2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (09) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ඉන්දියාව හා නවසීලන්තය අද පළමු අවසන් පූර්ව තරගයට සහභාගි වේ. එංගලන්තය ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගය එළඹෙන 11 වැනිදා පැවැත්වෙනු ඇත.
පිතිකරුවන්ට මෙන්ම පන්දුයවන්නන්ට ද එකසේ හිතකර තරගාවලියක් වූ මෙවර ලෝක කුසලානයේ අවසන් තරග සඳහා සහභාගී වන ප්‍රබලයෝ කවුද?
මාලිංග, අවිශ්ක, මැතිව්ස් ඉස්සරහට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ක්‍රිකට් ශ්‍රේණිගත ………
වෝනර්ගේ ආගමනය

තම ආගමනය ලොවටම දැනෙන එකක් බවට පත්කිරීමට වෝනර් මේ වන විටත් සමත්ව ඇත. ප්‍රවේගකාරී වමත් ආරම්භක පිතිකරුවෙක් වන වෝනර් තරගාවලිය තුල ශතක තුනක් වාර්තා කර ඇති අතර ඒ අතරින් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කළ ලකුණු 166 කැපී පෙනේ.
තම ප්‍රවේගකාරී පිතිහරඹය උපයෝගී කර ගනිමින් ඇහිපිල්ලක සැණින් තරගය වෙනස් කළ හැකි වෝනර් මෙම අවසන් පූර්ව වටයේ දී ප්‍රතිවාදී කණ්ඩායම්වලට භයානක හීනයක් වනු ඇත.
ස්ටාක් භීතිකාව

නවසීලන්තයට එරෙහිව ස්ටාක් ලබා ගත් කඩුලු 5 ක්‍රීඩාලෝලීන්ට පාකිස්තානයේ වසීම් අක්‍රම් මතක් කර දුන්නේය. ස්ටාක්ගේ එංගලන්තය සමඟ පැවති තරගයේ දී බෙන් ස්ටෝක්ස් දවා ගත් Inswing යෝකර් පන්දුව ‘තරගාවලියේ පන්දුව – ball of the tournament’ ලෙස බොහෝ දෙනා හැඳින්විය. හිටපු එංගලන්ත නායක ග්‍රහැම් ගූච් ඕස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයේ ඉඩ වෙන්කර දුන් ස්ටාක්ගේ කඩුලු 4 පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ ස්ටාක් යනු තරග දිනවන්නෙකු බවයි.
ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග නිලධාරීන් නම් කරයි
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ……
නායකත්ව වගකීම් හා විලියම්සන්

එක්දින තරග 147ක් තුල දී ලකුණු 47කට වැඩි සාමාන්‍යයක් රඳවා ගෙන ඇති විලියම්සන් කොදෙව් කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 148 ‘ශ්‍රේෂ්ඨ’ ඉනිමක් බව හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් පවසා ඇත.
නවසීලන්තය අවසන් තරග තුනම පරාජය වී ඇති අතර අවසන් පූර්ව තරගය විජයග්‍රහණය කිරීමේ අභියෝගය කේන් විලියම්සන් බාරගන්නා ආකාරය බැලිය යුතුම තරගයක් වනු ඇත.
ප්‍රවේගකාරී බෙයාස්ටෝව්

එංගලන්තය ලැබූ පරාජයන් කිහිපයකින් පසුව එංගලන්තය පරාජය වන තුරු සියලු දෙනා බලා සිටින බව බෙයාස්ටෝව් සමාජ මාධ්‍ය ඔස්සේ පැවසීම බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.
නමුත් තමන් පරාජය නොවන බව ඔප්පු කිරීමට බෙයාස්ටෝව් සමත් වූයේ ශතක දෙකක් ලබා ගනිමිනි. නවසීලන්ත වේගපන්දු යවන්නන්ට දිගින් දිගටම පහර දුන් බෙයාස්ටෝව් දවා ගැනීම ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වනු නොඅනුමානය.
කෝලි – විලියම්සන් ද්වන්ද සටන ගැන කෝලිගෙන් අදහසක්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි වරෙක ……..
නොනවතින ශර්මා

ලකුණු ලබා ගැනීමේ වේගය හා ප්‍රවේගකාරී පිතිහරඹය ශර්මා නොනැවැත්විය හැකි පිතිකරුවෙකු බවට පත්කර ඇත. ලකුණු සාමාන්‍ය 92කට වැඩි අගයක පවත්වා ගෙන සිටින ශර්මා තරග 9ක දී ලකුණු 647ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත.
ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතක තුනකට හිමිකම් කියන ශර්මා ප්‍රතිවාදීන්ගේ ප්‍රබලතම අභියෝගය වනු ඇත.
අදින් (09) ආරම්භ වන ලෝක කුසලාන අවසන් පූර්ව තරග අන් කවරදාකටත් වඩා තරගකාරී වන බව නම් නොඅනුමානය.
2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















