පළාත් කණ්ඩායම් 5ක ක්‍රීඩකයෝ 80 දෙනෙක් එක් කිරුළක් සඳහා තරග වදින ශ්‍රී ලංකා ක්‍රිකට් – ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.
>>පළාත් ක්‍රීඩකයන් 80කගේ යොවුන් අරගලය<<
තරගාවලිය දින 7ක තරග 13කින් සමන්විත අතර මේ මස 28 වැනිදා කොළඹ 7, තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී ශූරයන් අභිශේක ලැබීමට නියමිතයි.
තරගාවලිය සඳහා එක් වෙන කොළඹ උතුර කණ්ඩායමේ නායකත්වය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් කණ්ඩායම හා එක් වූ මිශික අබේවර්ධන වෙත පවරා තිබෙනවා. දකුණත් පිට දඟ පන්දු යවන මිෂික අබේවර්ධන වමත් පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරන හිරුක අකලංක ගාල්ල වයස අවුරදු 15න් පහළ කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇති අතර ඔහු කණ්ඩායම හා එක් වෙන්නේ වමත් දඟ පන්දු යවන්නෙක් ලෙසයි. හිරුක අකලංක ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක ගේ සහෝදරයායි.
තරගාවලිය සඳහා එක් වෙන කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ දකුණත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලයේ මෙතුක ගුණරත්න වෙතයි.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය නියෝජනය කරන ලකිඳු මෙවුල් මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇති අතර ඔහුගේ සහායකයා ලෙසින් නම් කර ඇත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දඟ පන්දු යවන ශෂිත බණ්ඩාර.
තරගාවලිය සඳහා එක්වෙන දඹුල්ල කණ්ඩායමේ නායකත්වය දකුණතින් පා දඟ පන්දු යවන මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලයේ යුමාල් එගොඩගේ නම් කර ඇති අතර පා දඟ පන්දු යවන නෙසාද් වීරසේකර කණ්ඩායමේ උප නායකත්වයට නම් කර තිබෙනවා.
තරගාවලියේ පළමු වටයේ තරග හෙට සිට මේ මස 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම තරග අවසානයේ සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ ලැයිස්තු ගත වෙන පළමු කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා එක් කර ගැනීමට නියමිතයි.
ඒ අනුව පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරග මේ මස 26 වැනිදා පැවැත්වෙන අතර එහි දී 1 වැනි අවසන් පූර්ව තරගය කොළඹ, වෙළඳ සේවා ක්‍රිකට් පිටියේදීත් සහ 2 වැනි අවසන් පූර්ව තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේදීත් පැවැත්වීමට නියමිතයි.
එම තරග ජයග්‍රහණය කරන කණ්ඩායම් ද්විත්වය අතර පැවැත්වෙන අවසන් මහා තරගය නොවැම්බර් 28 වැනිදා කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
- Suryavanshi ගෙන් වේගවත් ශතකයක්
- රිච්මන්ඩ් පරාජය කළ මහානාමයන් Tier A ශූරයන් වෙයි
- කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
මිශික අබේවර්ධන (නායක – කොළඹ, ආනන්ද විද්‍යාලය), චේතින කාවින්ද (මරදාන, සාන්ත ජෝසප් විද්‍යාලය), චානුක විදර්ශන (මරදාන, වෙස්ලි විද්‍යාලය), ගිත්ම ඉමදිත් (කොළඹ, නාලන්දා විද්‍යාලය), ගෞර මින්සර (මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය), චනුත් හර්දස (කොළඹ, වෙස්ලි විද්‍යාලය), සෙහඳු සමරවීර (ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලය), හෆීස් ජුන්කීර් (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය), ජනදීප උශාන් (කොළඹ ආනන්ද විද්‍යාලය), අබ්දුල් රහුමාන් (මීගමුව, සාන්ත පීතර විද්‍යාලය), ශෙනුක් නිලේශ් (කැළණිය, ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය), දිහේන් ජයතිලක (කොළඹ, සාන්ත ජෝසප් විද්‍යාලය), දෙසිඳු දින්සර (හේනේගම මධ්‍ය මහා විද්‍යාලය), සදෙව් දෙව්මිණ (කොටහේන, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය), තිසඟ පෙරේරරා (කොළඹ, සාන්ත ජෝසප් විද්‍යාලය) සහ සදිස කාවින්ද (වත්තල, සාන්ත අන්තෝනි විද්‍යාලය).
- වෙළඳ සේවා T20 ශූරතාව Hayleys Group A කණ්ඩායමට
- රිච්මන්ඩ්වරුන් අවසන් මහා තරගයට
- ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
හිරුක අකලංක (නායක – ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලය), මොහොමඩ් ශිහාබ් (මාතර, සාන්ත සර්වේශස් විද්‍යාලය), සෙතුජ මන්දිනූ (මාතර සාන්ත තෝමස් විද්‍යාලය), හිරුන් මතීෂ (අම්බලන්ගොඩ, පී. ද එස්. කුලරත්න විද්‍යාලය), චරණ චනුපති (සූරියවැව ජාතික පාසල), නිශිත් තේජව (අම්බලන්ගොඩ, ශ්‍රී දේවානන්ද විද්‍යාලය), දියත් සංජිත (රත්ගම, දේවපතිරාජ විද්‍යාලය), ලිනුවර සත්විදු (රත්ගම, දේවපතිරාජ විද්‍යාලය), යසිරු නිම්සර ද සිල්වා (බලපිටිය, රේවත විද්‍යාලය), චෙනුල් මින්ලක (දෙබරවැව ජාතික පාසල), මෙත්මිල් රශ්මික (අහංගම, රෝහණ විද්‍යාලය), කවීෂ ගයාශාන් (මාතර, සාන්ත සර්වේශස් විද්‍යාලය), ගෙසඳු බිසස් (ගාල්ල, මහින්ද විද්‍යාලය), ගයුක කවිශ්ක (ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලය), ගිහාන් ගිම්සර (ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය) සහ එශාන් බිම්සර (කතළුව මධ්‍ය මහා විද්‍යාලය).
