වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය අද සහ අනිද්දා

286
2016 Mercantile Volleyball Tournament

වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන “වෙළඳ සේවා වොලිබෝල් තරගාවලියේ” අවසන් මහා තරගය අද (25) සහ අනිද්දා (27) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාපිටියේදී පැවැත්වේ.

පසුගිය ලිපි: මතභේදාත්මක තරඟයේ ඇත්ත නැත්ත

සංවිධායකයින් මෙම තරගාවලියේ මූලික අරමුණු ලෙස පෙන්වා දෙන්නේ ඔවුන් සේවය කරන ආයතනයන්හි ප්‍රතිලාභ ඔවුන් අතර බෙදා දීමත්, ක්‍රීඩාශීලිත්වය සහ සමගිය ඔවුන් අතර තවත් වර්ධනය කිරීමයි.

තවද සංවිධායකයින් සදහන් කරන්නේ මෙම තරගාවලිය තුලින් ජාතික ක්‍රීඩාව තව තවත් ප්‍රචලිත කර ඒ තුළින් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය වැඩිදියුණු කරගනිමින් සේවකයින්ගේ සැඟවුණු දක්ෂතා මතුකර ගැනීමටත් හැකිවන බවයි.

පිළිගත් ජාත්‍යන්තර නීති රීති සහ රෙගුලාසි යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය, වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙන කාන්තා සහ පිරිමි ක්‍රීඩකයින් හට ලැබෙන ජාත්‍යන්තර  මට්ටමේ තරග අවස්ථාවක් ද වේ.

ශූරයින්ගේ කාණ්ඩය, සුපර් ලීග් කාණ්ඩය සහ “A” කාණ්ඩය ලෙස කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ “A” කාණ්ඩයේ කාන්තා හා පිරිමි අවසන් තරග අද (25) පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ජග්‍රහණය කරන කණ්ඩායම් සඳහා රුපියල් මිලියනයකට අධික මුදල් ත්‍යාග සහ පසුගිය වසරේ මෙන් පිරිමි අංශයේ හොඳම ක්‍රීඩකයාට වටිනා යතුරු පැදියක් ද ත්‍යාග ලෙස පිරිනැමීමට සුදානම් කර තිබේ.

සුපර් ලීග් අංශයේ පිරිමි ශූරතාවය සඳහා රු.150 000ක්, දෙවන ස්ථානය සඳහා රු.100 000ක් සහ තෙවන ස්ථානය සඳහා රු.50 000ක් හිමිවේ. එම අංශයේ කාන්තා ශූරතාවයට මුදලින් රු.100 000ක්, දෙවන ස්ථානයට රු.50 000ක් සහ තෙවන ස්ථානය සදහා රු.25 000ක් හිමිවනු ඇත.

ශූරයින්ගේ කාණ්ඩයේ පිරිමි අංශයේ ජයග්‍රාහකයින්හට මුදලින් රු.100 000ක්, දෙවන ස්ථානය සඳහා මුදලින් රු, 50 000ක් සහ තෙවන ස්ථානය සදහා රු.25 000ක මුදල් ත්‍යාගයක් හිමිවන අතර කාන්තා අංශයේ ජයග්‍රාහකයින් හට රු.80 000ක්, දෙවන තැන දිනා ගන්නා කණ්ඩායමට රු.40 000ක් සහ තෙවන ස්ථානය සඳහා මුදලින් රු.25 000ක් ද හිමිවේ.

A” කාණ්ඩයේ පිරිමි අංශයේ අවසන් තරගයේදී ජය ගන්නා කණ්ඩායමට හිමි වන්නේ        රු.20 000කි. එහි දෙවන තැන සඳහා මුදලින් රු.15 000ක්, හිමිවන අතර තුන්වන් ස්ථානය සඳහා රු.10 000ක් පිරිනැමීමට තීරණය කර තිබේ.

එම කාණ්ඩයේ කාන්තා අංශයේ අවසන් තරගය ජය ගන්නා කණ්ඩායමට රු.20 000ක් හිමි වන අතර දෙවන ස්ථානය සඳහා මුදලින් රු.15 000ක්, තෙවන ස්ථානය සඳහා රු.10 000ක්   පිරිනැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

> 25 සිකුරාදා – “A “ කාණ්ඩය (අවසන් තරග)

  • සවස 1.00 – කාන්තා “A” කාණ්ඩය

මැලිබන් ආයතනය හා ඔමේගා ලයින් ආයතනය

  • සවස 3.00- පිරිමි “A” කාණ්ඩය

කටුනායක බ්‍රැන්ඩික්ස් කණ්ඩායම හා ඩේවිව් පීරිස් කණ්ඩායම

> 27 සෙනසුරාදා – ශූරයින්ගේ කාණ්ඩය (අවසන් තරග)

  • උදෑසන 8.00 -කාන්තා අංශය

MAS Intimates Casual line හා Vogue Tex (Pvt) Ltd කණ්ඩායම

  • උදෑසන 10.00- පිරිමි අංශය

පොළොන්නරුව බ්‍රැන්ඩික්ස් කණ්ඩායම සහ Courtaulds Clothing Lanka (Pvt) Ltd කණ්ඩායම

> 27 සෙනසුරාදා – සුපර් ලීග් කාණ්ඩය අවසන් තරග

  • දහවල් 1.00- කාන්තා අංශය

Brandix Green Plant කණ්ඩායම සහ MAS Casualline කණ්ඩායම

  • සවස 3.00- පිරිමි අංශය

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කණ්ඩායම සහ කැන් රිච් ෆිනෑන්ස් කණ්ඩායම