ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් සොයා රට වටා ගිය ගමන ඊයේ (28) කොළඹ මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී නිමා කළේ අති ශූර කණ්ඩායම වෙනුවෙන් පැවති අවසාන මහ තරගය ජය පරාජයකින් තොරව නිමා කරමිනි.
යොවුන් දස්කම් මැද පාසල් 4කට පූර්ණ ජයග්‍රහණ
වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (28) සාර්ථකව අවසන් වූ අතර, එහි දී ආනන්ද, සාන්ත තෝමස්, ත්‍රිත්ව හා ධර්මාශෝක…

තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය නියෝජනය කරමින් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට ක්‍රීඩා කළ තසික නිර්මාල් අවසන් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි. ඔහු මෙම තරගයේ දී ලකුණු 82කට කඩුලු 8ක් දවා ගත් අතර පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් ලකුණු 37ක් වාර්තා කළේය.

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමේ ආරම්භක වමත් වේගපන්දු යවන්නා වූ සම්පත් නිශ්ශංක, තරගය සම්පූර්ණයෙන්ම සියතට ගනිමින් ප්‍රතිවාදීන් මෙල්ල කළේය. ඉනිම අවසානයේ ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 26කට කඩුලු 5ක් ලෙසයි. ඔහුට අනගි සහායක් ලබා දුන් දකුණතින් පිට දඟපන්දු යැවූ තසික නිර්මාල් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තේය.

එම ඉනිමේ දී කැපී පෙණෙනම පිතිකරු වූයේ බවන්ත හරිත් ය. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 49ක් වාර්තා කළේය. කඩුලු 7කට ලකුණු 104ක් තිබූ තම කණ්ඩායමේ ඉනිම සඳුන් අප්පුහාමි (14) හා සමඟ එක්වෙමින් 8 වැනි කඩුල්ලට ලකුණු 51ක් එක්කිරීමට ද ඔහු සමත් විය. සඳුන්ගේ ලකුණු 14 ඉනිමට පන්දු 86ක් වැය විය.
ලකුණු 74ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම එම ඉනිමේ දී තරමක් ස්ථාවර ලකුණු තත්ත්වයකට පිවිසීමට සමත් වූයේ පළමුව වූ වැරදි නිවැරදි කර ගනිමිනි. ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 187ක් තිබිය දී ඉනිම අත්හිටවිය. එම ඉනිමේ දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සුකිත මනෝජ් සමත් විය. ඔහු පන්දු 160කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 74ක් වාර්තා කළේ ය.

ලකුණු 114ක පහසු ඉලක්කයක් සහිතව දෙවැනි ඉනිමට පිටියට පිවිසි බස්නාහිර මධ්‍යම කණ්ඩායමට තරගය නිමා වන විට රැස්කර ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 75ක් පමණි. එම ඉනිම ඒ තරමින් මෙල්ල කිරීමේ දී අශාන් ප්‍රනාන්දු කඩුලු 3ක් ද බිහඟ මෙන්ඩිස් කඩුලු 2ක් ද දවා ගත්හ.
බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම; පළමු ඉනිම පන්දුවාර 30.5ක දී සියලුම දෙනා දැවී 96 (පසිඳු පැතුම් 28, චමෝද් ගිහාන් 23, සම්පත් නිශ්ශංක 5/26, තසික නිර්මාල් 4/23)
බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම; පළමු ඉනිම පන්දුවාර 62.5ක දී සියලුම දෙනා දැවී 170 (බවන්ත හරිත් නොදැවී 49, තසික නිර්මාල් 37, චමෝද් ගිහාන් 2/15, විනුජ රන්පුල් 2/30, බිහඟ මෙන්ඩිස් 2/35, බෙහාන් ඉනුක 2/47)
බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම; දෙවැනි ඉනිම පන්දුවාර 64.4ක දී කඩුලු 9ක් දැවී ඉනිම අත්හිටවූවා 187 (සුඛිත මනෝජ් නොදැවී 74, විනුජ රන්පුල් 30, ප්‍රභාෂ්වර හේරත් 27, තසික නිර්මාල් 4/59, කවිඳු පතිරත්න 2/31, මනේන්ද්‍ර ජයතිලක 34/2)
බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම; දෙවැනි ඉනිම පන්දුවාර 28.0ක දී කඩුලු 6ක් දැවී 75 (විනුක රුබසිංහ 24, අශාන් ප්‍රනාන්දු 3/16, බිහඟ මෙන්ඩිස් 2/11)
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න






