- රැජිණියන්ගේ මංගල ගැටුමේ ජය අනුලා විද්‍යාලයට
- සහෝදරත්වයේ සංග්‍රාමය නැවත විසඳුමක් නැතිව අවසන් වෙයි
- කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
මෙතුක ගුණරත්න (නායක – ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලය), සෙවෙන් ගමගේ (කොළඹ, රාජකීය විද්‍යාලය), මෙනුර දිසානායක (බම්බලපිටිය, සාන්ත පීතර විද්‍යාලය), මියුර බණ්ඩාර (කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලය), චෙනුක මිත්සර (කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය), ලිතුම් දේවසුරේන්ද්‍ර (මොරටුව, වේල්ස් කුමාර විද්‍යාලය), රනුද රණසිංහ (කොළඹ, රාජකීය විද්‍යාලය), සශිදු සිල්වා ( බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය), නවිනු ප්‍රනාන්දු (මොරටුව, සාන්ත සෙබස්තියන් විද්‍යාලය), දෙනුවන් සතිෂ් (කළුතර, වේලාපුර මහා විද්‍යාලය), චනුග මුදලිගේ (පානදුර, ශ්‍රී සුමංගල විද්‍යාලය), ආකාශ් දිසානායක (මොරටුව, වේල්ස් කුමාර විද්‍යාලය), ගගන ගමගේ (කොළඹ, රාජකීය විද්‍යාලය), සෙනුග දුල්මික (පන්නිපියට ධර්මපාල විද්‍යාලය), ඉමේෂ් චතුරංග සිල්වා (වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය), හමීඩ් අෆ්ඩාල් (කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලය).
- මිනුවන්ගොඩ ජනාධිපතිවරුන් ජය ගනී
- ඕස්ට්‍රේලියා යෞවනියෝ ඇප නැතිව ගෙදර යයි
- දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
යුමාල් එගොඩගේ (නායක – මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලය), මනුජ ජයසිංහ (ගලහිටියාව මහා විද්‍යාලය), උදර්ශ දිනුජය (සහස්ත්‍රාවින්ද විද්‍යාලය), රසිඳු ආකර්ශ (හලාවත, සාන්ත මරියා විද්‍යාලය), සංතෝශ් ගුණසේකර (මාතලේ බෞද්ධ විද්‍යාලය), ගිම්හාන් මිකෙල් (කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය), මුරලිතරන් අනීශ් (යාපන, හින්දු විද්‍යාලය), බිනත් බණ්ඩාර (පොළොන්නරුව, රාජකීය විද්‍යාලය), දිසස් බණ්ඩාර (කඩුලු රකින්නා – මාතලේ ජාත්‍යන්තර පාසල), සයුල් සමරකෝන් (ගංතිරියාගම මහා විද්‍යාලය), තරුෂ්ක ද සිල්වා (කටුනේරිය, සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), නෙසාද් වීරසේකර (උප නායක – කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය), පබසර වනසිංහ (රංගිරි දඹුල්ල මහා විද්‍යාලය), විතුන් රත්නකුමාර (මාතලේ, බෞද්ධ විද්‍යාලය), සිතිජ නෙත්සර (සාන්ත ඇන්ඩෲ විද්‍යාලය) සහ උදයකුමාර් ෂෙනොන් (යාපනය, සාන්ත ජෝන්ස් විද්‍යාලය).
- යොවුන් පිටිය ගිනියම් කළ දක්ෂතා
- 19න් පහළ යෞවනයෝ කොදෙව් හී පෑ දක්ෂතා
- මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
ලකිඳු මෙවුල් (නායක – මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය), උසුල උදාරක (මහනුවර, සාන්ත අන්තෝනි විද්‍යාලය), රන්දිලු නාරායන (මහනුවර, ත්‍රිත්ව විද්‍යාලය), සවිත විතානගේ (මහනුවර Springfield ජාත්‍යන්තර පාසල), රනෝදිත් විජේරත්න (මහනුවර, ත්‍රිත්ව විද්‍යාලය), අනුහස් ඩිල්ශාන් (අම්පාර, ගාමිණී මහා විද්‍යාලය), සනිරු අනුහස් දහනායක (මහනුවර, කිංග්ස්වුඩ් විද්‍යාලය), ඩුමිනි ගයන්ත (කෑගල්ල, ඩඩ්ලි සේනානායක විද්‍යාලය), තිනුලක රාජපක්ෂ (මහනුවර, ධර්මරාජ විද්‍යාලය), ඔකිඳු එදිරිසිංහ (මහනුවර, සාන්ත අන්තෝනි විද්‍යාලය), ඉමන්ජිත් දිසානායක (මහනුවර, ත්‍රිත්ව විද්‍යාලය), ශෂිත් බණ්ඩාර (උප නායක – මහනුවර ධර්මපාල විද්‍යාලය), ශතිර දෙනුවන් (මහනුවර, සාන්ත අන්තෝනි විද්‍යාලය), තිමල්ක සංකලන (ත්‍රීකුණාමලය, අග්‍රබෝධී ජාතික පාසල), තරුෂ නිමන්ත (කෑගල්ල, සාන්ත මරියා විද්‍යාලය).
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















