ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (13) අවසන් වූ අතර එහි දී CCC කණ්ඩායමේ පවන් රත්නායක සහ අංජල බණ්ඩාර ද්විත්ව ශතක සබඳතාවක් එක් කළා.
CCC කණ්ඩායම නියෝජනය කරන ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ Moors SC කණ්ඩායමට එරෙහිවයි.
එහි දී පවන් රත්නායක පන්දු 208කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 194ක් ලබා ගත් අතර නායක අංජල බණ්ඩාර පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 156ක් ලබා ගත්තා.
මේ අතර SSC කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියෙල් Nugegoda S & WC කණ්ඩායමට එරෙහි ව පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූවා.
පෙර දිනයේ දී Nugegoda S & WC කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබා සිටි පුලිඳු පෙරේරා අද තම ඉනිම ලකුණු 178කින් නිමා වෙද්දී පන්දු 235කට මුහුණ දී සිටියා. ඔහුගේ ඉනිමට හතරේ පහර 26ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුණා.
මේ අතර අද අවසන් වූ තරගවල දී CCC කණ්ඩායමේ අරෝෂ සිතුමිණ (50), Chilaw Marians CC කණ්ඩායමේ යසිරු ලක්ෂාන් (නොදැවී 89), Nugegoda S & WC කණ්ඩායමේ අභිශේක් ජයවීර (53), Bloomfield C & AC කණ්ඩායමේ පැතුම් රත්නායක (64) සහ Ace Capital CC කණ්ඩායමේ තනුජ රාජපක්ෂ (නොදැවී 52) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- පුලිඳු පෙරේරා ගෙන් පිට පිට ශතක ඉනිම් ත්‍රිත්වයක්
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- එශාන් සහ විශේන් SA20 තරගාවලියට!
- 23න් පහළ පිටියට අදත් ශතක 5ක්
- අසිත සහ තරිඳු නැවතත් ශතක ලැයිස්තුවට
අද නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
SSC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 127 (29.2) ශෙවෝන් ඩැනියෙල් 54, චමිඳු වික්‍රමසිංහ 24, අභිශේක් ආනන්දකුමාර 2/09, අබ්දුල් හකම් 5/65, නිර්මල රත්නායක 3/14
- Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (98.3) පුලිඳු පෙරේරා 178, අභිශේක් ආනන්දකුමාර 26, කවිශ්ක බොතේජු 42, අභිශේක් ජයවීර 53, දහම් නිර්මාල් 28, චමිඳු වික්‍රමසිංහ 3/36, දිනුර කළුපහන 2/56
- SSC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 202 (27.0) ෂෙවෝන් ඩැනියෙල් නොදැවී 100, චමිඳු වික්‍රමසිංහ 44, දිනුර කළුපහන 29, නිර්මල රත්නායක 2/85, පුලිඳු පෙරේරා 2/43
තරගයේ විසඳුමක් නෑ. (Nugegoda S & WC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)
Nugombo CC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේදී.
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 286 (80.2) කවීන් ප්‍රනාන්දු 91, හසිඳු කවිරත්න 30, තත්සර එශාන් 33, ශෆ්නි ඩීන් නොදැවී 63, තිමිර ඉරුශික 2/65, දිලන දම්සර 4/67, මෙලන් හංසක 2/99
- Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 283 (89.3) තරිඳු අමරසිංහ 31, හිරාන් ජයසුන්දර 26, දර්ශක සංදීප් 22, සකුණ ලියනගේ 33, තෙවින් අමරසිංහ 34, යසිරු ලක්ෂාන් නොදැවී 89, හංසජ හිරුණ 4/92, අමිත පෙරේරා 4/88
තරගයේ විසඳුමක් නෑ. (Negombo CC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)
Ace Capital CC සහ Bloomfield C & AC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 171 (46.5) විනුශ්ක සිල්වා 36, රනේෂ් සිල්වා නොදැවී 51, තරින්ද ගුරුගේ 2/50, දුලාජ් සමුදිත 6/53
- Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (87.5) මිනෙත් ප්‍රේමරත්න 52, සවිඳු රොද්‍රිගෝ 44, බවන්ත ජයසිංහ 44, තරිඳු හර්ෂණ 24, පැතුම් රත්නායක 64, තරින්ද ගුරුගේ 47, වනුජ සහන් 2/82, දනාල් හේමානන්ද 2/87, ට්‍රෙවීන් මැතිව් 4/63
- Ace Capital CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 120 (27.0) රනේෂ් සිල්වා 24, තනුජ රාජපක්ෂ නොදැවී 52, මිහිරංග සිල්වා 2/16
තරගයේ විසඳුමක් නෑ. (Bloomfield C & AC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)
CCC සහ Moors SC අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 235 (65.2) ඔමේෂ් මෙන්ඩිස් 32, විශාර ප්‍රනාන්දු 26, මොහොමඩ් තාබිත් 89, ඩිනාල් අනුරාධ 20, හසිඳු පෙරේරා 27, ඉනුක කරන්නාගොඩ 4/54, තිසරු වන්නිනායක 4/71
- CCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 459 (92.0) අරෝෂ සිතුමිණ 50, දුල්නිත් සිගේරා 23, පවන් රත්නායක 194, අංජල බණ්ඩාර 156, ලහිරු අමරසේකර 3/139, හසිඳු පෙරේරා 2/57
තරගයේ විසඳුමක් නෑ. (CCC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඒ අනුව අවසන් වෙද්දී Nugegoda S & WC කණ්ඩායම, Negombo CC කණ්ඩායම, Bloomfield C & AC කණ්ඩායම සහ CCC කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරිමට සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග මේ මස 18 සහ 19 දෙදින පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය Nugegoda S & WC කණ්ඩායම සහ CCC කණ්ඩායම අතර SSC පිටියේ දී ද සහ Negombo CC කණ්ඩායම සහ Bloomfield C & AC කණ්ඩායම අතර තරගය කොළඹ NCC පිටියේ දී ද පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















