23න් පහළ පළමු දිනයට ශතක වැස්සක්

U 23 Emerging Club Tournament 2025

131
U 23 Emerging Club Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනය වූ අද (5) දිනයේ දී ශතක 6ක් වාර්තා වීම කැපී පෙණුනා.

මේ අතුරින් කැපී පෙණෙන ඉනිමක නිරත වීමට  Chilaw Marians කණ්ඩායමේ දර්ශක සංදීප් සහ සකුණ ලියනගේ සමත් වුණා. ඔවුන් දෙදෙනා එක් ව Navy කණ්ඩායමට එරෙහි ව 5 වැනි කඩුල්ලට පන්දු 223ක දී ලකුණු 208ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී දර්ශක සංදීප් පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 131ක් ද සහ සකුණ ලියනගේ පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 111ක් ද ලබා ගන්නවා.

මේ අතර දිනයේ වැඩිම ලකුණුලාභියා වූයේ Bloomfield කණ්ඩායමේ නායක මිනෙත් ප්‍රේමරත්න. ඔහු Kandy Customs කණ්ඩායමට එරෙහි ව පන්දු 215කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සමඟින් නොදැවී ලකුණු 158ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව Nugegoda කණ්ඩායමේ ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා Colombo Malay කණ්ඩායමට එරෙහි ව පන්දු 240කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 151ක් ද, Police කණ්ඩායමේ රශ්මික හිරුෂ පෙරේරා SSC කණ්ඩායමට එරෙහිව පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 118ක් ද සහ NCC කණ්ඩායමේ ජීවක ශෂීන් Sebastianites කණ්ඩායමට එරෙහි ව පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 105 ද ලබා ගත්තා.

දිනයේ අවාසනාවන්ත පිතිකරු බවට පත් වූයේ Negombo කණ්ඩායමේ නායක කවීන් ප්‍රනාන්දු. ඔහුට තම ශතකය එක ලකුණකින් අහිමි වෙනවා. CCC  කණ්ඩායමට එරෙහි ව පන්දු 151කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ඔහු ලකුණු 99කට දැවී ගියා.

මේ අතර Army SC කණ්ඩායමේ ශෙනෙල් සමරතුංග (51) සහ සමිත් ඩිල්ශාන් (50), Baduraliya CC කණ්ඩායමේ කවිශ්ක ඉමේෂ් (57), ශානික්‍ය දේශප්‍රිය (50) සහ ශෙහාන් මදුසංක (61), Moratuwa SC කණ්ඩායමේ මලිත පෙරේරා (73) සහ අමිත දාබරේ (77), Colts CC කණ්ඩායමේ රංදුණු ගංගනාත් (65), CCC කණ්ඩායමේ අංජල බණ්ඩාර (නොදැවී 58), Kurunegala Youth CC කණ්ඩායමේ ලක්වින් අබේසිංහ (55) සහ විතිල උදාර (76) යන පිතිකරුවෝ අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ BRC කණ්ඩායමේ තරුක්ෂ අශේල්. ඔහු Army කණ්ඩායමට එරෙහි ලකුණු 63කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතර ව Galle කණ්ඩායමේ රුවිශාන් පෙරේරා Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ලකුණු 65කට කඩුලු 6ක් ද, Colombo Malay කණ්ඩායමේ කවිෂ් සත්සර Nugegoda කණ්ඩායමට එරෙහි ව  ලකුණු 75කට කඩුලු 5ක් ද සහ Colts කණ්ඩායමේ රයන් දිසානායක Leo කණ්ඩායමට එරෙහි ව ලකුණු 34කට කඩුලු 5ක් ද දවා ගත්තා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

BRC සහ Army SC අතර තරගය කොළඹ, BRC පිටියේ දී.

  • Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවි 222 (63.5)අමිල තුරුවන් පෙරේරා 22, තරිඳු ඩිලංක 39, ශෙනෙල් සමරතුංග 51, සමිත් ඩිල්ශාන් 50, තරුඛ්ෂ අශේල් 6/63
  • BRC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 54 (24.0)තරුක්ෂ අශේල් 22

Baduraliya CC සහ United Southern SC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණය

  • Baduraliya CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (63.4)කවිශ්ක ඉමේෂ් 57, යෙනුල දෙව්තුස 22, ශානික්‍ය දේශප්‍රිය 50, ශෙහාන් මදුසංක 61, සිතුක ගුණවර්ධන 3/69, සදෙව් ගමගේ 3/35, සසංක නිර්මාල් 2/48
  • United Southern SC– කඩුලු 5ක් දැවී 56 (25.0)විරංග යෙශාන් 24, බ්‍රයන් හංසජ 2/17, ශරොන් අභිශේක් 3/17

Colombo Malay CC සහ Nugegoda S & WC අතර තරගය, කොළඹ කිරිමණ්ඩල මාවත SLLDC ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 298 (88.3)පුලිඳු පෙරේරා 151, අක්‍රම් මුතාලිබ් 27, දසිස් මංචනායක 31, අභිශේක් ජයවීර 22, කවීෂ් සත්සර 5/75, නිමන් උමේෂ් 2/88

Mooors SC සහ Moratuwa SC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.

