යුරෝපා පාපන්දු පිටියේ ක්‍රීඩකයෙකුට ලැබෙන ඉහළම සම්මානය වන UEFA වසරේ ක්‍රීඩකයා සම්මානය 2019 වසර සඳහා තමන් සතු කර ගන්නට ලිවර්පූල් ආරක්ෂක ක්‍රීඩක Virgil van Dijk ඊයේ සමත් වුනා. එම සම්මානය සඳහා සුපිරි ක්‍රීඩකයින් වන ලයනල් මෙසී හා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද තරග කිරීම විශේෂත්වයක්.
Video – ඇද වැටුණු පාපන්දු දැවැන්තයින් අළු මතින් නැගිටියි | Football ලෝකය
සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී නොමැති වුනත් Griezmann …….
ඒ අනුව Virgil van Dijk, යුරෝපයේ ඉහළම ගෞරවය වන UEFA වසරේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත් පළමු ආරක්ෂක ක්‍රීඩකයා, පළමු එංගලන්ත ප්‍රිමියර් ලීග් ක්‍රීඩකයා මෙන්ම පළමු නෙදර්ලන්ත ක්‍රීඩකයා බවට ද පත්වුනා.
Messi 2011 වසරේ දී හා 2015 වසරේ දී එම සම්මානය දිනා ගත් අතර Ronaldo 2014, 2016 හා 2017 වසරවල දී එම ගෞරවය දිනා ගත්තා. ඔවුන් දෙදෙනා හැරුණු කොට 2012 වසරේ දී Andrés Iniesta, 2013 වසරේ Franck Ribery හා පසුගිය වසරේ දී Luka Modric එම සම්මානය ජයග්‍රහණය කර තිබෙනවා.
Tottenham කණ්ඩායම ගෝල 1–0ක් ලෙස පරාජය කරමින් Liverpool කණ්ඩායම 2019 UEFA ශූරයින්ගේ ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගත් අතර එම තරගයේ වීරයා වූයේ Virgil van Dijk වීම විශේෂත්වයක්.

18 හැවිරිදි van Dijk පාපන්දු ක්‍රීඩාව ආරම්භ කළේ නෙදර්ලන්තයේ Groningen හිදියි. පසුව ඔහු Celtic කණ්ඩායමට ක්‍රීඩා කළ අතර 2015 වසරේ එංගලන්තයේ Southampton කණ්ඩායමට ද ක්‍රීඩා කළා.
2018 වසරේ දී ලිවර්පූල් කණ්ඩායම van Dijk තමන් සතු කර ගත්තේ ආරක්ෂක ක්‍රීඩකයෙකුට ගෙවුණු වැඩිම මුදලක් වුණු ඩොලර් මිලියන 90ක් van Dijk වෙනුවෙන් වියදම් කරමින්.
වසරේ ගෝල රකින්නා

වසරේ ආරක්ෂක ක්‍රීඩකයා
Van Dijk ඊයේ සම්මාන ද්විත්වයක්ම සිය නිවසට රැගෙන යන්නට සමත් වුනා. ඒ වසරේ හොඳම ක්‍රීඩකයා මෙන්ම වසරේ හොඳම ආරක්ෂක ක්‍රීඩකයා බවට ද පත් වෙමින්. රියාල් මැඩ්රිඩ් නායක Sergio Ramos 2017 හා 2018 වසරවල දී එම සම්මානය දිනා ගත් අතර ඒ අනුව Ramosට සම්මාන ත්‍රිත්වයක් ලබා ගැනීමට තිබුණු අවස්ථාව ගිලිහී ගියා.
මෙම සම්මානයට Van Dijkගේ නෙදර්ලන්ත සගයෙකු වන Juve කණ්ඩායමේ Matthijs de Ligt හා ඔහුගේ Liverpool සගයෙකු වන Trent Alexander-Arnold ද තරග කිරීම විශේෂත්වයක්.
වසරේ මැදපෙළ ක්‍රීඩකයා

පසුගිය වසර දෙකේම මෙම සම්මානය දිනා ගත්තේ Luka Modric වීම විශේෂත්වයක්.
වසරේ ඉදිරිපෙළ ක්‍රීඩකයා

වසරේ ක්‍රීඩිකාව

වසර හතක ඉතිහාසයේ මෙම සම්මානයට නාමයෝජනා ලැබූ එකම එංගලන්ත ක්‍රීඩිකාව වන Lucy Bronze මේ වසරේ දී වසරේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය එංගලන්තයට රැගෙන යන්නට සමත් වුනා.
- Lucy Bronze (Lyon හා England)
- Ada Hegerberg (Lyon)
- Amandine Henry (Lyon හා France)
Ada Hegerberg පසුගිය වසරේදීත් මෙම සම්මානයේ දෙවන ස්ථානයට පත් වූ නමුත් ඇය පසුගිය වසරේ පළමු කාන්තා Ballon d’Or Féminin සම්මානය දිනා ගත්තා.
පසුගිය වසරේ UEFA වසරේ ක්‍රීඩිකාව බවට පත් වුනේ ඩෙන්මාර්ක් හා වුල්ෆ්බර්ග් ක්‍රීඩිකාවක් වන Pernille Harder.
ප්‍රංශයේ Amandine Henry අවසන් නාමයෝජනා තුනට පිවිසුණේ අඛණ්ඩව තෙවන වසරටයි.
Lewandowski සැණකෙළි පෙන්වද්දී මැන්චෙස්ටර් යුනයිටඩ් ඇද වැටේ!
එංගලන්ත ප්‍රිමියර් ලීග් තෙවැනි සති අන්තය මෙන්ම ……….
යුරෝපා ලීග් වසරේ ක්‍රීඩකයා
යුරෝපා ලීග් වසරේ ක්‍රීඩකයා සම්මානය සිකුරාදා නිවේදනය කිරීමට නියමිතයි. Eden Hazard එම සම්මානය සඳහා ඉදිරියෙන්ම සිටීම විශේෂත්වයක්. Hazard සමඟ Olivier Giroud හා Luka Jovic එම සම්මානය සඳහා තරග කරනවා.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<






















