ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (18) ආරම්භ වූ අතර එම තරග ද්විත්වයට ම වර්ෂාවෙන් බාධා එල්ල වූවා.
Nugegoda S & WC කණ්ඩායම සහ CCC කණ්ඩායම අතර තරගය කොළඹ SSC පිටියේ දී
කාසියේ වාසිය දිනා ගත් Nugegoda S & WC කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CCC කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 123ක් ලබා සිටියා.
Nugegoda S & WC කණ්ඩායම
අක්‍රම් මුතාලිබ් (නායක සහ කඩුලු රකින්නා), පුලිඳු පෙරේරා, සදෙව් සමරසිංහ, අභිශේක් ආනන්දකුමාර, කවිශ්ක බොතේජු, පසිඳු පැතුම්, දසිස් මංචනායක, අභිශේක් ජයවීර, මියුරු හේෂාන්, නිර්මල රත්නායක, අබ්දුල් හකම්.
CCC කණ්ඩායම
අංජල බණ්ඩාර (නායක සහ කඩුලු රකින්නා), අරෝෂ සිතුමිණ, දුල්නිත් සිගේරා, පවන් සංදේශ්, පවන් රත්නායක, සෙත්රු ප්‍රනාන්දු, සහන් කෝසල, දුවිඳු රණතුංග, ඉනුක කරන්නාගොඩ, සිතුම් විහඟ සහ හිරුෂ දෙව්මික.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CCC කණ්ඩායම ලබා ගන්නේ අසාර්ථක ආරම්භයක්. ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී ආරම්භක පිතිකරු අරෝෂ සිතුමිණ සහ අංක 3 පිතිකරු පවන් සංදේශ් ලකුණු නොලබා ම පිටියෙන් ඉවත් කිරීමට පසිඳු පැතුම් සමත් වෙනවා.
නමුත් 3 වැනි කඩුල්ලේ දී එම තත්ත්වය මඳක් මඟ හරවා ගැනීමට දුල්නිත් සිගේරා සහ පවන් රත්නායක සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 63ක සබඳතාවක් එක් කරනවා. එම ලකුණු සබඳතාව බිඳී යන්නේ පවන් රත්නායක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 9ක් CCC ඉනිමට එක් වෙද්දී දුල්නිත් සිගේරා ද තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.
අනතුරු ව නායක අංජල බණ්ඩාර 5 වැනි කඩුල්ල ලෙසින් ලකුණු 3කට දැවී යන අතර ඉන් අනතුරු ව සෙත්රූ ප්‍රනාන්දු සහ සහන් කෝසල එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 38ක් එක් කරනවා. එම සබඳතාවෙන් ලකුණු 35ක් ම ලබා ගන්නේ සහන් කෝසල වීම විශේෂත්වයක්.
සෙත්රූ ප්‍රනාන්දු පන්දු 31කට මුහුණ දෙමින් ලකුණු 8ක් ලබා සිටිය දී දැවී යන අතර ඔහු ගේ දැවී යෑමත් සමඟින් තරගය වර්ෂාවට නතර කරනවා. ඒ වෙද්දී සහන් කෝසල පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී අබ්දුල් හකම් ලකුණු 45කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර පසිඳු පැතුම් කඩුලු ද්විත්වයක් ද සහ අභිශේක් ආනන්දකුමාර කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- CCC –පළමු ඉනිම කඩුලු 6ක් දැවී 123 (26.1)දුල්නිත් සිගේරා 38, පවන් රත්නායක 26, සහන් කෝසල නොදැවී 35, පසිඳු පැතුම් 2/25, අබ්දුල් හකම් 3/45
මෙම තරගය හෙට (19) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
- CDB A සහ Maliban Biscuits A අවසන් පූර්ව වටයට
- පැතුම් නැවතත් විශිෂ්ටයන් අතරට
- පවන් සහ අංජල ද්විත්ව ශතක සබඳතාවක
- පුලිඳු පෙරේරා ගෙන් පිට පිට ශතක ඉනිම් ත්‍රිත්වයක්
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Negombo CC කණ්ඩායම සහ Bloomfield C & AC කණ්ඩායම අතර තරගය කොළඹ NCC පිටියේ දී.
කාසියේ වාසිය දිනා ගත් Bloomfield C & AC කණ්ඩායමේ ආරාධනා කිරීම මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Negombo CC කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරද්දී කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලබා සිටියා.
Negombo CC කණ්ඩායම
කවීන් ප්‍රනාන්දු (නායක), හසිඳු සෙව්මිණ, වගීෂ පෙරේරා (කඩුලු රකින්නා), තත්සර ඒශාන්, ලෙස්ටර් ජයවීර, හංසජ හිරුණ, ශෙහාන් ප්‍රමෝද්, අමිත පෙරේරා, මොහොමඩ් මුර්ශාඩ්, නෙත්මල් සහීර සහ ශෆ්නි ඩීන්.
Bloomfield C & AC කණ්ඩායම
මිනෙත් ප්‍රේමරත්න (නායක), අසිත වන්නිනායක, තරින්ද නිර්මාල්, තරිඳු හර්ෂණ (කඩුලු රකින්නා), හසිත අමරසිංහ, සවිඳු රොද්‍රිගෝ, පැතුම් රත්නායක, දුලාජ් සමුදිත, කවීෂ පියුමාල්, මිහිරංග සිල්වා සහ නිසල් අබේරත්න.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Negombo CC කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා. අනතුරු ව ලකුණු 15ක් වෙද්දී 2 වැනි කඩුල්ල ද ඔවුන්ට අහිමි වෙනවා.
තරගය වර්ෂාව හේතුවෙන් නතර වෙද්දී කවීන් ප්‍රනාන්දු සහ තත්සර ඒශාන් නොදැවී ලකුණු 17ක් බැගින් ලබා සිටියා. කඩුලු දවා ගැනීමේ දී දුලාජ් සමුදිත ලකුණු 12කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Negombo CC– පළමු ඉනිම කඩුලු 2ක් දැවී 39 (17.0)කවීන් ප්‍රනාන්දු නොදැවී 17, තත්සර ඒශාන් නොදැවී 17, දුලාජ් සමුදිත 2/12
මෙම තරගය හෙට (19) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















