හැව්ලොක් හදවත් හඬවමින් මහනුවර ශූරතාව දිනයි!

792

ඉතා උණුසුම් තරගයකට පසු ලකුණු දෙකක පරතරයෙන් 2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව අඛණ්ඩව පස්වන වසරටත් තමන් සතු කරගන්නට මහනුවර ක්‍රීඩා සමාජය අද (3) හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී සමත් විය. ඒ හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 21-19ක් ලෙස පරාජය කරමින්.

මේ තරගය වන විට ලීග් ලකුණු සටහනේ හැව්ලොක් ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය අතර පැවතුණේ ලකුණු දෙකක පරතරයක් පමණක් බැවින් මේ තරගය නිතරගයෙන්ම තරගාවලියේ ශූරයින් තීරණය කරන තරගය බවට පත්විය. හැව්ලොක් ක්‍රීඩා සමාජයට නව ශූරයින් බවට පත් වන්නට අවශ්‍ය වූයේ ජය පරාජයෙන් තොර තරගයක් පමණි.

හැව්ලොක් ක්‍රීඩා සමාජය පසුගිය සතියේ දී CR කණ්ඩායම පරාජය කළ අතර මේ තරගය අවසන් තරගයක් බවට පත් කර ගනිමින් මහනුවර ක්‍රීඩා සමාජය නිත්තවෙල බලකොටුවේ දී CH&FC ක්‍රීඩා සමාජය පරාජය කරන්නට සමත් විය.

අමිහිරි මතක මකා දමමින් පොලීසිය පලඟ ශූරතාව දිනති

2018/19 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය ඊයේ…

පළමු අර්ධය පුරා හැව්ලොක් ක්‍රීඩකයින් ඉතා කලබලකාරී ලෙස ක්‍රීඩා කළ අතර ඉන් උපරිම ප්‍රයෝජන ගත් මහනුවර ක්‍රීඩකයෝ හැව්ලොක් ක්‍රීඩකයින්ට ලකුණු ලබා නොදී පහසුවෙන් ලකුණු රැස් කිරීමට සමත් වූහ. කෙසේ වෙතත් මිතුන් හපුගොඩගේ ආගමනයෙන් පසු දෙවන අර්ධයේ දී නැවත තරගයට පිවිසුණු හැව්ලොක් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් රැස් කළත් එක් ප්‍රවර්තනයක් සාර්ථක නොවීම නිසා ඔවුන්ට කුසලාන බලාපොරොත්තුවලට සමුදීමට සිදු විය.

රීසා මුබාරක්ගේ පා පහරින් ආරම්භ වූ තරගයේ පළමු මිනිත්තුවේ සිටම හැව්ලොක් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරන්නට මහනුවර ක්‍රීඩකයෝ සමත් විය. හැව්ලොක් කණ්ඩායම අන්ද මන්ද කරමින් පළමු මිනිත්තුවේ දී ම මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු රැස් කළේ පෙරේරාගේ පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස ග්‍රහණය කර ගත් නයිජල් රත්වත්තේගේ සුරතිනි. තිළිණ විජේසිංහ හට අමතර ලකුණු රැස් කිරීමට හැකියාවක් ලැබුණේ නැත. (මහනුවර 05-00 හැව්ලොක්)

පසුගිය වසර හැව්ලොක් ක්‍රීඩකයින්ගේ  දෙවන අර්ධයේ ප්‍රහාරයට හසු වූ මහනුවර ක්‍රීඩකයින් මෙවර උත්සහ කළේ පළමු අර්ධයේ දී හැකි තරමක් ලකුණු රැස් කර ගැනීමටයි. කෙසේ වෙතත් කණ්ඩායම් දෙකම තරමක කැලඹීමකින් ක්‍රීඩා කරන බව පෙනී ගියේ  ඔවුන් මුල් මිනිත්තු කිහිපය තුළ අතපසුවීම් රැසක් සිදු කිරීම නිසයි.

