නේක්ෂ ඉද්දමල්ගොඩත් ද්විත්ව ශතක සමාජයට

U19 School Cricket 2026

2
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ නේක්ෂ ඉද්දමල්ගොඩ ද්විත්ව ශතකයක් වාර්තා කළා.

අද (25) පානදුරේ දී අවසන් වූ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා සමඟ තරගයේ දී ඔහු විසින් මෙම දක්ෂතාව සිදු කරනු ලැබූවා. එහි දී ඔහු පන්දු 217කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 200ක් ලබා ගත්තා.

මේ අතර එම විද්‍යාලයේ ම සදික දම්යුරු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ද සහ පන්දු යැවීමේ දී එම විද්‍යාලයේ ම පන්සිළු සිල්වා ලකුණු 46කට කඩුලු 6ක් දවා ගනිමින් ද දක්ෂතා දක්වනවා.

මේ අතර අද මාතර උයන්වත ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගයේ දී  සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සිතුම් හසරංග සහ මාරියෝ ප්‍රනාන්දු මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

ඒ අතුරින් සිතුම් හසරංග පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 82ක් ද මාරියෝ ප්‍රනාන්දු පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහ 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ද ලබා ගත්තා.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 364 (77.5)සංදීප් විජේරත්න 22, නේක්ෂ ඉද්දමල්ගොඩ නොදැවී 200, බිහඟ සිල්වා 30, උමන්ත ආකාශ් 24, සදික දම්යුරු නොදැවී 52, නිමේෂ සිල්වා 2/128
  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (48.0)විදුසර ගනේගොඩ 24, යශේන් පියුමක 49, කවීෂ චන්දිමාල් 23, ප්‍රභාගරන් ඉෂාන් නොදැවී 24, මෙවිඳු කුමාරසිරි 4/46, ශංසන ඉමේෂ් 2/30, දිනූෂ දුලාංජන 3/02
  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 110 (28.0)ගගන ලංකේශ්වර 21, විදුසර ගනේගොඩ 21, යශේන් පියුමක 21, මෙවිඳු කුමාරසිරි 2/39, පංසිළු සිල්වා 6/46

 ශ්‍රී සුමංගල විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 72ක ජයක්.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (71.2)මාරියෝ ප්‍රනාන්දු 65, මෙවන් දිසානායක 37, විහඟ රත්නායක 35, සිතුම් හසරංග නොදැවී 82, මනුග ගුරුගේ 2/59, තත්සර දෙව්මිත් 4/76
  • සාන්ත තෝමස් විද්‍යාලයපළමු ඉනිම කඩුලු 3ක් දැවී 65 (21.0) පුනාල් පමුදිත 24, අයේෂ් ගජනායක 2/20 

සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 231ක් පිටුපසින්.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<