කෙනුල් සහ රනුක් ශතකලාභීන් අතරට

299
U 23 Emerging Club Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී (13) අවසන් වූ Kurunegala Youth CC සහ SSC අතර තරගයේ දී කෙනුල් ද සොයිසා සහ රනුක් ජයසූරිය ශතක ලබා ගත්තා.

SSC කණ්ඩායම නියෝජනය කරන 20 හැවිරිදි වියේ පසුවෙන කෙනුල් ද සොසියා පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 152ක් ලබා ගත් අතර 19 වැනි වියේ පසුවෙන රනුක් ජයසූරිය පන්දු 159කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 216ක දී ලකුණු 179ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වෙනවා.

මේ අතර Kurunegala Youth CC කණ්ඩායමේ දිනුක් තෙන්නකෝන් ලකුණු 76කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 273 (77.3) අමේෂ් තෙන්නකෝන් 34, රශ්මික මදුශංක 123, ගයන වීරසිංහ 26, ලක්වින් අබේසිංහ 24, සෙනුක දංගමුව 20, දිනුර කළුපහන 4/49, ගිශාන් බාලසූරිය 2/42, නිම්නක ජයතිලක 2/61

 

SSC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 362 (72.2) රනුක් ජයසූරිය 116, කෙනුල් ද සොයිසා නොදැවී 152, නදීශ් ආකාශ් 37, ශෙහාන් හසරංග 34, දිනුක් තෙන්නකෝන් 5/76

 

Kurunegala Youth CC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 110 (30.0) ලක්වින් අබේසිංහ නොදැවී 35, වතිල උදාර නොදැවී 21, නෙශාන් ඩයස් 3/42

තරගයේ විසඳුමක් නෑ. (SSC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<