සුමේද දවසේ හොඳම පන්දු යවන්නා වෙයි

U19 School Cricket 2026

2
U 19 School Cricket - 14th February

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක අද (14) ක්‍රියාත්මක තරගවල දී දිනයේ හොඳම පන්දු යවන්නා බවට පත් වීමට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දකුණතින් මඳ වේග පන්දු යවන සුමේද ප්‍රසාද් සමත් වුණා.

ඔහු මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ලකුණු 47කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව කොළඹ රාජකීය විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යවන හිමරු ද සිල්වා (5/74) ද පන්දු යවන්නන් අතර දක්ෂතා දැක් වූවා.

පන්දුවට පහර දීමේ දී ගාල්ල මහින්ද විද්‍යාලයේ තෙවිඳු රශ්මික (63) සහ කවිඳු නිම්සර (නොදැවී 76) අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් දක්ෂතා දැක් වූවා.

අද (14) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු සටහන්

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – මහානාම විද්‍යාලය

  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 55 (13.0) දුලිනිත් සිගේරා නොදැවී 30

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය

  • වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (73.5) සෙහඳු ආතාවුද 47, රශ්මික අමරරත්න 47, රමිරු පෙරේරා 3/73, හිමරු ද සිල්වා 5/74
  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 70 (14.4) හිරුන් ලියනාරච්චි නොදැවී 30, රෙහාන් පීරිස් නොදැවී 37

මෙම තරග හෙට (15) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද (14) අවසන් වූ තරගවල කෙටි ලකුණු සටහන්.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය

  • ආනන්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 258 (80.0) නෙතුල එදිරිමාන්න 54, ශාරද ජයරත්න 43, ඔවින් පෙරේරා නොදැවී 63, රශාන් දිලක්ෂ 23, දනිරු රණසිංහ නොදැවී 26, අරෝෂ උදයංග 3/88
  • මහින්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 346 (80.0) තෙවිඳු රශ්මික 63, දුල්සිත් දර්ශන 30, රන්දුල මාබරණ 39, දිනෙත් පැහැසර 31, ගෙසඳු බිසස් 49, කවිඳු නිම්සර නොදැවී 76, රශාන් දිලක්ෂ 2/39, ආශිංස නයිනායක 3/83

තරගයේ විසඳුමක් නෑ.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය

  • ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (55.0) කාශ්‍යප දිසානායක 22, සශිත් බණ්ඩාර 41, මංදිල් ගුණවර්ධන 49, දිනුර පවන්ජිත් 2/42, වින්දිල චනුත් 4/41
  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (37.5) අබ්දුල් රශීඩ් 22, දිනුර පවන්ජි 21, තත්සර දෙව්මිත් නොදැවී 33, සුමේධ ප්‍රසාද් 6/47, සශිත් බණ්ඩාර 2/19
  • ධර්මරාජ විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 132 (35.0) කාශ්‍යප දිසානායක 31, තරිඳු වර්ණකුලගේ 46, සශිත් බණ්ඩාර නොදැවී 28, වින්දිල චනුත් 2/63, මනුග ගුරුගේ 2/42

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ධර්මරාජ විද්‍යාලයට)

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<