දෙවැනි අර්ධයේ දී CH පෙරමුණ ගනී

213

2018/19 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ පළමු සතියේ තරගයක් ලෙස පැවති CH&FC කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය අද (06) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ කරට කර තරගයකින් අනතුරුව CH&FC කණ්ඩායම ලකුණු 31-28ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කරගනිමිනි.

ප්‍රිමේෂ් ධනුෂ්ක අවසන් මිනිත්තුවේ දී CR ආරක්ෂක වළලු සුනුවිසුනු කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක…

තරගාවලියේ පළමු අදියරේ දී නාවික හමුදා කණ්ඩායම මෙන්ම CH&FC කණ්ඩායම ද සිය උපරිම දක්‍ෂතා අතරට ළඟා වීමට අපොහොසත් වූ අතර ඒ අනුව කණ්ඩායම් දෙකම පළමු අදියර අවසාන කරනු ලැබුවේ තරග 4 බැගින් ජයග්‍රහණය කරමින් සහ ඉතිරි තරග 3 පරාජයට පත්වෙමින්, ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් 4 හා 5 වන ස්ථාන හිමිකර ගනිමිනි.

කෙසේ නමුත් CH&FC කණ්ඩායම මෙම තරගයට පිවිසියේ පසුගිය දා ඔවුන් කණ්ඩායමට එක්කර ගත් ශ්‍රී ලංකා සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් ගව්ඩර් ද තරග ආරම්භක සංචිතයට එක්කර ගනිමිනි.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් CH&FC ක්‍රීඩකයින් 02 වන මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් තරගයේ පෙරමුණ ලබා ගන්නට සමත් විය. එහි දී ක්‍රියාත්මක වූ නාවික හමුදා ක්‍රීඩකයින් ‘maul’ අවස්ථාවක් හරහා පන්දුව ඉදිරියට රැගෙන යමින් අනතුරුව එය හොඳින් හුවමාරු කරමින් අවසානයේ එය අනුරාධ හේරත් වෙත බාර කළ අතර ඔහු පිටියේ වම් අන්තයෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුකර යමින් ඉතා සාර්ථකව පන්දුව උත්සාහක දිනුම් කලාපය කරා රැගෙන යන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සැමුවෙල් මධුවන්ත විසින් සාර්ථක කරගන්නා ලදි. (CH 07-00 NSC)

අනතුරුව තරගයේ 05 වන මිනිත්තුවේ දී ‘CH&FC’ කණ්ඩායමේ 04 සිදු කරනු ලැබූ ‘high-tackle’ කිරීමක් වෙනුවෙන් විනිසුරුවරයා විසින් ඔහුට කහ කාඩ්පතක් නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව මිනිත්තු 10ක කාලයක් සඳහා ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදුවිය.

CH&FCට ඕස්ට්‍රේලියාවෙන් රග්බි ක්‍රීඩකයෙක්

සති දෙකකට ආසන්න කාලයක නිහැඬියාව බිඳ දමමින් හෙට (04) යළිත් …

පසුව තරගයේ 07 වන මිනිත්තුවේ දී CH&FC ක්‍රීඩකයින් හට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය ලබාගත් මධුවන්ත එල්ල කළ පහර ගෝල රාමුවේ වැදී ඉවතට යොමු වීම නිසා එම අවස්ථාව ඔවුන් අතින් ගිලිහී ගියේය.  

CH&FC කණ්ඩායමට නිකුත් වූ කහ කාඩ්පතෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් නාවික හමුදා ක්‍රීඩකයින් තරගයේ 14 වන මිනිත්තුවේ දී තරගයේ සිය පළමු උත්සාහක දිනුම වාර්තා කරගන්නට සමත් විය. එහි දී නාවික හමුදා ක්‍රීඩකයින් හට උත්සාහක දිනුම් කලාපය ආසන්නයේ දී දඬුවම් පහර අවස්ථාවක් ‘scrum’ අවස්ථාවක් සඳහා යොදා ගන්නට ඔවුන් තීරණය කරනු ලැබූ අතර ඒ හරහා පන්දුව ලබාගත් කසුන් ද සිල්වා එය දැඩි අපහසුතාවයකින් තොරව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය.

එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද නායක තිළිණ වීරසිංහ විසින් සාර්ථක කර ගනු ලැබුවේ කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සමකර ගනිමිනි. (CH 07-07 NSC)

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් ඒ සඳහා පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත. එහි දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතින් සිදු වූ සුළු අත්වැරදීම් කැපී පෙනෙන්නට විය.

>> තරගයේ ඡායාරූප ඇල්බම සඳහා පිවිසෙන්න <<

කෙසේ නමුත් නැවතත් ක්‍රියාත්මක වූ නාවික හමුදා කණ්ඩායම තරගයේ 28 වන මිනිත්තුවේ දී තරගයේ සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරගනිමින් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. එහි දී නාවික හමුදා ක්‍රීඩකයින් පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන යමින් එය බුද්ධිම පියරත්න වෙත බාර කළ අතර ඔහු ඉතා විශිෂ්ට ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයින් අතර තිබූ හිඩැසකින් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. පසුව වීරසිංහ විසින් එම උත්සාහක දිනුම ද සාර්ථකව ප්‍රවර්තනය කරගැනීමට සමත් විය. (CH 07-14 NSC)    

තරගයේ 36 වන මිනිත්තුවේ දී CH&FC ක්‍රීඩකයින් හට ලැබුණු දඬුවම් පහර අවස්ථාවක් ‘scrum’ අවස්ථාවක් සඳහා යොදා ගන්නට ඔවුන් තීරණය කළ අතර ඒ හරහා පන්දුව ලබාගත් නිවංක ප්‍රසාද් ඉතා විශිෂ්ට ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයින් අතරින් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. පසුව මධුවන්ත විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගනු ලැබුවේ තරගයේ ලකුණු තත්වය නැවතත් සමකර ගනිමිනි. (CH 14-14 NSC)    

අනතුරුව තරගයේ පළමු අර්ධය අවසාන වන්නට පෙර නාවික හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට ඉතා ආසන්නයට පැමිණියත් අවසානයේ එය ව්‍යර්ථ කර දමන්නට ‘CH&FC’ ක්‍රීඩකයින් සමත් විය.  

පළමු අර්ධය: CH&FC කණ්ඩායම 14 – 14 නාවික හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ පළමු අර්ධයට මෙන් දෙවන අර්ධයට ද ප්‍රබල ආරම්භයක් ලබාගත් CH&FC ක්‍රීඩකයින් තරගයේ 43 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් නැවතත් තරගයේ පෙරමුණට එන්නට සමත් විය. එහි දී ඔවුන් පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන යාමෙන් අනතුරුව ‘ruck’ අවස්ථාවක් හරහා පන්දුව ලබාගත් සැමුවෙල් මධුවන්ත ඉතා දක්‍ෂ ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයින් අතර තිබූ හිඩැස් හරහා පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් එම උත්සාහක දිනුම වාර්තා විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ඔහු විසින් සාර්ථක කරගනු ලැබීය. (CH 21-14 NSC)   

ප්‍රබල හැව්ලෝක් ප්‍රහාර හමුවේ යුධ සෙබලුන් අසරණ වේ

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර ආරම්භ…

පසුව තරගයේ 45 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජයට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ නමුත් එය ලබාගත් තිළිණ වීරසිංහ එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතින් ඇදී ගියේය.

