ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්සයි Youth League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (25) කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී අවසන් වූ අතර එහි දී Dambulla කණ්ඩායම නියෝජනය කළ සංජනා කාවින්දි සහ රිශ්මි සංජනා සුපිරි දක්ෂතා දැක් වූවා.
Kandy U 19 Girls සහ Colombo U 19 Girls අතර තරගය
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 15කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Kandy ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව Colombo ක්‍රීඩිකාවන් වෙත පැවැරූ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 66ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි Kandy ක්‍රීඩිකාවෝ තම පන්දුවාර ප්‍රමාණය අවසන් වන විට ලබා ගන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 64ක් පමණයි.
හඹා ගිය Kandy ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී ප්‍රමුධි මෙත්සරා. ඇය පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා ගන්නවා. ඊට අමතර ව නායිකා අසේනි තලගුණේ පන්දු 26කට මුහුණ දෙමින් ලකුණු 15ක් ලබා ගන්නවා.
එම ඉනිමේ අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ප්‍රතිවාදී පන්දු යවන්නියෝ ඉඩ නොදුන් අතර ඒ අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ දිනිති නාගසිංහ. ඇය ලකුණු 13කට කඩුලු 3ක් දවා ගන්නවා.
ඊට අමතර ලිමංසා තිලකරත්න ද කඩුල්ලක් දවා ගන්නවා.
පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ නායිකා ලිමංසා තිලකරත්න. ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නා ලද අතර ඊට අමතර ව ශෂිනි පෙරේරා ද පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගන්නවා.
අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට නොහැකි වන අතර පන්දු යැවීමේ දී හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ධරණි දිසානායක. ඇය ලකුණු 7කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව මිතාලි අනෝද්‍යා කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ප්‍රමුධි මෙත්සරා සහ සනුකි පතිරගේ කඩුල්ල බැගින් බෙදා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Colombo U 19 Girls–සියලුම දෙනා දැවී 66 (14.4) ශෂිනි පෙරේරා 10, ලිමංසා තිලකරත්න 17, ධරණි දිසානායක 3/07, මිතාලි අනෝද්‍යා 2/02
- Kandy U 19 Girls – කඩුලු 6ක් දැවී 64 (15.0) ප්‍රමුධි මෙත්සරා 18, අසේනි තලගුණේ 15, දිනිති නාගසිංහ 3/13
Colombo U 19 Girls කණ්ඩායමට ලකුණු 2ක ජයක්.
- රිශ්මි සහ දිනිති දක්ෂතා දක්වයි
- Tier B පිටියේ වීරයෝ
- SSC කණ්ඩායම Tier B ශූරතාව දිනා ගනී
- Jadeja තනිවෙයි; ටෙස්ට් ක්‍රිකට් වැජඹෙයි
- Colombo North කණ්ඩායම 19න් පහළ Youth ශූරතාව දිනා ගනී
Dambulla U 19 Girls සහ Galle U 19 Girls අතර තරගය
කාසියේ වාසිය දිනා ගත් Galle කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 144ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Dambulla ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලබා ගන්නේ ලකුණු 100ක් පමණයි
පළමුවෙන් පන්දුවට පහර දුන් Galle කණ්ඩායමේ වැඩිම ලකුණුලභිනිය වන්නේ සංජනා කාවින්දි. ඇය පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගන්නවා. ඇය අද වාර්තා කරන්නේ මෙම තරගාවලියේ මංගල අර්ධ ශතකයයි.
ඇයට අමතර ව නෙතගි ඉසුරාංජලී පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 62ක් ලබා ගන්නවා.
පන්දු යැවීමේ දී චලනි කවීශා ලකුණු 18කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව නෙත්මි උපේක්ෂා සහ චනුලි විශ්මි විජේසිංහ කඩුලුල බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Dambulla ඉනිම අසාර්ථක කිරීමේ පෙරමුණ ගන්නේ රිශ්මි සංජනා. ඇය ප්‍රතිවාදී ඉනිම අවසන් වන විට ලකුණු 11කට කඩුලු 5ක් දවා ගත්තා. එය මෙවර මෙම තරගාවලියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා.
ඊට අමතර ව දිනිති ප්‍රතිභාශණ සහ චමෝධි හේරත් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු Dambulla ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ චතුමිණි සඳකිරණි. ඇය පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නවා. ඊට අමතර ව නායිකා දිනාය ගමගෙදර පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Galle U 19 Girls – කඩුලු 4ක් දැවී 144 (20.0)සංජනා කාවින්දි නොදැවී 57, ලක්නි නිම්සරා 12, නෙතගි ඉසුරාංජලී 30, හිරුණි හංසිකා නොදැවී 11, චලනි කවීශා 2/18
- Dambulla U 19 Girls –කඩුලු 8ක් දැවී 100 (20.0)දිනායා ගමගෙදර 20, චතුමිණි සඳකිරණි 25, වගීශා ජයවර්ධන 13, රිශ්මි සංජනා 5/11
Dambulla U 19 Girls කණ්ඩායමට ලකුණු 44ක ජයක්.
මෙම තරගාවලියේ තවත් තරග ද්විත්වයක් මේ මස 26 වැනිදා මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.