ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අවසාන මහා ක්‍රිකට් තරගයේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 77කින් පරාජය කළ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ 2017/18 තරගාවලියේ ශූරයන් වූහ.
එශානි ලොකුසූරිය නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට
ඉන්දීය කණ්ඩායමට එරෙහිව අද (19) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස
කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 235ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ පන්දුවාර 45.1ක දී සියලුම දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 158ක් පමණි.
මෙම තරගයේ ආරම්භයේ දී සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ ඉදිරියෙන් සිටි අතර එම තත්ත්වය 8 වැනි කඩුල්ලෙන් පසුව බිඳ දැමීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අතුරින් පෙරමුණ ගත්තේ ලක්ෂාන් ගමගේ ය.
කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් මද වේගපන්දු යැවූ නායක ජනිශ්ක පෙරේරා ලකුණු 46කට කඩුලු 4ක් දවා ගනිමින් ප්‍රතිවාදී ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදියා විය. ඊට අමතරව වමතින් දඟපන්දු යැවූ තදුල ද සිල්වා ලකුණු 44කට කඩුලු 2ක් ද සහ දකුණතින් පිට දඟපන්දු යැවූ නදීර ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තේ ය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන් ඉතා සාර්ථක ආරම්භයක් ගත්ත ද එය දිගින් දිගටම පවත්වා ගෙන යෑමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ඉනිම තරගය අවසන් වීමට තවත් පන්දු 29ක් ඉතිරිව තිබිය දී නිමා වූහ.
එශානි ලොකුසූරිය නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට
ඉන්දීය කණ්ඩායමට එරෙහිව අද (19) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස
ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ පළමු කඩුල්ල වෙනුවෙන් සවිඳු රොද්‍රිගෝ සහ දුනිත් ජයතුංග රැස්කළ ලකුණු 66යි. මෙම ලකුණු සබඳතාවේ දී සවිඳු පන්දු 50කට මුහුණ දෙමින් ලකුණු 16ක් ලබා ගත් අතර දුනිත් සිව්වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට වාර්තා කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 68ක්. ඔහු මේ සඳහා පන්දු 99ක් වැය කර තිබුණි. ඊට අමතරව ජනිශ්ක පෙරේරා ලකුණු 30ක් ලබා ගත්තේ ය.
ඉනිමේ 40 වැනි පන්දුවාරය යැවූ දුනිත් වෙල්ලාලගේ එම පන්දු වාරය තුළ කඩුලු තුනක් දවා ගනිමින් සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන්ගේ අවසන් බලාපොරොත්තු ද බිඳ දැම්මේය. ඔහුට ඉනිමේ දී එම කඩුලු 3 පමණක් හිමි වූ අතර ඉනිමේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කරනු ලැබුවේ අශේන් ඩැනියෙල් ය. ඔහු පන්දුවාර 9.1ක් යවමින් නොයිඳුල් පන්දුවාර 3ක් සමඟින් ලකුණු 14කට කඩුලු 5ක් දවා ගත්තේ ය.
සාන්ත සෙබස්තියන් ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 24ක් තුළ බිඳ හෙළීමට සාන්ත ජෝසප්වරුන් සමත් වීම කැපී පෙණුනි.
සාන්ත ජෝසප් විද්‍යාලය; සියලුම දෙනා දැවී 235 (47.1): ජොහාන්නේ ද සිල්වා 24, දිනෙත් ජයකොඩි 21, ලක්ෂාන් ගමගේ 97, ශෙරන් ෆොන්සේකා 24, ජනිශ්ක පෙරේරා 4/46, තදුල ද සිල්වා 3/44, නදීර ප්‍රනාන්දු 2/46
සාන්ත සෙබස්තියන් විද්‍යාලය; සියලුම දෙනා දැවී 158 (45.1): දුනිත් ජයතුංග 68, ජනිශ්ක පෙරේරා 30, දුනිත් වෙල්ලාලගේ 3/27, අශේන් ඩැනියෙල් 5/14,
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<