999 වසරේ දී ආරම්භ වූ මේ තරගාවලිය එදා සිට මේ දක්වා ඉතාමත් සාර්ථකව පවත්වා තිබෙන අතර නාලන්දා විද්‍යාලය විසින් සත්කාරකත්වය දැරූ පළමු තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ මලියදේව විද්‍යාලයයි. එතැන් සිට මේ දක්වා පැවති තරගාවලි සඳහා මේ පාසල් අට හුවමාරු කරගනිමින් සත්කාරකත්වය දරනු ලැබේ. ඒ සඳහා මේ පාසල්වල ආදී සිසුන් විශාල කැපවීමකින් වැඩ කටයුතු සිදු කරයි.

මෙම ඕල්කට් පාසල් අට අතරින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් ක්‍රීඩකයින් රැසක් දායාද කර තිබේ. ඒ අතර ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වන බන්දුල වර්ණපුර සහ 1996 ලෝක කුසලානය දිනූ නායක අර්ජුන රණතුංග ද සිටියි. දැනට පවත්වා තිබෙන තරගාවලි 19 අතරින් වැඩිම වතාවක් ශූරතාව හිමිකරගෙන ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වන අතර අවසන් වසර දෙකේ දී ම ශුරතාව දිනාගෙන ඇත්තේ මහින්ද විද්‍යාලයයි.

එසේම 1999 ඇරඹි මෙම තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ වර්තමාන සිසුන් අතර පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය, මෑතක දී එක්වූ ඉසව්වකි. 2018 වසරේ පැවති එම තරගාවලියේ දී නාලන්දා විද්‍යාලය ශූරතාව දිනා ගත් අතර ඔවුන් හමුවේ පරාජය වූ ධර්මාශෝක විද්‍යාලය එහි අනුශූරතාවය හිමි කරගත්තේය.

තරග කාලසටහන, 

නොවැම්බර් 29 (සිකුරාදා) – එක් එක් පාසල් වල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් එකිනෙකා තරග වදිනු ලබන අතර එම තරග සියල්ලම සය සාමාජික තරග වේ. එම තරගාවලියේ අවසන් තරගය එදිනම පැවැත්වෙන අතර එහි ජයග්‍රහණය හිමි කරගන්නා කණ්ඩායමට ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලානය හිමිවෙනු ඇත.

අනතුරුව නොවැම්බර් 30 වැනිදා සහ දෙසැම්බර් 1 වැනිදා මෙම පාසල් හි ආදී සිසුන් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ. ඒ සඳහා එක් පාසලකින් ක්‍රීඩකයින් 11 දෙනෙකු ඇතුළත් කළ යුතු අතර එක් කණ්ඩායමකට වයස අවුරුදු 40ට වැඩි ක්‍රීඩකයින් 8ක් සහ වයස අවුරුදු 35-40 අතර ක්‍රීඩකයින් උපරිම ලෙස 3 දෙනෙකු තබා ගැනීමට හැකිය. 

සෑම ක්‍රීඩාවකටම අභියෝගයක් වන මානසික ආතතිය

පසුගිය සති කීපය තුල සිදු වූ සිදුවීම් කීපයක් ජාත්‍යන්තර ක්‍රීඩාවේ වඩාත් වැදගත්…

ඒ අනුව මේ තරගාවලිය සඳහා මේ පාසල් අටෙන් බිහි වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් වන අර්ජුන රණතුංග, මහේල ජයවර්ධන, සිදත් වෙත්තමුණි, රංජිත් මදුරසිංහ, හේමන්ත දේවප්‍රිය, ගජබා පිටිගල, රොෂාන් මහානාම, රංගන හේරත්, අසංක ගුරුසිංහ, ගාමිණී පෙරේරා, උපුල් චන්දන, අජිත් ද සිල්වා සහ සමන් ජයන්ත වැනි ක්‍රීඩකයින් රැසක් තරග වැදීමට නියමිතය. 

මේ තරගාවලිය අවසානයේ තරගාවලිය පුරාවට ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් අනුව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා, හොඳම පිතිකරු සහ හොඳම පන්දු යවන්නා සඳහා සම්මාන පිරි නැමීමට නියමිතය. එම තෝරාගැනීම් සිදුකිරීම සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<