ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්සයි Youth League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (28) මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර එහි දී Galle ක්‍රීඩිකාවෝ පිට පිට ලබා ගත් 5 වැනි ජයග්‍රහණය අද ලබා ගැනීමට සමත් වූවා.
ඒ අනුව ඔවුන් තරගාවලියේ ප්‍රසාද ලැයිස්තුවේ 1 වැනි ස්ථානයට පත් වෙමින් තරගාවලිය අවසන් කරන ලද අතර එහි 2 වැනි ස්ථානය Colombo කණ්ඩායම සතු වූණා. එම කණ්ඩායම් ද්විත්වය තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර එම තරගය හෙට (29) කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
Dambulla U 19 Girls සහ kandy U 19 Girls අතර තරගය
කාසියේ වාසිය දිනා ගත් Dambulla ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 83ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Dambulla ක්‍රීඩිකාවෝ තවත් පන්දු 12ක් ඉතිරි ව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 84ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
Kandy ඉනිම වෙනුවෙන් කවීෂ්කා අබේරත්න පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත් අතර ආරම්භක පිතිකාරිනී චංචලා බෝලවත්ත පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.
අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට නොහැකි වූ අතර එහි දී නෙත්මි උපේක්ෂා ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව චලනි කවීෂා කඩුලු 2ක් ද, දනුලි තෙන්නකෝන්, කේශලි සනුලි සහ වගීශා ජයවර්ධන කඩුල්ල බැගින් දවා ගත්තා.
හඹා ගිය Dambulla ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී නෙත්මි උපේක්ෂා. ඇය පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා. ඇය චලනී කවීෂා (3) එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 40ක සබඳතාවක් ද එක් කරනවා.
තරගය අවසන් වන විට චතුමිණි සඳකිරණි සහ දනෝද්‍යා සෙව්මිණි නොදැවී ලකුණු 7ක් බැගින් ලබා ගෙන සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රමුධි මෙත්සරා ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව අසේනි තලගුණේ සහ චමෝධි මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Kandy U 19 Girls–කඩුලු 9ක් දැවී 83 (20.0) චංචලා බෝලවත්ත 18, කවිශ්කා අබේරත්න 20, නෙත්මි උපේක්ෂා 3/14, චලනි කවීෂා 2/12
- Dambulla U 19 Girls – කඩුලු 5ක් දැවී 84 (18.0) නෙත්මි උපේක්ෂා 38, ප්‍රමුදි මෙත්සරා 3/14
Dambulla U 19 Girls කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
- සංජනා සහ උමයංගනා අර්ධ ශතකය ලබා ගනී
- 2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී
- Tier B පිටියේ වීරයෝ
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වලට ප්‍රහාරාත්මක පිතිකරණය පිළිබඳ පුහුණුවක්
- Youth පිටියේ පෑයු තරු
Colombo U 19 Girls සහ Galle U 19 Girls අතර තරගය
කාසියේ වාසිය දිනා ගත් Colombo ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 7ක් දැවී ලකුණු 94ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Galle ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා.
Colombo කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ යෙසලි ජිතාරා. ඇය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකාරිනී ශෂිනි පෙරේරා පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චමෝදි හේරත් ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ශොහාරා ඉඳුවරී, රිශ්මි සංජනා සහ රශ්මි නේත්‍රාංජලී කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Galle කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. ඒ අනුව සංජනා කාවින්දි සහ සෙත්මි නෙහාරා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 65ක සබඳතාවක් එක් කරනවා.
එහි දී පළමුවෙන් කඩුල්ල අහිමි කර ගන්නේ සංජනා කාවින්දි. ඇය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා. සෙත්මි නෙහාරා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27ක්. ඇය මේ වෙනුවෙන් පන්දු 29කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 3ක් එක් කර තිබුණා.
ඊට අමතර ව තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී නෙතගි ඉසුරාංජලී පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද සහ රශ්මි නේත්‍රාංජලී පන්දු 5කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 9ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී වනීශා රොද්‍රිගෝ ලකුණු 22කට කඩුලු 2ක් ද සහ ලිමංසා තිලකරත්න කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Colombo U 19 Girls – කඩුලු 7ක් දැවී 94 (20.0)ශෂිනි පෙරේරා 20, යෙසලි ජිතාරා නොදැවී 25, චමෝදි හේරත් 2/15
- Galle U 19 Girls –කඩුලු 3ක් දැවී 97 (14.1)සංජනා කාවින්දි 30, සෙත්මි නෙහාරා 27, නෙතගි ඉසුරාංජලී නොදැවී 12, වනීශා රොද්‍රිගෝ 2/22
Galle U 19 Girls කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<