මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරන CAVA Nations කුසලාන වොලිබෝල් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර (27) බංග්ලාදේශයේ Dhaka හි දී පැවැති තරගයෙන් තරග වට 3-0ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුණා.
ඒ සමඟින් ඔවුන් තරගාවලියේ පළමු වටය අවසන් කරන ලද අතර අද (28) තරගාවලියේ අවසන් වටය ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම තරගයේ පළමු වටයේ තරගය ආරම්භක අවස්ථාවේ සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නේපාලයට වඩා ඉදිරියෙන් පසුවීමට සමත් වූවා. ඒ ලෙසින් ගිය තරගයේ ලකුණු තත්ත්වය 7-3ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරියෙන් පසුවෙද්දී වෙද්දී පළමු විවේක කාලය ප්‍රතිවාදීන් විසින් ලබා ගන්නවා.
එහෙත් එතැන් සිට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශය වලක්කවා ගැනීමට නේපාල ක්‍රීඩකයන්ට හැකි වෙන්නේ නැහැ. නැවත ලකුණු තත්ත්වය 17-11ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වෙද්දී නේපාලය තවත් විවේක කාලයක් ලබා ගන්නවා. ඉන් අනතුරු ව ලකුණු තත්ත්වය 24-18ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරියෙන් පසු වෙද්දී ශ්‍රි ලංකාව විසින් ම විවේක කාලයක් ලබා ගන්නා ලද අතර ඒ සමඟින් පැවැති පළමු අවස්ථාවේ ම ලකුණක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව තරගය 25-18ක් ලෙසින් ජයග්‍රහණය වාර්තා කරමින් අවසන් කරනවා.
- ශ්‍රී ලංකාව 3-0කින් මාලදිවයින පරාජය කරයි
- ශ්‍රී ලංකාව තවත් රන් පදක්කම් හතරක් කරා!
- ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය පරාජය කරයි
- දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාව වෙනුවෙන් යන ශ්‍රී ලංකා කණ්ඩායම
- CAVA වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවත් සහභාගී වේ
ලත් පරාජයත් සමඟින් දෙවැනි වටයේ දී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නේපාල ක්‍රීඩකයෝ සමත් වීම කැපි පෙණුනා. ඔවුන් ලකුණු7ක් දක්වා ම ඉදිරියෙන් සිටි අතර එම ලකුණේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ද ඒ පසු පස හඹා යමින් ලකුණු තත්ත්වය සම තත්ත්වයට ගෙන ඒමට සමත් වෙනවා.
ඉන් අනතුරු ව ලකුණු තත්ත්වය 16-10ක් බවට පත් වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරියෙන් පසුවෙද්දී, නේපාලය එම වටයේ පළමු විවේක කාලය ලබා ගන්නවා. එහෙත් එතැන් සිට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම රිද්මය දිගින් දිගට ම පවත්වාගෙන යෑමට සමත් වෙනවා. එලෙසින් ගිය තරගය අවසන් වෙන්නේ 25-17ක් ලෙසින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වෙමිනුයි.
තරගයේ තීරණාත්මක වටයේ දී ප්‍රතිවාදීන් හමුවේ තරමක් පසු බැසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වූවා. එසේ වූ තරගය පෙර වටයේ දී සේ ම ලකුණු 7 දී සම තත්ත්වයට පත් වෙනවා.
ඉන් අනතුරු ව තවත් ලකුණු ද්විත්වයක් දෙපිල අතර සම ව බෙදී ගිය අතර ලකුණු තත්ත්වයට 12-9ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වෙද්දී නේපාලය විසින් පළමු විවේක කාලය ලබා ගන්නවා.
නැවත ලකුණු තත්ත්වය 17-11ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරියෙන් පසු වෙද්දී නේපාලය 2 වැනි විවේක කාලය ද ලබා ගන්නවා. එතැනින් පසුව ද ශ්‍රී ලංකා කණ්ඩායමේ රිද්මයට හානි කිරීමට නේපාල ක්‍රීඩකයන්ට හැකි වෙන්නේ නැහැ. එලෙසින් ගිය එම තරග වටය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් කරන්නේ ලකුණු 25-20ක් ලෙසින් ජයග්‍රහණය කරමිනුයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















