WATCH – රමේෂ් සුපිරි දස්කම් අතරට; ඇඹුල්දෙණියගෙන් මැජික් පන්දුවක් – #SLvWI – 2nd Test Day 03 Cricketry

1000
සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද (1) ගාල්ලේ දී නිමා වුනා. තරගයේ තෙවන දිනය නිමා වන විට, සිය පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ලබාගෙන සිටින්නේ කොදෙව් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 3ක් පසුපසින් සිටිමින්. මේ තෙවන දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහන.