ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී

U19 School Cricket 2026

7
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A සහ Tier B  ක්‍රිකට් තරගාවලියන් හී ආරම්භ වූ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අතුරින් පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අද (27) සමත් වුණා.

>>ශ්‍රී සුමංගල විද්‍යාලය ජයග්‍රහණයට ලකුණු 98ක් පිටුපසින්

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය කුරුවිට යුද හමුදා පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – ශ්‍රී සුමංගල විද්‍යාලය

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය තම පළමු ඉනිමට ලකුණු 211ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 144ක් පමණයි.

ඉන් අනතුරු ව ලකුණු 67ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසිය ශ්‍රී ධර්මාලෝක ක්‍රීඩකයන්ට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 89ක් පමණයි. ඒ සමඟින් එතෙක් ඔවුන් සතු ව තිබූ තරගයේ පාලනය ශ්‍රී සුමංගල විද්‍යාලය සතු වෙනවා.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 156ක් හඹා ගිය ඔවුන්ගේ ඉනිමේ 2 වැනි දිනය අවසන් වෙන්නේ කඩුලු 2ක් දැවී ලකුණු 59ක් ලබා ගෙන සිටියදීයි.

එතැන් සිට ආරම්භ වූ තරගයේ අද දවසේ දී එම ඉනිමේ කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වූයේ නේක්ෂ ඉද්දමල්ගොඩ සහ මෙවිඳු කුමාරසිරි.

ඔවුන් අතුරින් නේක්ෂ ඉද්මල්ගොඩ පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 49ක් ද සහ මෙවිඳු කුමාරසිරි පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කෝෂිත ආදිත්‍ය ලකුණු 64කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව සතිඳු ප්‍රබෝධ කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (76.3) කවීන් දෙනෙත් 106, සෙනුක පැහැසර 29, මෙවිඳු කුමාරසිරි 5/82
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 144 (48.4)නේක්ෂ ඉද්මල්ගොඩ 47, බිහඟ සිල්වා 36, මෙවිඳු කුමාරසිරි 21, ටිශාන් නිපුන් 4/43, සතිඳු ප්‍රබෝධ 3/44, කෝෂිත ආදිත්‍ය 2/27
  • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය –දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 89 (35.0)තරුෂ මිහිරංග 24, මෙවිඳු කුමාරසිරි 6/41, මෙතුම් ප්‍රනාන්දු 4/42
  • ශ්‍රී සුමංගල විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 160 (34.3) විදුර බාසුරු 33, නේක්ෂ ඉද්මල්ගොඩ 49, මෙවිඳු කුමාරසිරි 44, කෝෂිත ආදිත්‍ය 4/64

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 173ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 184ක් ලබා ගන්නවා.

එම ඉනිමේ ලකුණු 121කට කඩුලු 8ක් දැවී ගොස් තිබිය දී සංතුල් විජේරත්න සහ හසිත් රත්නායක එක් ව 9 වැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් කරනවා. එහි දී සංතුල් විජේරත්න පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ද සහ හසිත් රත්නායක පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 88ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යවන කනිල්ක ඇන්තනී ලකුණු 52කට කඩුලු 5ක් දවා ගන්නා අතර ඊට අමතර ව දිනාල් ප්‍රනාන්දු කඩුලු ද්විත්වයක් ලබා ගත්තා.

ලකුණු 11ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 274ක් ලබාගෙන තිබුණා.

එම ඉනිම වෙනුවෙන් දිමන්ත මහවිතාන සහ ආදම් හිල්මි අර්ධ ශතක ඉනිම් එක් කරනවා. ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 59ක් ද සහ ආදම් හිල්මි හතරේ පහර 2ක් සමඟින් ලකුණු 57ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව තරගය 2 වැනි දිනයට අවසන් වන විට විදුනෙත් ධම්මගේ පන්දු 34කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 38ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මල්ෂ ප්‍රනාන්දු සහ හසිත් රත්නායක කඩුලු 3ක් බැගින් ද සහ දුනිත අනුසාර කඩුලු ද්විත්වයක් ද ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (44.2)දිමන්ත මහවිතාන 21, ප්‍රවීන් රුකුනායක 59, විදුනෙත් ධම්මගේ 27, හසිත් රත්නායක 3/38, මල්ෂ ප්‍රනාන්දු 4/49
  • නාලන්දා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 184 (85.4)ගෙවිඳු මනම්පේරි 39, රන්මිත් දිනුවර 22, සංතුල් විජේරත්න 28, හසිත් රත්නායක නොදැවී 32, කනිල්ක ඇන්තනි 5/52, දිනාල් ප්‍රනාන්දු 2/37
  • ත්‍රිත්ව විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 274 (44.3)දිමන්ත මහවිතාන 59, මහේන්ද්‍ර අබේසිංහ 31, ආදම් හිල්මි 57, විදුනෙත් ධම්මගේ නොදැවී 38, සෙත්මික සෙනෙවිරත්න 28, දුනිත් අනුසාර 2/23, මල්ෂ ප්‍රනාන්දු 3/68, හසිත් රත්නායක 3/70

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 263ක් ඉදිරියෙන්

මෙම තරගය හෙට (28) 3 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<