ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අද (12) පැවැති තරග අතුරින් Team Green ක්‍රීඩිකාවෝ පහසුවෙන් ම Team Red කණ්ඩායමට පරාජයට පත් කළා.
මේ අතර පැවැති Team Blues සහ Team Greys අතර වූ අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් අතර මඟ අතහැර දැමුණා.
Team Red සහ Team Green අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් Green කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 116ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Red කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 72ක් පමණයි. ඒ අනුව Team Green ක්‍රීඩිකාවෝ Team Red ක්‍රීඩිකාවන්ට එරෙහි ව ලකුණු 44ක ජයග්‍රහණයක් වාර්තා කරනවා. එය ඔවුන් මෙම තරගාවලියේ ලත් 2 වැනි ජයග්‍රහණයයි. ඔවුන් මෙම ජයග්‍රහණ ද්විත්වය ම වාර්තා කරන්නේ Red කණ්ඩායමට එරෙහි ව වීම විශේෂත්වයක්.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Green කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා හසිනි පෙරේරා. ඇය පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා.
ඇය 2 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී 1 වැනි කඩුල්ල වෙනුවෙන් පියුමි වත්සලා (5) සමඟ පන්දු 31ක දී ලකුණු 33ක සබඳතාවක් ද සහ 2 වැනි කඩුල්ල වෙනුවෙන් රශ්මි නේත්‍රාංජලී සමඟ පන්දු 44ක දී ලකුණු 38ක සබඳතාවක් ද ගොඩ නැගුවා.
එහි දී රශ්මි නේත්‍රාංජලී පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගන්නවා. ඊට අමතර ව නිලක්ෂිකා සිල්වා ද පන්දු 14ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චමෝදි ප්‍රබෝධා සහ ලිමංසා තිලකරත්න කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව ශෂිනි ගිම්හානි සහ චමෝදි හේරත් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Red කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ නෙතඟි ඉසුරාංජලී. ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තා.
ඊට අමතර ව රශ්මිකා සෙව්වන්දි (13) සහ ලිමංසා තිලකරත්න (12) ඉලක්කම් දෙකේ ලකුණු අතරට පිවිසි අතර අනෙක් කිසිඳු ක්‍රීඩිකාවකට එම අවස්ථාව උදා වූයේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී උදේශිකා ප්‍රබෝධනී සහ කාව්‍යා කාවින්දි කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව මල්ශා ශෙහානි, නිමාෂා මදුශානි, ඔෂදී රණසිංහ සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- TeamGreen – කඩුලු 6ක් දැවී 116 (20.0)හසිනි පෙරේරා 44, රශ්මි නේත්‍රාංජලී 15, නිලක්ෂිකා සිල්වා 15, චමෝදි ප්‍රබෝධා 2/18, ලිමංසා තිලකරත්න 2/31
- Team Red – කඩුලු 9ක් දැවී 72 (20.0)නෙතඟි ඉසුරාංජලී 14, උදේශිකා ප්‍රබෝධනී 2/07, කාව්‍යා කාවින්දි 2/11
Green කණ්ඩායමට ලකුණු 44ක ජයක්.
- විට්නි සහ රන්දිගේ දක්ෂතා පළමු දිනයේ ම අවධානයට ලක් වෙයි
- NSL කාන්තා T20 සටන සක්‍රීය වෙයි
- ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අමතර විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීමේ සැලසුමක්
- වරුන් ඉමේෂාන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී
Team Blues සහ Team Greys අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Team Blues කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 93ක් ලබා ගන්නවා. ඒ පන්දුවාර 14.3ක දී.
එම අවස්ථාවේ කඩා වැටුණ වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලික නතර කරන ලද අතර නැවත තරගය පැවැත්වීමට තරම් වාතාවරණයක් උදා වෙන්නේ නැහැ. ඒ හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් වෙනවා.
එතෙක් නිමා වූ එම ඉනිමේ දී නායිකා හර්ෂිතා සමරවික්‍රම පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් ඉනිමේ වැඩි ම ලකුණුලාභිනිය බවට පත් වුණා.
ඊට අමතර ව චමරි අතපත්තු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද සහ ශයනි සේනාරත්න පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 9කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ඉනෝෂි ප්‍රනාන්දු, හිරුණිකා නිවර්ථනී සහ සඳුනි නිසංසලා කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Team Blues – කඩුලු 5ක් දැවී 93 (14.3)චමරි අතපත්තු 29, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 31, ශයනි සේනාරත්න 20, කවීෂා දිල්හාරි 2/09
තරගයේ විසඳුමක් නෑ.
තරගාවලියේ මිළඟ තරග ජනවාරි මස 14 වැනිදා කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී Team Red සහ Team Greys අතර තරගයත්, Team Blues සහ Team Green අතර තරගයත් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















