ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා අසුන් වෙන්කර ගැනීමට ගැනීමට Kandy කණ්ඩායම, Galle කණ්ඩායම, Colombo North කණ්ඩායම සහ Colombo South සමත් වෙනවා.
පෙර දින (26) පැවැති තරගවල දී මෙම කණ්ඩායම් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගවලට සහභාගී වූ අතර ඒ වෙද්දීත් ඔවුන් මෙම කඩඉමට පිවිස තිබුණා.
නිමා වූ තරගවල දී Kandy කණ්ඩායමේ චනුල් කොඩිතුවක්කු Galle කණ්ඩායමට එරෙහි ව තුන් ඉරියව් දක්ෂතා දැක් වීම කැපී පෙණුනා.
Kandy U 17s කණ්ඩායම සහ Galle U 17s කණ්ඩායම අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kandy U 17s කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් සියලුම දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Galle U 17s කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 161ක් පමණයි.
ඒ අනුව එම තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Kandy U 17s කණ්ඩායම සමත් වෙනවා.
Kandy U 17s කණ්ඩායම
දිනුල් විජේසිංහ (නායක සහ කඩුලු රකින්නා), යෙනුල හේවාවිතාරණ, චනුල් කොඩිතුවක්කු, ගවේෂ් පූර්ණ, සනිතු ගුණතිලක, පියුමක කරුණාරත්න, ප්‍රවීන් ගමගේ, ජයෝද්‍ය කඩිගමුව, සංචන සචින්ද්‍ර, දිල්මිත් විමෝෂ් සහ කෙනුල පිහිලියංග.
Galle U 17s කණ්ඩායම
අරෝෂ් සිතුමිණ (නායක), පුල්ජිත් වත්සුක, සෙහස් අශිංසන, විමුක්ති හේරත්, චමෝද් මිහිරංග (කඩුලු රකින්නා), මානිත රාජපක්ෂ, කවික මදුශංක, තියොන් හේලික, ප්‍රවීන් මදුශංක, ලතින්ද්‍ර ආකාශ් සහ රුමේෂ් පීරිස්.
පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy U 17s කණ්ඩායම තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එහි දී යෙනුල හේවාවිතාරණ සහ චනුල් කොඩිතුවක්කු එක් ව පළමු කඩුල්ලට පන්දු 92ක දී ලකුණු 65ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ යෙනුල හේවාවිතාරණ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.
චනුල් කොඩිතුවක්කු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 62ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දු 73කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 11ක් ද එක් කරගන්නවා. ඉනිමේ සිවු වැනි කඩුල්ල ලෙසින් චනුල් කොඩිතුවක්කු දැවී යද්දී 3 වැනි කඩුල්ලට දිනුල් විජේසිංහ හා එක් ව පන්දු 48ක දී ලකුණු 49ක සබඳතාවක් ද එක් කළා.
Kandy U 17s ඉනිම අවසන් වෙද්දී දිල්මිත් විමෝෂ් පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී රුමේන් පීරිස්, ප්‍රවීන් මනීශාන්, කවික මදුශංක සහ තියෝන් හේලික කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව මානිත රාජපක්ෂට ද කඩුල්ලක් හිමි වුණා.
Galle U 17s පිළිතුරු ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 6 දැවී යද්දී ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 66ක් ලෙසයි.
අනතුරු ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් මානිත රාජපක්ෂ සහ තියෝන් හේලික එක් ව පන්දු 74ක දී ලකුණු 70ක් ලබා ගනිමින් Galle U 17s කණ්ඩායමකට යම් ජීවයක් එක් කරනවා. එහි දී මානිත රාජපක්ෂ පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
අනතුරු ව 8 වැනි කඩුල්ල ලෙසින් තියෝන් හේලික දැවී යද්දී පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ජයෝද්‍ය කඩුගමුව ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වුණා. ඊට අමතර ව චනුල් කොඩිතුවක්කු කඩුලු 3ක් ද, කෙනුල පිහිලියංග කඩුලු 2ක් ද සහ දිල්මිත් විමෝෂ් කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Kandy U 17s කණ්ඩායම – සියලුම දෙනා දැවී 204 (46.0) යෙනුල හේවාවිතාරණ 23, චනුල් කොඩිතුවක්කු 62, දිනුල් විජේසිංහ 21, ජයෝද්‍ය කඩිගමුව 21, දිල්මිත් විමෝක්ෂ නොදැවී 24, රුමේන් පීරිස් 2/18, තියෝන් හේලික 2/44, කවික මදුශංක 2/36, ප්‍රවීන් මදුශංක 2/33
Galle U 17s කණ්ඩායම – සියලුම දෙනා දැවී 161 (38.5) මානිත රාජපක්ෂ 38, තියෝන් හේලික 37, චනුල් කොඩිතුවක්කු 3/28, කෙනුල පිහිලියංග 2/23, ජයෝද්‍ය කඩිගමුව 4/30
Kandy U 17s කණ්ඩායමට ලකුණු 43ක ජයක්.
