ශ්‍රී ලංකා ප්‍රවීණයෝ විදෙස් ක්‍රීඩකයින් පරාජය කරමින් රන් 10ක් දිනයි

161

ශ්‍රී ලංකාවේ පළමු වරට සංවිධානය වූ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ රන් පදක්කම් දහයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ බැඩ්මින්ටන් කණ්ඩායම සමත් විය.

රටවල් අටක්, වයස් කාණ්ඩ 9ක් නියෝජනය කරමින් ප්‍රවීණයින් 273න් දෙනෙක් දින තුනක් පුරා පැවති මෙම තරගාවලියට සහභාගී විය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, චීනය, මැලේසියාව, චීන තායිපේ හා මැකාවු නියෝජනය කරමින් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් එක් විය. තරගාවලිය නොවැම්බර් 26 වැනිදා සිට නොවැම්බර් 28 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

Photos: Ceylon Masters Senior International Badminton Championship – Day 2

ThePapare.com | Waruna Lakmal | 27/11/2018 | Editing and re-using images without…..

ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා රන් පදක්කමක් තුනක් දිනා ගත්තේ එක් කේවල ඉසව්වකින් හා යුගල ඉසව් දෙකකිනි. වයස අවුරුදු 55න් ඉහළ කේවල ඉසව්වේ අවසන් මහා තරගයෙන් නේපාලයේ බිශ්නු ලාල් ශේස්ත්‍ර තියුණු වට තුනකින් පරාජය කළ ඔහු සිය කේවල පදක්කම දිනා ගන්නා ලදි. රොහාන් ද සිල්වාගේ යුගල පදක්කම් දෙක ඔහුට හිමි වුණේ වයස අවුරුදු 55ට ඉහළ පිරිමි යුගල ඉසව්වෙන් හා 65ට ඉහළ පිරිමි යුගල ඉසව්වෙනි. පිළිවෙළින් එර්ටාන්ටෝ කුරිනිවාන් සහ ෆ්‍රිට්ස් මෙයිනකේ ඔහුගේ සගයින් විය.

ඉන්දුනීසියාවේ මුහම්මද් හා එක්වූ අමිල කුමාර යටපන වයස අවුරුදු 35න් ඉහළ පිරිමි යුගල ඉසව්වේ ජය දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ ජූඩ් ජෝන් හා හේමන්ත කොඩිතුවක්කු පරාජය කරමිනි. අවසන් ලකුණු තත්වය දැක්වුණේ 15-13ක් හා 15-9ක් ලෙසයි.

චන්ද්‍රිකා ද සිල්වා සමඟින් ද එක්වූ මුහම්මද් වයස අවුරුදු 35ට ඉහළ මිශ්‍ර යුගල ඉසව්ව ජය ගැනීමට සමත් විය. ඔවුන් හමුවේ ලකුණු 15-08ක්, 15-13ක් ලෙස පරාජය වූයේ ඉන්දුනීසියානු හා ඉන්දියානු තරගකරුවන් දෙදෙනෙකි.

කෞශාලි දිසානායක හා එක්වූ ඉන්දුනීසියාවේ මර්ලෙව් මාරියෝ වයස අවුරුදු 45ට වැඩි මිශ්‍ර යුගල ඉසව්ව ජය ගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යුගලයක් පරාජය කරමිනි.

ශ්‍රී ලංකාවේ විජයලක්ෂ්මි පුංචිහේවා සහ ඉන්දුනීසියාවේ ආර්නෝල්ඩ් ඩේන්ඩේන්ග් වයස අවුරුදු 60ට ඉහළ හා 65ට ඉහළ මිශ්‍ර යුගල ඉසව්වන් ජය ගත්තේ හොංකොං හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙක් පරාජය කරමිනි.  

නිරෝෂාන් විජේකෝන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන කේවල රන් පදක්කම දිනා ගත්තේ පිරිමි වයස අවුරුදු 50ට ඉහළ කාණ්ඩයෙනි. ඔහු හමුවේ ලකුණු 15-08ක්, 15-04ක් ලෙස පරාජය වූයේ ඉන්දියාවේ මාරන් තංගවේලු ය.   

ශ්‍රියානි දීපිකා පීරිස් කාන්තා වයස අවුරුදු 50 හා 55න් ඉහළ ඒකාබද්ධ ඉසව්ව ජය ගත්තේ ඉන්දියාවේ සංගීතා රාජගෝපාල් පරාජය කරමිනි. අවසන් ලකුණු තත්වය දැක්වුණේ 15-13ක්, 15-13ක් ලෙසයි.  

පිරිමි වයස අවුරුදු 45ට ඉහළ යුගල අවසන් මහා තරගය ක්ලැරන්ස් හෝමර්

හා අජිත් ජයවර්ධන ජය ගත්තේ ජානක ද සිල්වා හා දුමින්ද ජයකොඩි ලකුණු 15-10ක්, 15-10ක් ලෙස පරාජය කරමිනි.

Photos : Ceylon Masters Senior International Badminton Championship 2018 – Day 1

ThePapare.com | Hiran Chandika | 27/11/2018 Editing and re-using images without….

අනෙක් වයස් කාණ්ඩ අතුරින් ඉන්දියාව රන් පදක්කම් හතක්, ඉන්දුනීසියාව රන් පදක්කම් නවයක් හා මලයාසියාව, චීනය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය එක් රන් පදක්කම බැගින් දිනා ගන්නා ලදි.

“මම හිතනවා අපි මෙම තරගාවලිය ඉතා ඉහළ තලයට රැගෙන ගියා, ක්‍රීඩකයින් 300ක් පමණ තරගාවලියට එක්වුණා, අපිට විශිෂ්ට ප්‍රතිචාර ලැබුණා, විශේෂයෙන්ම ඉන්දීය ක්‍රීඩකයින්ගෙන්, ඔවුන් ශ්‍රී ලංකාවට ගොඩක් ආදරය කළා, මම හිතනවා ලබන වසරේ තරගකරුවන් 600ක් පමණ මෙම තරගාවලියට සහභාගී වේවි.” ක්ලැරන්ස් හෝමර් තරගාවලියේ සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <