ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (15) ආරම්භ වූ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගයේ දී රජිත් නවෝද්‍ය සමරසිංහ සහ දිනිඳු ඩිලාන් අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වුණා.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ රජිත් නවෝද්‍ය සමරසිංහ පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 65ක් ලබා ගනිද්දී ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආරම්භක පිතිකරු දිනිඳු ඩිලාන් පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 65ක් ලබා සිටියා.
මේ අතර අද අවසන් වූ කැළණිය ශ්‍රී ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.
- කෝඩුකාර ටැන්සානියාව එක් ව තරගාවලියට එන D කාණ්ඩය
- ශ්‍රී ලංකා යෞවනයෝ 2 වැනි පුහුණු තරගයත් ජය ගනී
- සසිත් සහ ඔෂද දක්ෂතා දක්වයි
කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – මලියදේව විද්‍යාලය
- මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 202 (52.0)තිවංක පබසර 47, රජිත් නවෝද්‍ය සමරසිංහ 65, දුශාන් සයුරංග 25, නිශුද සොම්නස් චන්ද්‍රසිරි 21, මහීෂ සිතුම් 2/57, තාරුක මනරම් 3/41, දම්සිත් සුබාෂ 3/45
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 125 (41.0)දිනිඳු ඩිලාන් නොදැවී 65, අශේන් සත්සර 20
සාන්ත සෙබස්තියන් විද්‍යාලය තවත් ලකුණු 77ක් පිටුපසින්.
මෙම තරගය හෙට (16) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය මීගමුවඹ, කදිරාන විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 203 (80.0)කවීන් දෙනෙත් 50, මෙවන් රන්දීපන 38, සතිඳු ප්‍රබෝධ නොදැවී 54, සශිත් බණ්ඩාර 6/80, කේශන ගුණවර්ධන 2/15
- ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (52.5) තරිඳු වර්ණකුලගේ 37, සශිත් බණ්ඩාර 22, ටිශාන් නිපුන් 3/23, සතිඳු ප්‍රබෝධ 3/41, තරුෂ මිහිරංග 2/35
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 124 (56.0) මිනුක දින්සර 33, තරුෂ මිහිරංග 22, කෝෂිත ආදිත්‍ය නොදැවී 18, සශිත් බණ්ඩාර 2/23, ඔනිත විතානගේ 3/32, කේශාන් ගුණවර්ධන 2/36
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















