රිශ්ම සහ රජිත් ශතක රැස් කරයි

U19 School Cricket 2026

4

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක දී රිශ්ම අමරසිංහ සහ රජිත් නවෝද්‍ය ශතක ලබා ගැනීමට සමත් වූවා.  

ඔවුන් අතුරින් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ රජිත් නවෝද්‍ය කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහි ව පන්දු 195කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 173ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.   

ඊට අමතර ව මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ රිශ්ම අමරසිංහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහි ව පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 115ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනාට අමතර ව කුරුණෑගල මලියදේව විද්‍යාලයේ සොනාල් අශ්වින් (57), කොළඹ වෙස්ලි විද්‍යාලයේ රශීඩ් නායන් (77)සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මහීෂ මිහිදුම් (64) සහ අශේන් සත්සර (නොදැවී 53), ද මැසිනෝද් විද්‍යාලයේ සිනෙත් ඉඳුවර (96), කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සිතුම් හසරංග (නොදැවී 82) සහ ලිතික ජයසුන්දර (85), කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ කේශාන් සුබසිංහ (66) සහ ඉශාන් ඛාන් (නොදැවී 50) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.  

පන්දු යැවීමේ දී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන දිමත් අබේසිංහ කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහි ව ලකුණු 55කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කොළඹ වෙස්ලි විද්‍යාලයේ කවිඳු හෙට්ටිආරච්චි (5/72) ද දක්ෂතා දැක් වූවා.  

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු 

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර තරගය සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය පිටියේ දී. (Tier B) 

කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය 

  • සාන්තආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 (78.2) සනුක කෙම්සර 82, කුශාන් සුබසිංහ 58, ඉශාන් ඛාන් 20, බිනරු දෙනුවන් 34, ඩිහාන් මුණසිංහ 28, අයේශ් ගජනායක 2/51, මෙවන් දිසානායක 2/66, මානික්‍ය දේශප්‍රිය 2/77 
  • සාන්තබෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 44 (13.3) ටෙහාන් බීටර් 22, සිතුම් හසරංග නොදැවී 82, ලිතික ජයසුන්දර 85, සනුජ නිඳවර 3/50, නෙසාද් වීරසේකර 3/53, යශ්මිත් ජයසුන්දර 4/68 
  • සාන්තආනා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 159 (33.2) කේශාන් සුබසිංහ 66, ඉශාන් ඛාන් නොදැවී 50, අයේශ් ගජනායක 2/18 
  • සාන්තබෙනඩික්ට් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 34 (4.0) ටෙහාන් බීටර් 25 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට) 

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය පිටියේ දී. (Tier A) 

කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය 

  • මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (44.0) කවිත් ද සිල්වා 31, රමිත් බණ්ඩාර 53, හෂ්මික නෙත්ශාන් 24, අමීෂ ප්‍රනාන්දු 24, නුශාන් පෙරේරා 4/28, දිසිනු සමරසිංහ 2/39, අවීශ සාමාශ් 2/22 
  • සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 265 (71.4) සෙනුජ වැකුණුගොඩ 56, යෙනුල දන්තනාරායන 29, රිශ්ම අමරසිංහ 115, කෙවින් කඩිගමුව 2/65, සවිඳු සත්සර 3/66, යෙශිත වනසිංහ 4/72 
  • මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 201 (75.0) යුමෙත් සිල්වා 40, රමිත් බණ්ඩාර 32, ගවීශ ඉඳුවර 32, හෂ්මික නෙත්ශාන් 43, නුශාන් පෙරේරා 2/75, විශ්ව පීරිස් 4/59, විගනේශ්වරන් ආකාශ් 3/41 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට) 

කඳාන ද මැසිනෝද් සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය ද මැසිනෝද් විද්‍යාලයීය පිටියේ දී. (Tier B) 

කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

  • දමැසිනෝද් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 286 (79.1) ශරිත් සුදීන 37, සිනෙත් ඉඳුවර 21, ශනෝන් සිල්වා 81, ප්‍රනීත් විතානගේ 53, බිනාල් මෙන්ඩිස් 27, අවිශ්ක සඳරුවන් නොදැවී 22, මශීෂ සිතුම් 5/86, අශේන් සත්සර 3/68 
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 237 (74.2) මහීෂ මිහිදුම් 64, නිශාල් රශ්මික 45, අශේන් සත්සර නොදැවී 53, බිපුන් අල්විස් 3/51, අවිශ්ක සඳරුවන් 2/36 
  • දමැසිනෝද් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 198 (34.0) සරිත් සුදීන 21, සිනෙත් ඉඳුවර 96, ශැනෝන් සිල්වා 49, අශේන් සත්සර 2/49 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය කඳාන ද මැසිනෝද් විද්‍යාලයට) 

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී. (Tier B) 

කාසියේ වාසිය – මලියදේව විද්‍යාලය 

  • වෙස්ලිවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (58.2) රශීඩ් නායන් 78, රශ්මික අමරරත්න 51, කවිඳු හෙට්ටිආරච්චි 77, තවීශ බාලසූරිය 4/36, සොනාල් අශ්වින් 3/38 
  • මලියදේවවිද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 430 (70.2) රජිත් නවෝද්‍ය 173, දුශාන් සයුරංග 39, දිමත් අබේසිංහ 70චෙනුල අනුජය 39, සොනාල් අශ්වින් 57, කවිඳු හෙට්ටිආරච්චි 5/72 
  • වෙස්ලිවිද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 171 (64.0) රශීඩ් නායන් 77, සෙනුර ලක්ශාන් නොදැවී 43, දිමත්අබේසිංහ 6/55 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය මලියදේව විද්‍යාලයට) 

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<