හැව්ලොක් කණ්ඩායම දිගින් දිගටම කළ අතපසුවීම් නිසා 11 වැනි මිනිත්තුවේ දී හා17 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩා සමාජයට දඬුවම් පහර හිමි වූ අතර තිළිණ විජේසිංහ පහසුවෙන් ලකුණු හයක් මහනුවරට එකතු කර දෙන්නට සමත් විය. (මහනුවර 11-00 හැව්ලොක්)

අවසන් මොහොතේ CH ප්‍රහාරය වතුරේ – CR ජය ගනී

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ අවසාන සති අන්තය ආරම්භ කරමින් අද (2) ප්‍රබල CR&FC ක්‍රීඩා සමාජය…

පළමු මිනිත්තු 20 ගත වන තුරුම හැව්ලොක් ක්‍රීඩා සමාජය මහනුවර අර්ධයේ ක්‍රීඩා කිරීමට අසමත් වූ අතර 21 වැනි මිනිත්තුවේ දී ඔවුන් මහනුවර අර්ධයට ගියත් නිරෝෂන් ප්‍රනාන්දුගේ අතපසුවීමක් නිසා ඔවුන්ට යළිත් හැරී එන්නට සිදුවිය.

විනිසුරු අවවාද කළත් හැව්ලොක් ක්‍රීඩකයින් දිගින් දිගටම මහනුවර ක්‍රීඩකයින්ට බාධා කළ පසු ක්‍රීඩකයින් හා පන්දුව නිදහස් නොකිරීමේ වරද සිදු කළ නිසා මහනුවර දඬුවම් පහරක් හිමි වුනත් විජේසිංහගේ උත්සාහක අවාසනාවන්ත ලෙස ගෝල කණුවේ වැදී ඉවත ගියේය.

කෙසේ වෙතත් මගහැරුණු ලකුණු වෙනුවට උත්සාහක දිනුමක් කණ්ඩායමට ලබා ගැනීමට නායක රිචඩ් ධර්මපාල සමත් වූයේ අලංකාර ධාවනයක් සමඟින් ධවල රේඛාව ඉක්මවා යමිනි. රිචඩ් හැව්ලොක් ක්‍රීඩකයින් හයදෙනෙක් බිම හෙළමින් එම සුපිරි උත්සාහක දිනුම වාර්තා කළ අතර තිළිණ පහසුවෙන් පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (මහනුවර 18 -00 හැව්ලොක්)

මහනුවර ක්‍රීඩකයින් පළමු අර්ධය පුරාම හැව්ලොක් ක්‍රීඩකයින්ට පන්දුවත් සමඟ වැඩි වේලාවක් රැඳෙන්නට ඉඩ ලබා නොදුන් අතර ෂෙහාන් පතිරණ හා නයිජල් රත්වත්ත දක්ෂ ලෙස කිහිප වරක්ම හැව්ලොක් ක්‍රීඩකයින්ගෙන් පන්දුව උදුරා ගත්තේ ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කරමිනි.

34 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩකයින්ට සිය උත්සාහක දිනුම් සීමාව ආසන්නයේම Line out අවස්ථාවක් ලැබුනත් සුපුරුදු ලෙස Rolling Maul අවස්ථාවකට යන්නට ඔවුන්ට ඉඩක් ලැබුණේ නැත.

පළමු අර්ධය මහනුවර ක්‍රීඩා සමාජය 18 (2T, 1C, 2P) – 00 හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයත් ලකුණු සමඟින් ආරම්භ කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වූයේ තිළිණ විජේසිංහ නැවත වතාවත් දඬුවම් පහරක් සමඟින් ලකුණු තුනක් සොරා ගැනීමත් සමඟයි. (මහනුවර 21-00 හැව්ලොක්)

පෙර තරගයේ අත්දැකීම් ද සමඟින් නව සැලසුමකට ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩකයින් පන්දුවට පා පහර දී ඉදිරියට යාමේ උපක්‍රමයක් අනුගමනය කළ අතර ඔවුන්ගේ සෑම උපක්‍රමයක්ම සාර්ථක වූයේ අවසන් මහා තරගවල ඔවුන්ගේ අත්දැකීම් මානව පෙන්නුම් කරමිනි.

කොළඹයි නුවරයි ගැටෙන අලුත් තරගාවලියක් තිබ්බොත්?

