නිත්තවෙල අභිමානය සුරැකේ; අපරාජිත වාර්තා බිඳ වැටේ

441

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තයේ තියුණුම තරගය අද (2) මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේ දී සත්කාරක මහනුවර ක්‍රීඩා සමාජය හා CR&FC ක්‍රීඩා සමාජය පැවැත්වුණු අතර ඉතා තියුණු සටනකට පසු ලකුණු 41-30ක් ලෙස ජය වාර්තා කරන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

බුද්ධිමගේ සුපිරි දස්කම් සමඟින් නාවිකයන් නැවතත් ජයග්‍රාහී මාවතට

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තයේ..

මේ තරගය මහනුවර ක්‍රීඩා සමාජයට ඉතා වැදගත් වූයේ ඔවුන්ගේ ආධිපත්‍ය මෙවරත් රැක ගැනීමට හැකි වේ ද යන්න හා මෙවර තරගාවලියේ ඔවුන්ගේ ක්‍රීඩා විලාසය පිළිබඳ දැඩි කතාබහක් ඇති වී තිබුණු නිසාවෙනි. අනෙක් අතට CR&FC කණ්ඩායම මෙම තරගාවලියේ ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටින අතර සිය ජයග්‍රහණ වාර්තාව පවත්වා ගැනීම සඳහා ඔවුන්ට ද මෙම තරගය ඉතා වැදගත් විය.

සුපුරුදු පරිදි මහනුවර ප්‍රේක්ෂකයින්ගේ ඉහළ සහභාගීත්වයත් සමඟ නයිජල් රත්වත්තේගේ පා පහරින් තරගය ආරම්භ කළේ මහනුවර ක්‍රීඩා සමාජයයි. පළමු මිනිත්තු කිහිපයේ දී ම පන්දුව තමන් සතුව තබා ගනිමින් මහනුවර ක්‍රීඩා සමාජය ඉදිරියට ඇදුණු අතර ඔවුන්ගේ ආක්‍රමණය අවසන් වුණේ නයිජල්ගේ පන්දු යොමු කිරීමක් පිටියෙන් ඉවතට ඇදී යාම නිසයි.

ප්‍රබල මහනුවර පසුපෙළ ප්‍රබල ආක්‍රමණයක යෙදෙමින් 5 වන මිනිත්තුවේ දී පළමු වෙඩි මුරය තබන්නට සමත් විය. නයිජල්ගේ පන්දු යොමු කිරීමක් සාර්ථක ලෙස ග්‍රහණය කර ගත් ෂෙහාන් පතිරණ CR ක්‍රීඩකයින් දෙදෙනෙක් අතරින් දිව ගියේ අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. තිළිණ විජේසිංහ අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (CR 00-07  මහනුවර)

CR ක්‍රීඩකයින්ගේ අත්වැරදීම් උපයෝගී කර ගනිමින් මහනුවර ක්‍රීඩකයින් දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු අතර 8 වන මිනිත්තුවේ දී මහනුවරට ලැබුණු දඬුවම් පහරක් අවාසනාවන්ත ලෙස ගෝල කණුවේ වැදී ඉවත ගියේ මහනුවර ප්‍රේක්ෂකයින් නිහඬ කරමිනි.

CH&FCට එරෙහිව යුධ හමුදාවෙන් පෙරළිකාර මෙහෙයුමක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ සිව්වැනි සති අන්තයේ තවත් තරගයක්..

14 වන මිනිත්තුවේ දී තරගයේ පළමු වතාවට CR ක්‍රීඩකයෝ මහනුවර අර්ධයේ ආක්‍රමණයක් දියත් කළ අතර 15 වන මිනිත්තුවේ දී Line out අවස්ථාවක් සාර්ථක කර ගනිමින් පියවරින් පියවර ඉදිරියට ගිය නමුත් මහනුවර ආරක්ෂක ක්‍රීඩකයෝ කෙවින් ඩික්සන් සමඟම පන්දුව සීමාවෙන් ඉවතට තල්ලු කර දැමීමට සමත් විය.

