ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (12) ආරම්භ වූ අතර එහි දී Nugegoda S & WC කණ්ඩායමේ පුලිඳු පෙරේරා නැවතත් ශතකයක් වාර්තා කළා.
ඔහු අද මෙම දක්ෂතාව සිදු කරන්නේ SSC කණ්ඩායමට එරෙහිවයි. දිනයේ වාර්තා වූ එක ම ශතකය වන මේ සඳහා ඔහු පන්දු 171කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 14ක් සහ හයේ පහරක් ද ඇතුලත් කරනවා. මේ වන විට ද නොදැවී පිටියේ රැඳී සිටින ඔහු ලකුණු 110ක් ලබා සිටිනවා.
තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ පුලිඳු පෙරේරා ඊට පෙර තරගයේ දී ද ශතකයක් වාර්තා කරමින් දක්ෂතා දැක් වූවා. ඒ අනුව මෙම ඉනිමත් සමඟින් ඔහු පිට පිට ශතක ඉනිම් ත්‍රිත්වයක් වාර්තා කළ අතර ඊට පෙර තරගාවලිය ආරම්භක දිනයේ ද ඔහු ශතකයක් වාර්තා කරනවා.
පිතිකරුවෙක් ලෙසින් ඔහු දක්ෂතා දක්වද්දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමේ ගෞරවය හිමි වූයේ Bloomfield C & AC කණ්ඩායමේ දුලාජ් සමුදිතට. ඔහු Ace Capital CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 53කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
මේ අතර SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් (54), Negombo CC කණ්ඩායමේ කවීන් ප්‍රනාන්දු (91) සහ ශෆ්නි ඩීන් නොදැවී 63, Ace Capital CC කණ්ඩායමේ රනේෂ් සිල්වා (නොදැවී 51), Bloomfield C & AC කණ්ඩායමේ මිනෙත් ප්‍රේමරත්න (52) සහ Moors SC කණ්ඩායමේ මොහොමඩ් තාබිත් (89) දිනයේ අර්ධ ශතකලභීන් බවට පත් වුණා.
පන්දු යැවීමේ දී Nugegoda S & WC කණ්ඩායමේ අබ්දුල් ශිරාද් SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 65කට කඩුලු 5ක් දවා ගත්තා.
- පුලිඳු පෙරේරා ද්විත්ව ශතකයක් වාර්තා කරයි
- 23න් පහළ පිටියට අදත් ශතක 5ක්
- 23න් පහළ පළමු දිනයට ශතක වැස්සක්
- දෙනෙත් සහ කංචන ශතක සබඳතාවයක
- මිනෙත් 2 වැනි ශතකයත් රැස් කරයි
අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
SSC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 127 (29.2) ශෙවෝන් ඩැනියෙල් 54, චමිඳු වික්‍රමසිංහ 24, අභිශේක් ආනන්දකුමාර 2/09, අබ්දුල් ශිරාද් 5/65, නිර්මල රත්නායක 3/14
- Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 186 (58.0) පුලිඳු පෙරේරා නොදැවී 110, අභිශේක් ආනන්දකුමාර 26, කවිශ්ක බොතේජු නොදැවී 40
Nugombo CC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේදී.
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 286 (80.2) කවීන් ප්‍රනාන්දු 91, හසිඳු කවිරත්න 30, තත්සර එශාන් 33, ශෆ්නි ඩීන් නොදැවී 63, තිමිර ඉරුශික 2/65, දිලන දම්සර 4/67, මෙලන් හංසක 2/99
- Chilaw Marians CC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 29 (7.0) තරිඳු අමරසිංහ නොදැවී 19
Ace Capital CC සහ Bloomfield C & AC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 171 (46.5) විනුශ්ක සිල්වා 36, රනේෂ් සිල්වා නොදැවී 51, තරින්ද ගුරුගේ 2/50, දුලාජ් සමුදිත 6/53
- Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 132 (40.0) මිනෙත් ප්‍රේමරත්න 52, සවිඳු රොද්‍රිගෝ 44, බවන්ත ජයසිංහ නොදැවී 26, ට්‍රෙවීන් මැතිව් 2/40
CCC සහ Moors SC අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 235 (65.2) ඔමේෂ් මෙන්ඩිස් 32, විශාර ප්‍රනාන්දු 26, මොහොමඩ් තාබිත් 89, ඩිනාල් අනුරාධ 20, හසිඳු පෙරේරා 27, ඉනුක කරන්නාගොඩ 4/54, තිසරු වන්නිනායක 4/71
- CCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 88 (19.0) අරෝෂ සිතුමිණ නොදැවී 38, දුල්නිත් සිගේරා 23, පවන් රත්නායක නොදැවී 23, ලහිරු අමරසේකර 2/27
මෙම සියලු තරග හෙට (13) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















