U 19 කාන්තා Youth ශූරතාව Galle ක්‍රීඩිකාවන්ට

U 19 Girls Sri Lanka Youth League T20 Tournament 2025

3

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්සයි Youth League ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරියන් බවට පත් වීමට Galle ක්‍රීඩිකාවෝ සමත් වුණා.  

අද (29) කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී Colombo කණ්ඩායම සමඟ පැවැති අවසන් මහා තරගයේ දී ලකුණු 90ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කිව්වා.  

පළමුවෙන් පන්දුවට පහර දුන් Galle කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 143ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි Colombo ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 53ක් පමණයි.  

Colombo U 19 Girls කණ්ඩායම  

ලිමංසා තිලකරන්න (නායිකාව), ශෂිනි පෙරේරා, උමයංගනා පීරිස්, නෙතුකි කුඩලිගම, ලිහංසා දුල්මි ද සිල්වා, ඔනලි අදීශා (කඩුලු රකින්නිය), යෙසලි ජිතාරා, නෙත්මි නිමාශා ප්‍රනාන්දු, දාරියා දිසානායක, දිනිති නාගසිංහ සහ යෙවාදී වෙනීස්සා. 

 

Galle U 19 Girls  කණ්ඩායම 

රිශ්මි සංජනා (නායිකාව) සංජනා කාවින්දි, සෙත්මි නිම්සරා, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), රශ්මි නේත්‍රාංජලී, හිරුණි හංසිකා, ශෙහාරා ඉඳුවරී, චමෝධි හේරත්, ශෂිනි උමාෂා ද සිල්වා සහ දිනිති ප්‍රතිභාෂිනී. 

කාසියේ වාසිය දිනා ගත් Galle ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගනිමින් පිටියට පිවිසිය ද ඔවුන්ට එතරම් ම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.  

ඉනිමේ පළමු ද්විත්වය පළමු පන්දුවාරයේ දී ම දැවී යන්නේ ලකුණු පුවරුව ලකුණු 3ක් ව පවතිද්දීයි.  

අනතුරු ව 3 වැනි කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 37ක සබඳතාවක් එක් කිරීමට සංජනා කාවින්දි සහ නෙතගි ඉසුරාංජලී සමත් වෙනවා. ඒ අතුරින් සංජනා කාවින්දි පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගනිමින් සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.  

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියේ එක් වූ නෙතගි ඉසුරාංජලී සහ රශ්මි න්‍රේතාංජලී Galle ඉනිම අවසන් වෙද්දී සිව් වැනි කඩුල්ලට පන්දු 79ක දී නොදැවුණ ලකුණ 103ක් එක් කරනවා. එහි දී නෙතගි ඉසුරාංජලී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 77ක් ද සහ රශ්මි නේත්‍රාංජලී පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද ලබා ගත්තා.  

දැවී ගිය කඩුලු ත්‍රිත්වයෙන් ද්වත්වයක් ම දුවද්දී දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙන අතර අනෙක් කඩුල්ලේ හිමිකාරිත්වය යෙවාදි වෙනීස්සා සතු වෙනවා.  

පිළිතුරු Colombo කණ්ඩායම ආරම්භයේ සිට ම ප්‍රතිවාදීන් ඉදිරියේ අසරණ වූවා. ඔවුන්ගේ ඉනිමේ ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන් කරා යෑමට සමත් වෙන්නේ නෙතුකි කුඩලිගම සහ ඔනාලි අදීශා පමණයි.  

නෙතුකි කුඩලිගම පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද සහ ඔනලි අදීශා පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද ලබා ගත්තා. ඊට අමතර ව ලිහංසා දුල්මි ද සිල්වා පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 9ක් ලබා ගත්තා.  

එම ඉනිමේ දී ශෙහාරි ඉඳුවරී තමන් විසින් යැවූ ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඇය තම පන්දු යැවීම අවසන් කරන්නේ පන්දුවාර 2ක දී ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමිනුයි.  

ඊට අමතර ව දිනිති ප්‍රභාෂීනී කඩුලු 2ක් ද, රිශ්මි සංජනා සහ චමෝදි හේරත් කඩුල්ලක් ද බැගින් හිමිකර ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Galle U 19 Girls – කඩුලු 7ක් දැවී 94 (20.0) සංජනා කාවින්දි 21, නෙතගි ඉසුරාංජලී නොදැවී 77, රශ්මි නේත්‍රාංජලී නොදැවී 39

Colombo U 19 Girls – සියලුම දෙනා දැවී 53 (12.0) නෙතුකි කුඩලිගම 11, ඔනලි අදීශා 11, දිනිති ප්‍රතිභාෂිනී 2/19, ශෙහාරා ඉඳුවරී 4/10

 

Galle U 19 Girls කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  

  • අවසන් මහා තරගයේ වීරයා – නෙතගි ඉසුරාංජනී (Galle) 
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – රිශ්මි සංජනා (Galle) 
  • තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය – සංජනා කාවින්දි (Galle) 
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – නෙත්මි උපෙක්ෂා (Dambulla) 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<