ක්‍රමයෙන් තරගයට පිවිසුණු CR ක්‍රීඩකයින් මිනිත්තු කිහිපයක් තුළ තරගයේ පෙරමුණ මහනුවරින් උදුරා ගත්තේ මහනුවර ක්‍රීඩකයින් අන්දමන්ද කරමිනි. 18 වන හා 22 වන මිනිත්තුවල දී දඬුවම් පහර මගින් ලකුණු රැස් කිරීමට තරින්ද රත්වත්ත සමත් වූ අතර එතැනින් නොනැවතුණු ඔවුන් උත්සාහක දිනුමක් ද වාර්තා කළේ තරගයේ පෙරමුණ දිනා ගනිමිනි. නැවත තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව CR ක්‍රීඩක කෙවින් ඩික්සන් දක්ෂ ධාවනයක යෙදුණු අතර පන්දු හුවමාරු කිහිපයකින් පසු ජොඑල් පෙරේරා CR වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තරින්ද අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (CR 11-07 මහනුවර)

තරගය ආරම්භයේ දී එතරම් හොඳින් නොකළත් සුපුරුදු රිද්මයට පැමිණ සිටි තරින්ද රත්වත්ත 29 වන මිනිත්තුවේ දී නැවත වතාවත් ක්‍රියාත්මක වෙමින් මීටර 50 සීමාවේ ලැබුණු දඬුවම් පහරක් අලංකාර ලෙස සාර්ථක කර ගත්තේ CR ලකුණු පුවරුව දෙගුණ කරමිනි. (CR 14-07 මහනුවර)

CR&FC ආක්‍රමණයට දරුණු පිළිතුරක් ලබා දුන් බුවනෙක උඩන්ගමුව සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගෙන් පන්දුව ලබා ගෙන CR ක්‍රීඩකයින් පස්දෙනෙක් බිම හෙලමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ සිය සවිය මනාව ප්‍රදර්ශනය කරමිනි. තිළිණ අමතර ලකුණු එකතු කරමින් තරගයේ ලකුණු සම කිරීමට සමත් විය. (CR 14-14 මහනුවර)

40 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩා සමාජයට මීටර 5 සීමාවේ Line out අවස්ථාවක් ලැබුණත් Line out අවස්ථාව ලබා ගෙන උත්සාහක දිනුමක් කරා යන්නට CR ක්‍රීඩකයින් ඉඩ තැබුවේ නැත.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 14-14 CR & FC ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය මහනුවර කණ්ඩායම විසින් ආක්‍රමණශීලී ලෙස ආරම්භ කළ අතර නයිජල් රත්වත්ත ගුවනට මුසු කළ පන්දුව දනුෂ් දයාන් හඹා ගියත් ඔහු ළඟා වීමට පෙර පන්දුව සීමාවෙන් ඉවතට ගියේ මහනුවරට ලකුණු රැස් කිරීමට තිබූ අවස්ථාවක් අහිමි කරමිනි. කෙසේ වෙතත් 43 වන මිනිත්තුවේ දී මහනුවර ඉදිරිපෙළ ක්‍රීඩකයින් ක්‍රියාත්මක වූ අතර යාකුබ් අලී තෙවන මහනුවර උත්සාහක දිනුම වාර්තා කළේ Rolling Maul අවස්ථාවකින් පන්දුව ඉදිරියට රැගෙන යමිනි. තිළිණ ඉතා අපහසු කෝණයකින් අලංකාර ලෙස අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (CR 14-21 මහනුවර)  

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

Line out අවස්ථා සාර්ථක කර ගනිමින් Rolling Maul අවස්ථා නිර්මාණය කිරීමේ දී මහනුවර ක්‍රීඩකයින් ඉතා ආක්‍රමණශීලී වූ අතර ෂෙහාන් පතිරණ ඉතා දක්ෂ ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට බාධා කිරීම් සිදු කළේ කිහිපවතාවක්ම මහනුවර වෙනුවෙන් පන්දුව දිනා දෙමිනි.

49 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩකයින් නැවතත් ක්‍රියාත්මක වූයේ සිය සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කරමිනි. බුවනෙක උඩන්ගමුව නැවත වතාවක් අලංකාර ධාවනයක යෙදෙමින් ධනුෂ්ක රන්ජන් වෙත දක්ෂ පන්දු යොමු කිරීමක් සිදු කළ අතර පන්දුව රැක ගත් ධනුෂ්ක විදුලි වේගයෙන් සීමාව ඉක්මවා ගියේ CR ක්‍රීඩකයින් අන්දමන්ද කරමිනි. නැවත වතාවක් තිළිණ වීරසිංහ ඉතා අපහසු ප්‍රවර්තනයක් අලංකාර ලෙස ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (CR 14-28 මහනුවර)

උමේෂ් ප්‍රමුඛ හැව්ලොක් ක්‍රීඩකයෝ පොලිස් බලාපොරොත්තු සුනුවිසුනු කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තය ආරම්භ..

පළමු අර්ධයේ මෙන්ම දෙවන අර්ධයේ ද CR ක්‍රීඩකයින් ක්‍රමයෙන් ලකුණු අතරට අවතීර්ණ වූයේ පන්දුව තමන් සතුවම තබා ගනිමිනි.

