ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැති තරගය (25දා) විසඳුමකින් තොරව අවසන් වූවා.
කොළඹ BRC පිටියේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 189ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 54ක් ලබා සිටියා.
පෙර දිනයේ ඔවුන් තම පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 246ක් ලබා සිටිය දී අත් හිටුවනවා. එම ඉනිම වෙනුවෙන් පෙර දින නොදැවී ලකුණු 25ක් ලබා සිටි පුලීශ තිලකරත්න තම ඉනිම ලකුණු 89ක් කරා රැගෙන ගියා. ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට ඔහු පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණ 89ක් ලබා සිටියා.
ඊට අමතර ව දිනාල් ප්‍රනාන්දු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ද සහ මහේන්ද්‍ර අබේසිංහ පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී වමතින් මඳ වේග පන්දු යවන අභීත් පරණවිදාන ලකුණ 95කට කඩුලු 4ක් ද සහ ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත්තා.
ලකුණු 57ක් පිටුපස සිටිමින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 182ක් ලබා සිටියා.
එම ඉනිමේ දී ආරම්භක පිතිකරු ජේඩන් අමරවීර පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා. ඔහු පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කරනවා.
ඔහුට අමතර ව කොඩිතුවක්කු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චනිරු සේනාරත්න ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත්තා.
- තවත් තරග 3ක් විසඳුමකින් තොරව අවසන්
- 70’s ලෝක කුසලාන තරගාවලියත් ආරම්භ වෙයි
- තරග ද්විත්වයක් විසඳුමක් නැතිව විසදෙයි
- දමේස් මතීසන් දවසේ වීරයා වෙයි
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹ BRC පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය
සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (77.4) ජේඩන් අමරවීර 50, ආරන් කොඩිතුවක්කු 72, ශනිල් පෙරේරා නොදැවී 37, කනිල්ක ඇන්තනී 5/65, ඩිනාල් ප්‍රනාන්දු 3/34
ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 246 (58.2) පුලීශ තිලකරත්න 89, මහේන්ද්‍ර අබේසිංහ 44, දිනාල් ප්‍රනාන්දු 45, ආදම් හිල්මි 32, ගිම්හාන් මෙන්ඩිස් 3/41, අභීත් පරණවිදාන 4/95
සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 182 (53.0) ජේඩන් අමරවීර 68, ආරන් කොඩිතුවක්කු 45, චනිරු සේනාරත්න 2/44
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට.)
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















