කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැති වයස අවුරුදු 19න් පහළ තෙදින ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් වූව ද එහි පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් වෙනවා.
අඹේපුස්ස යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව රාජකීය විද්‍යාලය සතු කළා.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 331ක් ලබා ගන්නවා. එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ත්‍රිත්වයක් එක් කිරීමට හිරුන් ලියනාරච්චි, තෙවිඳු වේවැල්වල සහ උදන්ත ගන්ගෙවත්ත සමත් වෙනවා.
ආරම්භක පිතිකරු හිරුන් ලියනාරච්චි පන්දු 151කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා. ඔහු පළමු කඩුල්ල වෙනුවෙන් රෙහාන් පීරිස් (37) සමඟ එක් වෙමින් ලකුණු 95ක සබඳතාවක් ද ගොඩ නගනවා.
අනතුරු ව තෙවිඳු වේවැල්වල පන්දු 175කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 78ක් ලබා ගන්නවා. එය එම ඉනිමේ පිතිකරුවෙක් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. ඊට අමතර ව ඔහු උදන්ත ගංගෙවත්ත සමඟ 8 වැනි කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් ද ගොඩ නගනවා.
උදන්ත ගංගෙවත්ත අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 151කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මලිත් රත්නායක ලකුණු 90කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව තිසල් යාපා සහ චනිරු සේනාරත්න කඩුලු ද්විත්වය බැගින් ද රනුල් ගුණරත්න කඩුල්ලක් ද දවා ගත්තා.
- 17s සංග්‍රාමයේ අංකුර දක්ෂතා
- යාපනය ජාත්‍යන්තර ක්රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි
- මදුශංක සිම්බාබ්වේ කණ්ඩායම අමාරුවේ දමයි
- 17න් පහළ Youth ශූරතාව Colombo North කණ්ඩායමට
- අරෝෂ් සිතුමිණ ශතකලාභී ලැයිස්තුව ආරම්භ කරයි
දැවැන්ත ලකුණු පුවරුවක් හඹා යෑමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 212ක් පමණක් පමණයි. එම ඉනිම වරෙක කඩුලු 6කට ලකුණු 203ක් ව තිබුණ ද එතැන් සිට අනෙකුත් කඩුලු 4 ලකුණු 9ක් තුළ දවා ගැනීමට රාජකීය පන්දු යවන්නෝ සමත් වෙනවා.
කඩුලු දවා ගැනීමේ දී රනුක මලවිආරච්චි ලකුණු 70කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සෙහඳු සූරියආරච්චි කඩුලු 2ක් ද, තරුල් අමපෙමොහොට්ටි, දුශේන් උඩවෙල සහ සන්දුල් අබේවර්ධන කඩුල්ල බැගින් ද දවා ගත්තා.
ත්‍රිත්ව ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ මාලික විතානගේ. හුදකලා ඉනිමක නිතර වූ ඔහු ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 203කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 95ක් ලබා ගත්තා.
ඊට අමතර ව විතිල උදාර පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.
- කමිඳුගෙන් ජයග්‍රාහී ඉනිමක්
- පරාජිත තරගයට කවිජගෙන් ශතකයක්
- අගනුවර ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට
- එංගලන්ත ක්රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සූදානම් වෙයි
- හිවින් කෙනුල කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී
ලකුණු 119ක් ද අතැතිව දෙවැනි ඉනිමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 128ක් ලබා සිටියා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ ඉසුල ගීගනගේ. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තා.
ඊට අමතර ව හිරුන් ලියනාරච්චි පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් ද සමඟින් ලකුණු 31ක් ද සහ දුශේන් උඩවෙල පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ඩිනාල් ප්‍රනාන්දු, වතිල උදාර සහ මලිත් රත්නායක කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 331 (117.5) හිරුන් ලියනාරච්චි 67, රෙහාන් පීරිස් 37, සෙහඳු සූරියආරච්චි 25, තෙවිඳු වේවැල්වල 78, උදන්ත ගංගෙවත්ත 60, තිසල් යාපා 2/46, මලිත් රත්නායක 5/90, චනිු සේනාරත්න 2/82
ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 212 (85.2) නෙතිල් සේනානායක 21, මාලික විතානගේ 95, වතිල උදාර 39, රනුක මලවිආරච්චි 2/27
රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 128 (42.0) හිරුන් ලියනආරච්චි 31, දුශේන් උඩවෙල 30, ඉසුල ගීගනගේ නොදැවී 38, යසිඳු දිසානායක නොදැවී 19
තරගයේ විසඳුමක් නෑ. (රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<