ශාරුජන් සහ වනුජ ශතක සමාජයට

U 23 Emerging Club Tournament 2025

125
U 23 Emerging Club Tournament 2025- 28th August

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (28) ආරම්භ වූ අතර එහි දී ශාරුජන් ශම්මුගනාදන් සහ වනුජ සහන් ශතක ලබා ගත් අතර පන්දු යැවීමේ දී වතිල උදාර වැඩි දක්ෂතා දැක් වූවා.

Tamil Union C & AC කණ්ඩායමේ ශාරුජන් ශම්මුගනාදන් Police SC කණ්ඩායමට එරෙහි ව පන්දු 194කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 121ක් ලබා ගත් අතර එය අද දවසේ පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ඊට අමතර ව Ace Capital CC කණ්ඩායම නියෝජනය කරන වනුජ සහන් Nugegoda S & WC කණ්ඩායමට එරෙහිව පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 119ක් ලබා ගත්තා.

එමෙන් ම Ace Capital CC කණ්ඩායමේ තීරක රණතුංග (55), Panadura SC කණ්ඩායමේ සසිඳු මල්ශාන් (91) සහ යශාන් අවිශ්ක (58), Chilaw Marians CC කණ්ඩායමේ තරිඳු අමරසිංහ (98), දිලන දම්සර (53) සහ සකුණ ලියනගේ (51), Tamil Union C & AC කණ්ඩායමේ ශනුක ගලගොඩ (71) සහ විහස් තෙව්මික (65), Bloomfield C & AC කණ්ඩායමේ සවිඳු රොද්‍රිගෝ (58), SSC කණ්ඩායමේ දිනුර කළුපහන (85) සහ Kurunegala Youth CC කණ්ඩායමේ චනිරු සේනාරත්න (නොදැවී 60) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී KurunACCCegala Youth CC කණ්ඩායමේ වතිල උදාර Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 30කට කඩුලු 8ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව Moors SC කණ්ඩායමේ ලහිරු අමරසේකර NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 38කට කඩුලු 7ක් ද, Colombo Malay CC කණ්ඩායමේ කවීශ් සත්සර Baduraliya CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 77කට කඩුලු 7ක් ද සහ Bloomfield C & AC කණ්ඩායමේ තරින්ද ගුරුගේ SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 76කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

එමෙන් ම Nugegoda S & WC කණ්ඩායමේ නිර්මල රත්නායක Ace Capital CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 76කට කඩුලු 5ක් ද, BRC කණ්ඩායමේ තනුග පලිහවඩන United Southern SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 62කට කඩුලු 5ක් ද, Colts CC කණ්ඩායමේ තරණ විමලධර්ම Panadura SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 60කට කඩුලු 5ක් ද දවා ගැනීමට සමත් වූවා.

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු

Ace Capital CC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (64.0) පවන් පතිරාජ 35, රනේෂ් සිල්වා 34, වනුජ සහන් නොදැවී 119, තීරක රණතුංග 55, දහම් නිර්මාල් 2/75, නිර්මල රත්නායක 5/76

Nugegoda S& WC – කඩුල්ලක් දැවී 47 (20.0) පුලිඳු පෙරේරා 35,

Baduraliya CC සහ Colombo Malay CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

Baduraliya CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (88.5) ශානික්‍ය දේශප්‍රිය 41, සඳුන් මෙන්ඩිස් 83, මානස මදුභාෂණ 25, කවීෂ් සත්සර 7/77

United Southern SC සහ BRC අතර තරගය අනුරාධපුර, සාලියපුර යුද හමුදා  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (69.3) තමිඳු ප්‍රදීප්ත 39, කවිත් ප්‍රනාන්දු 45, කවීෂ කල්පන 37, චන්දූප සිල්වා 32, ඩොමිනික් ප්‍රනාන්දු 45, තරුක්ෂ අශේල් 2/34, ලකිඳු සචින් 2/45, තනුග පලිහවඩන 5/62

BRC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 46 (18.0) කුසල් විජේතුංග නොදැවී 21, සචිර වැලිවත්ත 20, හිමල් රවිහංස 2/21

Moors SC සහ NCC අතර තරගය Moors ක්‍රීඩාංගණයේ දී.

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (47.1) ජීවක සශීන් 34, විනුක රූබසිංහ 67, නදීෂ් යසිරු 37, ලහිරු අමරසේකර 7/38

Moors SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 87 (28.0) ඔෂාන් ද සිල්වා නොදැවී 47, ඩිනාල් අනුරාධ නොදැවී 21

Sebastianites C & AC සහ Chilaw Marians CC අතර තරගය Coltsක්‍රීඩාංගණයේ දී.

Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 300 (92.0) තරිඳු අමරසිංහ 98, හිරාන් ජයසුන්දර 31, දිලන දම්සර 53, සකුණ ලියනගේ 51, තෙවින් අමරසිංහ නොදැවී 45, මලිත හපුආරච්චි 2/67, නුවන් දිනෙත් 3/54, තාරුක සූරියාරච්චි 2/40

Panadura SC සහ Colts CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC – පළමු ඉනිම සියලු දෙනා දැවී 233 (67.0) සසිඳු මල්ශාන් 91, යශාන් අවිශ්ක 58, තරණ විමලධර්ම 5/60, රයන් දිසානායක 3/86
  • Colts CC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 58 (20.3)

Ragama CC සහ CCC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Ragama CC – පළමු ඉනිම සියලු දෙනා දැවී 122 (35.3) මලීෂ සිල්වා 27, දසිත් ගුණතිලක 32, දුවිඳු රණතුංග 3/34, හිරුෂ දෙව්මික 3/23, සෙත්රු ප්‍රනාන්දු 3/18

Tamil Union C & AC සහ Police SC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Tamil Union C & AC – පළමු ඉනිම සියලු දෙනා දැවී 351 (87.2) ශනුක ගලගොඩ 71, නරේන් මුරලිදරන් 23, ශාරුජන් ශම්මුගනාදන් 121, විහස් තෙව්මික 65, සදීප රත්නායක 2/69, රශ්මික පෙරේරා 2/51, භාතිය සංදීප 4/67

SSC සහ Bloomfield C & AC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

  • SSC – පළමු ඉනිම සියලු දෙනා දැවී 223 (55.0) සදීශ රාජපක්ෂ 24, රනුක් ජයසූරිය 22, දිනුර කළුපහන 85, චමිඳු වික්‍රමසිංහ 22, නදීශ ආකාශ් 36, තරින්ද ගුරුගේ 6/76, දුලාජ් සමුදිත 2/38, මිහිරංග සිල්වා 2/43
  • Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 133 (27.0) හසිත අමරසිංහ 29, සවිඳු රොද්‍රිගෝ 58, අසිත වන්නිනායක නොදැවී 37

Kandy Customs SC සහ Kurunegala Youth CC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Kandy Customs SC පළමු ඉනිම සියලු දෙනා දැවී 154 (48.4) මිනිඳු සිල්වා 32, නඳුන් සිල්වා 39, ප්‍රමේශ් මදුභාෂණ 31, වතිල උදාර 8/30
  • Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 166 (40.0) අමේශ් තෙන්නකෝන් 33, ගයන වීරසිංහ 40, චනිරු සේනාරත්න නොදැවී 60, නඳුන් සිල්වා 2/23

මෙම තරග සියල්ල හෙට (29) 2 වැනි අවසන් දිනයට ක්‍රියාත්මකයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<