අනතුරුව තරගයේ 49 වන මිනිත්තුවේ දී CH&FC ක්‍රීඩකයින් සතුව තිබූ පන්දුව ලබාගත් නාවික හමුදා ක්‍රීඩකයින් පා පහරක් හරහා ඉදිරියට යොමු කළ පන්දුව තනූජ මධුරංග සහ මොහොමඩ් අබ්සාල් එල්ල කළ පීඩනය හමුවේ නිසි පරිදි ග්‍රහණය කරගන්නට මධුවන්ත අපොහොසත් වූ අතර ඒ අනුව ඔහුගේ දෑතේ වැදී ඉදිරියට යොමු වූ පන්දුව ලබාගත් තනූජ ඉතා පහසුවෙන් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. පසුව වීරසිංහ විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කරගැනීමට ද සමත් විය. (CH 21-21 NSC)    

ඊට වහාම පිළිතුරු දැක්වූ CH&FC ක්‍රීඩකයින් තරගයේ 54 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබුවේ සමව තිබූ ලකුණු පුවරුව නැවතත් සිය කණ්ඩායම දෙසට යොමුකර ගනිමිනි. එහි දී ඔවුන් ‘line-out’ අවස්ථාවක් හරහා නිර්මාණය කර ගත් ‘maul’ අවස්ථාවක් තුළින් පන්දුව ලබාගත් ප්‍රසාද් මදුසංක වේගයෙන් එය ඉදිරියට රැගෙන යමින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් එල්ල කළ අභියෝගය හමුවේ උත්සාහක දිනුම් කලාපය ඉතා ආසන්නයේ දී එය සුදම් සූරියආරච්චි වෙත බාර කළ අතර ඔහු පහසුවෙන් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. මධුවන්ත විසින් එය ද සාර්ථකව ප්‍රවර්තනය කරගැනීමට සමත් විය. (CH 28-21 NSC)   

පසුව තරගයේ 58 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ නාවික හමුදා ක්‍රීඩකයින් පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන යාමෙන් අනතුරුව එය චතුර සෙනෙවිරත්න වෙත බාර කළ අතර ඔහු ඉතා විශිෂ්ට ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයින් එල්ල කළ අභියෝග මැඩලමින් පිටියේ වම් අන්තයෙන් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. එහිදී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද වීරසිංහ විසින් සාර්ථක කර ගනු ලැබුවේ තරගයේ ලකුණු තත්වය නැවතත් සමකර ගනිමිනි. (CH 28-28 NSC)    

අනතුරුව තරගයේ 64 වන මිනිත්තුවේ දී CH&FC කණ්ඩායමට හිමි වූ දඬුවම් පහර අවස්ථාවක් මධුවන්ත විසින් ඉතා දක්‍ෂ ලෙස සාර්ථක කරගැනීමට සමත් විය. (CH 31-28 NSC)    

ඉන් අනතුරුව තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට කණ්ඩායම් දෙකම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් එම උත්සාහය සාර්ථක කර ගැනීමට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත.

ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ප්‍රසාද ලකුණක් ද සමඟින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් CH&FC ක්‍රීඩා සමාජය ඒත් සමඟ තරගාවලියේ දෙවන අදියරේ පළමු ජයග්‍රහණය වාර්තා කරගන්නට සමත් වූ අතර අනෙක් පසින් නාවික හමුදා ක්‍රීඩා සමාජය මෙම තරගය පරාජයට පත්වුවත් ඔවුන් වාර්තා කර ගත් උත්සාහක දිනුම් 4 වෙනුවෙන් සහ පරාජය වූ ලකුණු ප්‍රමාණය වෙනුවෙන් ප්‍රසාද ලකුණු 2ක් හිමිකර ගැනීමට සමත් විය.

සම්පූර්ණ කාලය: CH&FC කණ්ඩායම 31 – 28 නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා නිවංක ප්‍රසාද් (CH&FC ක්‍රීඩා සමාජය)

ලකුණු ලාභීන්

  • CH&FC කණ්ඩායම – සැමුවෙල් මධුවන්ත 1T 1P 4C, අනුරාධ හේරත් 1T, නිවංක ප්‍රසාද් 1T, සුදම් සූරියආරච්චි 1T
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – කසුන් ද සිල්වා 1T, බුද්ධිම පියරත්න 1T, තනූජ මධුරංග 1T, චතුර සෙනෙවිරත්න 1T, තිලිණ වීරසිංහ 4C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<