ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක අද (12) දවසේ දී මලින්ත සිල්වා සහ සදීශ සිල්වා පන්දු යවන්නන් අතුරින් කැපී පෙණෙන මෙහෙවරක් සිදු කළා.
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන මලින්ත සිල්වා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ දී ලකුණු 51කට කඩුලු 5ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 54කට කඩුලු 5ක් ද දවා ගත් අතර ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 105කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
මේ අතර කැළණිය ගුරුකුල විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැති තරගයේ දී සාන්ත පීතර විද්‍යාලයේ දකුණතින් මඳ වේග පන්දු යවන සදීශ සිල්වා තරගයේ 2 වැනි ඉනිමේ දී ලකුණු 65කට කඩුලු 5ක් දවා ගත් අතර ඔහු පළමු ඉනිමේ දී ද ලකුණු 67කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 132කට කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
පිතිකරුවන් අතුරින් සාන්ත පීතර විද්‍යාලයේ අසදිස තේජාන් ගුරුකුල විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ දී පන්දු 224කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තා.
මේ අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ නෙතුල එදිරිමාන්න (54) සහ ඔවින් පෙරේරා (නොදැවී 63) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
අද (12) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු සටහන්
කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය පිටියේ දී. (Traditional)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
- ආනන්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 258 (80.0)නෙතුල එදිරිමාන්න 54, ශාරද ජයරත්න 43, ඔවින් පෙරේරා නොදැවී 63, රශාන් දිලක්ෂ 23, දනිරු රණසිංහ නොදැවී 26, අරෝෂ උදයංග 3/88
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 69 (12.0)තෙවිඳු රශ්මික නොදැවී 38, දුල්සිත් දර්ශන නොදැවී 30
ගාල්ල මහින්ද විද්‍යාලය ලකුණු 189ක් පිටුපසින්.
මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය
- ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (55.0) කාශ්‍යප දිසානායක 22, සශිත් බණ්ඩාර 41, මංදිල් ගුණවර්ධන 49, දිනුර පවන්ජිත් 2/42, වින්දිල චනුත් 4/41
- සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 28 (3.4) සුමේද ප්‍රසාද් 3/14
සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 149ක් පිටුපසින්.
මෙම තරග හෙට (14) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.
- ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් 2026 PSL තරගාවලියට
- ඉන්දියාව 6 වැනි වරටත් යොවුන් ලෝක ශූරයන් වෙයි
- තෙවිඳු, දිනෙත්, ඔෂඳ සහ කුශාන් ශතක සමාජයට
අද (13) අවසන් වූ තරගවල කෙටි ලකුණු සටහන්
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 304 (80.0)කවීෂ පෙරේරා 121, අදේශ් අල්මේදා 38, ලශේන් ප්‍රනාන්දු නොදැවී 88, හමීඩ් අෆ්ඩාල් 2/33
- ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 202 (56.1)මියුරු බණ්ඩාර 43, ශෙවාන් වෙල්ගම 22, රන්දිස බණ්ඩාරනායක 32, ශනාල් බිනුක්ෂ 39, මලින්ත සිල්වා 5/51, අදීශ ලක්ශාන් 2/38
ඩී. එස්. සේනානායක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 184 (52.0) චනුල් අතලේ 56, හමීඩ් අෆ්ඩාල් 36, ශෙවාන් වෙල්ගම 49, මලින්ත සිල්වා 5/54
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට.)
කැළණිය ගුරුකුල විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරගය කොස්ගම සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 282 (80.0)සවි ප්‍රනාන්දු 32, අසදිස තේජාන් 109, ජේසන් ප්‍රනාන්දු 82, සහස් ඉඳුවර 2/67, ලෙශාන් සත්සර 2/43
- ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (56.5)ජවිඳු මදුසංක 25, ලෙශාන් සත්සර 53, ඉඳුවර ඔෂද නොදැවී 22, සදීශ සිල්වා 4/67, තරීන් සංකේත් 2/17
- ගුරුකුල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 154 (44.0)සහස් ඉඳුවර 26, ඔහස් සදෙව් 23, ලෙශාන් සත්සර නොදැවී 22, සදීශ සිල්වා 5/65
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට.)
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