  • Moratuwa SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (65.4)මලිත පෙරේරා 73, අමිත දාබරේ 77, සහන් කෞශල්‍ය 46, දුමිඳු සෙව්මිණ 39, ගරුක සංකේත් 2/44, නෙතුල් අනුහස් 3/67, මල්ෂ තරුපති 3/71
  • Mooors SC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 103 (21.2)ඔමේෂ් මෙන්ඩිස් 41, උශාන් සත්සර 2/28

Navy SC සහ Chilaw Marians CC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 379 (76.1)තරිඳු අමරසිංහ 20, දර්ශක සංදීප් 131, සකුණ ලියනගේ 111, යසිරු ලක්ශාන් 26, මෙලන් හංසක 32, තිමිර ඉරුශික 20, ජනිත් ශෙහාන් ප්‍රනාන්දු 4/76, රුවින් සංකල්ප 2/72, ඉශාන් අනුරාධ 2/69,
  • Navy SC– පළමු ඉනිම කඩුල්ලක් දැවී 12 (6.4)

NCC සහ Sebastianites C & AC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

  • NCC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 323 (76.5)ගවිරු සෙන්හස් 53, සරිත් සුදීන 29, ජීවක ශෂීන් 105, විනුක රූබසිංහ 23, දිනෙත් ගුණෙවර්ධන 24, නෙලුක හේෂාන් 40, උවින් පෙරේරා 32, අනුක් දෙවනාරායන 3/79, ලක්මික පෙරේරා 3/27
  • Sebastianites C & AC– පළමු ඉනිම කිසිවෙක් නොදැවී 51 (11.0)මනුප මින්තන නොදැවී 33

Colts CC සහ Leo SC අතර තරගය, කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • Leo SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 140 (42.0)නෙත්ම කරුණාරත්න 27, විශ්ව රාජපක්ෂ 22, ගිත්මින් කොළඹගේ 27, කවීෂ ලියනාරච්චි 3/39, රයන් දිසානායක 5/34
  • Colts CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 154 (42.4)රන්දුණු ගංගනාත් 65, රුසඳ ගමගේ 24, හිරුණ ගාල්ලගේ 36,විශ්ව රාජපක්ෂ 2/23

CCC සහ Negombo CC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Negombo CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 181 (57.2)කවීන් ප්‍රනාන්දු 99, හසිඳු සෙව්මිණ කවිරත්න 25, ඉනුක කරන්නාගොඩ 3/27, සෙත්රු ප්‍රනාන්දු 4/58, තිසරු වන්නිනායක 2/21
  • CCC– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 144 (32.0)පවන් සංදේශ් 47, අංජල බණ්ඩාර නොදැවී 58, ශහේන් අවිශ්ක 2/19

Kurunegala Youth CC සහ Galle CC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 (71.4)රශ්මික මදුශංක 23, ලක්වින් අබේසිංහ 55, විතිල උදාර 76, කෞෂික කුමාරසිංහ 38, රුවිශාන් පෙරේරා 6/56, චමත් දිල්සර 2/52
  • Galle CC– පළමු ඉනිම කඩුලු 2ක් දැවී 33 (12.0)දිනුක තෙන්නකෝන් 2/10

Bloomfield C & AC සහ Kandy Customs SC අතර තරගය, කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 318 (75.0)මිනෙත් ප්‍රේමරත්න නොදැවී 158, සවිඳු රොද්‍රිගෝ 39, තරිඳු හර්ෂණ 36, දුලාජ් සමුදිත 22, ෂෝන් රොද්‍රිගෝ 4/51
  • Kandy Customs SC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 23 (8.0)

Police SC සහ SSC අතර තරගය, කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.

  • Police SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 220 (56.2) රශ්මික හිරුෂ පෙරේරා 118, ඉරුෂ ආකාශ් 24, දිනුර කළුපහන 3/41, නිම්නක ජයතිලක 2/53, ගිශාන් බාලසූරිය 2/47
  • SSC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 79 (23.0)සදිශ රාජපක්ෂ නොදැවී 38, නිපුන් ප්‍රේමරත්න 4/31

මේ සියලු තරග හෙට (6) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<