ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක අද (10) දවසේ දී ගාල්ල මහින්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර තරගය විසඳුමකින් තොරව අවසන් වුණා.
එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලය වෙනුවෙන් දිනෙත් පැහැසර පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 175ක් ද සහ තෙවිඳු රශ්මික පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 151ක් රැස් කළා.
ඊට අමතර ව පිළිතුරු නාලන්දා විද්‍යාලයීය ඉනිමේ දී ඔෂඳ පමුදිත පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.
මේ අතර අද ආරම්භ වූ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයේ දී සාන්ත ආනා විද්‍යාලයේ දකුණත් පිතිකරු කුශාන් සුබසිංහ පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 129ක් ලබා ගත්තා.
ඔවුන් තිදෙනාට අමතර ව කොළඹ නාලන්දා විද්‍යාලයේ නඳුල් ජයලත් (54), මොරටුව සානත් සෙබස්තියන් විද්‍යාලයේ අදේශ් අල්මේදා (59), බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ සවි ප්‍රනාන්දු (59), පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ සදික් දම්යුරු (69), කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ දිනුග මෙත්විරු (76), ඉෂාන් ඛාන් (70) සහ සනුජ නිඳුවර (නොදැවී 79), මොරටු මහා විද්‍යාලයේ දෙනෙත් සිතුමිණ (85), රිච්මන්ඩ් විද්‍යාලයේ අමීෂ රසාංජන (90) සහ ටෙනුශ නිම්සර (69), අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
මේ අතර පන්දු යැවීමේ දී වෙස්ලි විද්‍යාලයේ දකුණතින් මඳ වේග පන්දු යවන ජීවහන් ශ්‍රීරාම් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහි ව ලකුණු 75කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කරනවා.
අද (10) අවසන් වූ තරගවල කෙටි ලකුණු සටහන්
කොළඹ නාලන්දා විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 507 (76.5)තෙවිඳු රශ්මික 151, දුල්සිත් දර්ශන 49, දිනෙත් පැහැසර 175, මානිත රාජපක්ෂ 65, හසිත් රත්නායක 4/165, මෙතුක පෙරේරා 2/39
- නාලන්දා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 349 (80.0)නඳුල් ජයලත් 54, රන්මිත් දිනුවර 27, නෙමිඳු අක්මීමන 43, ඔෂඳ පමුදිත නොදැවී 101, මිහින් සොයිසා 36, ගෙවිඳු මනම්පේරි 34, මල්ශ ප්‍රනාන්දු 26, කවිඳු නිම්සර 2/59, මානිත රාජපක්ෂ 5/115
- මහින්ද විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 100 (21.0)දුල්සිත් දර්ශන 24, රන්දුල මාබරණ නොදැවී 54
තරගයේ විසඳුමක් නෑ.
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරගය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 319 (72.4)දිනෙත් ද සිල්වා 25, අසදිස ද සිල්වා 35, ජොෂුවා සෙබස්තියන් 36, එනෝෂ් පීටර්සන් 86, සදීශ සිල්වා නොදැවී 84, අදේශ් අල්මේදා 5/33, මලින්ත සිල්වා 3/98
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (67.2)අදේශ් අල්මේදා 59, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 33, ලශේන් ප්‍රනාන්දු 42, ශෙෆාන් ප්‍රනාන්දු 45, ජනිත් පන්ඩිතරත්න 4/55, සදීශ සිල්වා 4/84
- සාන්ත පිතර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 251 (45.0)සවි ප්‍රනාන්දු 59, දිනෙත් ද සිල්වා 48, එනෝෂ් පීටර්සන් 40, සදීශ සිල්වා 47, තරීන් සංකේත් නොදැවී 24, ශෙනාෂ් හශේන් 3/76, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 2/45
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය සාන්ත පීතර විද්‍යාලයට)
- ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයේ පළමු ජය ලබයි
- නෙතුජ දවසේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කරයි
- අදේශ්, දුල්සිත් සහ උෂාන් ශතක වාර්තා කරයි
අද (10) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු සටහන්
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දි. (Tier B)
කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
- ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 245 (79.5)විදුර බාසුරු 46, නේක්ෂ ඉද්දමල්ගොඩ 39, සදික් දම්යුරු 69, ජීවහන් ශ්‍රීරාම් 6/75, කවිඳු හෙට්ටිආරච්චි 2/20
- වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 33 (8.0)
වෙස්ලි විද්‍යාලය ලකුණු 212ක් පිටුපසින්.
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
- සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 411 (80.0)ඉමන්ජිත් මෙත්විරු 76, කුශාන් සුබසිංහ 129, ඉෂාන් ඛාන් 70, යශ්මින් ජයසුන්දර 35, සනුජ නිඳුවර නොදැවී 79, විශ්මිත සනෝජ් 2/90
- සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 60 (13.0)කවිඳු සෙනාදි නොදැවී 32, ශෙහාරා දෙව්තිළිණ 26
සාන්ත ආනා විද්‍යාලය ලකුණු 351ක් පිටුපසින්.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය අඹේපුස්ස යුද හමුදා සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
- රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 283 (77.4)රිනිසු රූපසිංහ 28, අමීෂ රසාංජන 90, බෙවින් ජයවර්ධන 27, ටෙනුශ නිම්සර 69, නෙතුජ බාසිත 22, රයන් ග්‍රෙගරි 3/65, සනිතු ගුණතිලක 2/94
- සාන්ත අන්තෝනි විද්‍යාලය – කිසිවෙක් නොදැවී 34 (11.0)සිසල් හේමක නොදැවී 18
සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 253ක් පිටුපසින්.
ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය වීරකැටිය මන්දාදුව ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – මොරටු මහා විද්‍යාලය
- මොරටු මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 171 (76.5)දෙනෙත් සිතුමිණ 85, සිතුම් සිල්වා 35, චනුල් නෙත්මිණ 2/09, මනිඳු පබසර 3/28, ඔෂධ දේවින්ද 3/30
- සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 84 (19.0)විනොද් දනුශ්ක 48, නිපුණ කරුණාරත්න 2/31
සාන්ත ඇලෝසියස් විද්‍යාලය ලකුණු 87ක් පිටුපසින්.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.




















