රාජකීය සහ ශ්‍රී සුමංගල විද්‍යාල අවසන් මහා තරගවලට

U19 School Cricket 2026

2
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තවත් තරග ද්විත්වයක් අද (10) අවසන් වූ අතර එම තරගවල දී Tier A කොටසෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය ද සහ Tier B කොටසෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ද සමත් වූවා.

>>වෙස්ලි විද්‍යාලය Tier B අවසන් මහා තරගයට

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී. (Tier A)

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 493ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 415ක් පමණයි.

ඒ අනුව ලකුණු 78ක් ඉදිරියෙන් සිටිමින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 67ක් ලබා සිටියා.  ඒ අනුව තරගයේ පළමු ඉනිමේ ජයක් ලබා ගත් රාජකීය විද්‍යාලය තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

පෙර දින තරගය නතර කරන විට නොදැවී ලකුණු 125ක් ලබා සිටි දිමන්ත මහවිතාන අද තම ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 240කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 193ක් ලබා ගත්තා.

එමෙන් ම පෙර දිනයේ නොදැවී ලකුණු 22ක් ලබා සිටි මලික විතානගේ අද 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත් අතර ඊට අමතර ව සෙත්මික සෙනෙවිරත්න පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නිටේශ් ජයසිංහ, මහිරු කොඩිතුවක්කු, හිමරු දේශාන් සහ රමිරු පෙරේරා කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

රාජකීය විද්‍යාලයීය 2 වැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ හිරුන් ලියනාරච්චි. ඔහු තරගය අවසන් වන විට ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ඩාවුඩ් හිල්මි ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 493(119.3) හිරුන් ලියනාරච්චි 78, දුශේන් උඩවෙල 105, විමත් දින්සර 68, රමිරු පෙරේරා 57, උදන්ත ගංගෙවත්ත 98, හිමරු දේශාන් 29, සෙතික සෙනෙවිරත්න 4/111
  • ත්‍රිත්වවිද්‍යාලය– පළමු ඉනිම සියලුම දෙනා දැවී 415 (92.3) දිමන්ත මහවිතාන 193, පුලීශ තිලකරත්න 32, චනිරු සේනාරත්න 20, මලික විතානගේ 49, සෙත්මික සෙනෙවිරත්න 65, නිටේශ් ජයසිංහ 2/44, මහිරු කොඩිතුවක්කු 2/76, හිමරු දේශාන් 2/99, රමිරු පෙරේරා 2/126
  • රාජකීය විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 67 (19.0)හිරුන් ලියනාරච්චි නොදැවී 35, ඩාවුඩ් හිල්මි 3/24

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය රාජකීය විද්‍යාලයට)

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී. (Tier B)

මෙම තරගයේ දී කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී සුමංගල විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මලියදේව විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 195ක් ලබා ගන්නවා.

ලකුණු 24ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මලියදේව විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණ 75ක් පමණයි. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 100ක හඹා යන ඉනිමකට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් විදුර බාසුරු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දිමත් අබේසිංහ ලකුණු 47කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (67.3)තිවංක පබසර 59, දිමත් අබේසිංහ 67, සොනාල් අශ්වින් 22, මෙවිඳු කුමාරසිරි 3/100, මෙතුම් ප්‍රනාන්දු 3/31, බිහඟ සිල්වා 4/44
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (62.3)පන්සිළු සිල්වා 25, බිහඟ සිල්වා 34, මෙවිඳු කුමාරසිරි 44, සදික දම්යුරු 32, සිහස් නෙත්දිනු 20, දිමත් අබේසිංහ 3/61, දම්ලත් ගමගේ 2/33, තවීෂ බාලසූරිය 4/47
  • මලියදේව විද්‍යාලය –දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 75 (28.1)දුශාන් සයුරංග 24, මෙවිඳු කුමාරසිරි 6/49, මෙතුම් ප්‍රනාන්දු 3/14
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 105 (28.1)පංසිළු සිල්වා 20, විදුරු බාසුරු 39, නේක්ෂ ඉද්දමල්ගොඩ නොදැවී 21, දිමත් අබේසිංහ 3/47

ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<