- 15න් පහළ ශූරතාව සාන්ත ජෝසප්වරුන්ට
- කොදෙව් යන යොවුන් බලඇණිය නම් කරයි
- Galle ක්‍රීඩකයෝ අර්ධ ශතක ත්‍රිත්වයක් සමඟ නැගිටියි
- රත්ගම දේවපතිරාජයන් 17න් පහළ ශූරතාව දිනා ගනී
- 23න් පහළ පළමු දිනයට ශතක වැස්සක්
Colombo North U 17s කණ්ඩායම සහ Colombo South U 17s කණ්ඩායම අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo South U 17s ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 155ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Colombo North කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 158ක් ලබා ගනිමින් තරග ජයග්‍රහණය කරනවා.
Colombo South කණ්ඩායම
රෙහාන් පීරිස් (නායක), සීමන් අනුහස් (කඩුලු රකින්නා), රුසඳු සිල්වා, ජනිරු ඇතුලත්මුදලි, චමත් වෙල්ලාලගේ, තෙවිඳු වේවැල්වල, හිමරු දේශාන්, ගිම්හාන් මෙන්ඩිස්, සවිඳු අබේවර්ධන, තාරුක සමන්ජිත සහ චනිතු කංකානම්ගේ.
Colombo North U 17s කණ්ඩායම
ලිතුම් සෙනුජ (නායක), කවිශ්ක තිලකරත්න, කවිත් ද සිල්වා, සන්තුල් විජේරත්න, මිහින් සොයිසා, සනුල් වීරරත්න, ශවීන් පෙරේරා, දුමීන් ලියනාරච්චි (කඩුලු රකින්නා)ථ ලහිරු ලක්මාල්, පංචම ජයවික්‍රම සහ මිනුග නෙත්සර.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ Colombo South U 17s කණ්ඩායම් ඉනිමේ පළමු කඩුල්ලට පන්දු 74ක දී ලකුණු 81ක සබඳතාවක් එක් කරමින් ආරම්භ කිරීමට නායක රෙහාන් පීරිස් සහ සීමන් අනුහස් සමත් වෙනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ රෙහාන් පීරිස් ගේ දැවී යෑමත් සමඟිනුයි. එහි දී ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 33ක් සිටියා. අනතුරු ව සීමන් අනුහස් ද 2 වැනි කඩුල්ල ලෙසින් දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
ඊට අමතර ව ගිම්හාන් මෙන්ඩිස් (14), හිමරු දේශාන් (10) සහ තෙවිඳු වේවැල්වල (10) ලකුණු අතර සිටි අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට හැකි වෙන්නේ නැහැ.
කඩුලු ලබා ගැනීමේ දී ශවීන් පෙරේරා ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව කවීශ්ක තිලකරත්න සහ මිනුග නෙත්සර කඩුලු 2ක් බැගින් ද සහ ලිතුම් සෙනුජ සහ පංචම ජයවික්‍රම කඩුල්ල බැගින් දවා ගන්නා ලදි.
හඹාගිය Colombo North U 17s ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 15ක් වෙද්දී දැවී ගිය ද 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 92ක දී ලකුණු 68ක සබඳතාවක් එක් කිරීමට මිහින් සොයිසා සහ කවිත් ද සිල්වා සමත් වෙනවා.
මිහින් සොයිසා පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
අනතුරු ව කවිත් ද සිල්වා ට එක් වෙන්නේ සනුල් වීරරත්න. ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 37ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳවැටෙද්දී කවිත් ද සිල්වා පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියා.
සනුල් වීරරත්න 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා සිටි අතර ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව තවත් කඩුලු ද්විත්වයක් ලකුණු 2ක් තුල දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වෙනවා.
එපමණකින් කඩුලු පූජාව නතර කරන ගන්නා Colombo North U 17s ක්‍රීඩකයෝ තරගයේ තවත් පන්දු 73ක් සහ කඩුලු 3ක් ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණය කරන විට දුමීන් ලියනාරච්චි (9) සහ ලහිරු ලක්මාල් (6) නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ගිම්හාන් මෙන්ඩිස් කඩුලු ද්විත්වයක් දවා ගත් අතර ඊට අමතර ව සවිඳු අබේවර්ධන, චනිතු කංකානම්ගේ, රුසඳු සිල්වා සහ තාරුක සමින්ජිත කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Colombo South U 17s කණ්ඩායම – සියලුම දෙනා දැවී 155 (37.5) රෙහාන් පීරිස් 33, සීමන් අනුහස් 35, කෞෂික තිලකරත්න 2/21, මිනුග නෙත්සර 2/28, ශවීන් පෙරේරා 3/24
Colombo North U 17s කණ්ඩායම – කඩුලු 7ක් දැවී 158 (37.5) කවිත් ද සිල්වා 60, මිහින් සොයිසා 29, ගිම්හාන් මෙන්ඩිස් 2/16
Colombo North කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
තරගාවලියේ අවසන් පූර්ව වටය අද (26) ක්‍රියාත්මක අතර ඒ අනුව Kandy U 17s කණ්ඩායම සහ Colombo North U 17s කණ්ඩායම අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, Galle U 17s කණ්ඩායම සහ Colombo South U 17s කණ්ඩායම් අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<