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා රග්බි පිටිය පදනම් කරගෙන භූමිය කොටස් දෙකකට බෙදුණේ කාටත් නොදැනීය. සමාජ ආර්ථික කරුණු රාශියක්…

54 වැනි මිනිත්තුවේ සිය උත්සාහක දිනුම් රේඛාව අසලටම ගිය හැව්ලොක් ක්‍රීඩා සමාජයට අනගි ස්ක්‍රම් අවස්ථාවක් හිමි වූ අතර මිනිත්තු කිහිපයක උත්සාහයෙන් පසු 56 වැනි මිනිත්තුවේ දී සිතුම් පීරිස් පළමු හැව්ලොක් උත්සාහක දිනුම වාර්තා කළේ හැව්ලොක් බලාපොරොත්තු දල්වමිනි. රීසා අමතර ලකුණු රැස් කළේ තරගයේ උණුසුම් එක්වරම ඉහළ දමමිනි. (මහනුවර 21-07 හැව්ලොක්)

මිතුන් හපුගොඩ දෙවන අර්ධයේ කණ්ඩායමට පිවිසීමත් සමඟම හැව්ලොක් කණ්ඩායම නව ජීවයකින් තරගයට පිවිසුණේ පෙර තරගයේ දී මෙන්ම මේ තරගයේදීත් මහනුවරට හිසරදයක් වෙමිනි.

අවසාන මිනිත්තු දහය ආසන්නවත්ම මහනුවර ක්‍රීඩකයෝ තරගයේ වේගය අඩු කිරීමේ අරමුණින් කාලය කා දැමීම ආරම්භ කළ අතර 2018/19 ලීග් ශූරයින් වීමට අවම වශයෙන් ජය පරාජයෙන් තොර තරගයක් අවශ්‍ය වූ නිසා හැව්ලොක් ක්‍රීඩකයෝ වේගවත් ක්‍රීඩා රටාවක නිරත වන්නට උත්සාහක කළේ හපුගොඩ ගේ මෙහෙයවීම යටතේයි.

72 වැනි මිනිත්තුවේ දී තරගය දෙපසටම විවර කරමින් දිනුක් අමරසිංහ පිටිය කොනෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ මහනුවර ක්‍රීඩකයින් ප්‍රබල පීඩනයකට ලක් කරමිනි. රීසා මුබාරක්ගේ ප්‍රවර්තන උත්සාහය ගෝල කණු මගහැර ගියේ දශමයෙනි. ඒ දශමය හැව්ලොක් හා කුසලානය අතර පරතරය බව ඔවුන් ඒ මොහොතේ දැන සිටියේ නැත. (මහනුවර 21-12 හැව්ලොක්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

75 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායම සිය උත්සාහක දිනුම් රේඛාව අසලම දඬුවම් පහරක් ලබා ගත් අතර කෙමෙන් කෙමෙන් පන්දුව සමඟ ඉදිරියට යද්දී 79 වැනි මිනිත්තුවේ දී යාකුබ් අලීට කහ කාඩ්පතක් හිමි වූයේ හැව්ලොක් කණ්ඩායමට අවස්ථාවක් විවර කරමිනි.

හැව්ලොක් ක්‍රීඩා සමාජයට උත්සාහක දිනුමක් කරා යාමට නොදී මිනිත්තු පහකට ආසන්න කාලයක් සිය උත්සාහක දිනුම් රේඛාව අසලම සිර කර තබන්නට මහනුවර සමත් වූ අතර මිතුන් හපුගොඩ ලකුණු රැස් කළත් එය තරගයේ අවසාන මිනිත්තුව වූ බැවින් හැව්ලොක් ක්‍රීඩා සමාජයට කුසලාන බලාපොරොත්තු අත්හැර ගන්නට සිදු විය. රීසා මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 21-19 හැව්ලොක්)

ඒ අනුව ලකුණු දෙකක පරතරයෙන් මහනුවර ක්‍රීඩා සමාජය 2018/19 අන්තර් සමාජ ලීග් රග්බි ශූරයින් බවට පත්වූයේ සුපිරි තරගාවලියක් අවසානයේදීයි.

අවසාන තරගයේ වීරයා – ෂෙහාන් පතිරණ (මහනුවර)

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 21 (2T, 1C, 3P) – 19 (3T, 2C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • මහනුවර ක්‍රීඩා සමාජය – රිචඩ් ධර්මපාල (1T), නයිජල් රත්වත්ත (1T), තිළිණ විජේසිංහ (1C, 3P)
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – මිතුන් හපුගොඩ (1T),දිනුක් අමරසිංහ (1T), රීසා මුබාරක් (2C)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<