මීටර 5 සීමාවේ ලැබුණු Scrum අවස්ථාවක් සමඟ CR ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර මහනුවර ආරක්ෂක ක්‍රීඩකයින් කෙතරම් උත්සහ කළත් පිටියේ දකුණු පස කොණෙන් චමෝද් ප්‍රනාන්දු උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ CR&FC ක්‍රීඩා සමාජය නැවතත් තරගයට රැගෙන එමිනි. තරින්ද හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. (CR 19-28 මහනුවර)

CR&FC ක්‍රීඩකයින්ට නැවතත් මිනිත්තු කිහිපයක් තුළ දඬුවම් පහර දෙකක් හිමි වූ අතර 59 වැනි මිනිත්තුවේ දී හා 66 වැනි මිනිත්තුවේ දී තරින්ද CR වෙනුවෙන් ලකුණු රැස් කරන්නට සමත් විය. (CR 25-28 මහනුවර)

අඩු වූ ලකුණු පරතරයත් සමඟින් කණ්ඩායම් දෙකම තියුණු සටනකට අවතීර්ණ වූ අතර  රොෂාන් වීරරත්නගේ පා පහරක් විශ්වමිත්‍ර හඹා ගියත් පන්දුව රැකගන්නට ඔහුට හැකි වූයේ නැත.

71 වන මිනිත්තුවේ දී කවිඳු පෙරේරා දක්ෂ ධාවනයක යෙදෙමින් මහනුවර ක්‍රීඩකයින් අතරින් පන්දුව ඉදිරියට රැගෙන ගියත් ඔහුට සහයට කිසිවෙකු නොසිටි නිසා CR කණ්ඩායමට ඉතා ආසන්න අවස්ථාවක් අහිමි විය.

මදකට ගිලිහි ගිය තරගය නැවත රැක ගන්නට මහනුවර ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර මහනුවර ප්‍රේක්ෂකයින්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ 74 වැනි මිනිත්තුවේ දී තිළිණ විජේසිංහ දඬුවම් පහරකින් ලකුණු රැස් කළේ තරගය නැවතත් මහනුවර දෙසට ගෙන එමිනි. (CR 25-31 මහනුවර)

80 වැනි මිනිත්තුවේ දී Line out අවස්ථාවක් සාර්ථක කර ගත් මහනුවර ක්‍රීඩකයින් පන්දුව මහනුවර ඉදිරිපෙළ ක්‍රීඩක ශෂික ජයවර්ධන හට ලබා දුන් අතර CR&FC ආරක්ෂක වළලු බිඳ හෙලමින් ශෂික උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ මහනුවර ජය තහවුරු කරමිනි. තිළිණ දක්ෂ ලෙස අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (CR 25-38 මහනුවර)

අවසන් තත්පර කිහිපයේදීත් තරගය අත් නොහළ CR ක්‍රීඩක කෙවින් ඩික්සන් දක්ෂ ධාවනයක යෙදෙමින් පන්දුව රීසා රෆයිඩීන් වෙත භාර දුන් අතර රීසා ක්ෂණිකව එම උත්සාහක දිනුම සම්පූර්ණ කළේ CR වෙත තවත් අවස්ථාවක් ගෙන දෙමිනි. ඔවුන් එහි ප්‍රවර්තනය ලබා ගත්තේ නැත. (CR 30-38 මහනුවර)  

විනිසුරුගේ නලාව නාද වීමට ප්‍රථම මහනුවර ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් හිමි වූ අතර දිනය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කළ තිළිණ එම ලකුණු තුනත් සිය කණ්ඩායමට එක් කළේ මහනුවරට දැවැන්ත ජයක් දිනා දෙමිනි.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 41 (5T, 5C, 2P) – 30 CR&FC කණ්ඩායම (3T, 5P)

ThePapare.com තරගයේ වීරයා – ෂෙහාන් පතිරණ (මහනුවර)

  • මහනුවර ක්‍රීඩා සමාජය – ෂෙහාන් පතිරණ (1T), තිළිණ විජේසිංහ (5C, 2P), බුවනෙක උඩන්ගමුව (1T), යාකුබ් අලී (1T), ධනුෂ්ක රන්ජන් (1T), ශෂික ජයවර්ධන (1T)
  • CR&FC කණ්ඩායම – තරින්ද රත්වත්ත (5P), ජොඑල් පෙරේරා (1T), චමෝද් ප්‍රනාන්දු (1T), රීසා රෆයිඩීන් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<