ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.
පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටස නියෝජනය කරන මහින්ද විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් ද සහ 2 වැනි කොටස නියෝජනය කරන කොළඹ රාජකීය විද්‍යාලයීය B කණ්ඩායම නුගේගොඩ Lyceum ජාත්‍යන්තර පාසලට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් ද මෙම අවස්ථාව උදා කර ගත්තා.
වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය
පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 121ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් සාන්ත අන්තෝනි විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 108ක් පමණයි.
ලකුණු 13ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පවිසි මහින්ද විද්‍යාලය එවර ලබා ගන්නේ ලකුණු 67ක් පමණයි. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 81ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසෙන සාන්ත අන්තෝනි විද්‍යාලය තරගය නතර කරන විට ලකුණු 25කට කඩුලු 7ක් දැවී ගොස් තිබුණා.
මෙම තරගයේ දී මහින්ද විද්‍යාලය වෙනුවෙන් ගසඳු බිසස් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ අතර ඊට අමතර ව සෙනුක වරුසවිතාන පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූවා.
සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් නසාර් හම්සාත් සහ හිමාෂ සිල්වා දක්ෂතා දැක් වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 121 (43.1) ගසඳු බිසස් 38, යසස් පුන්සිසි 26, නිම්නද දහන් 19, නසාර් හම්ෂාත් 3/31, චමත් දම්සර 3/34, සදීශ කාවින්ද 2/29
- සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 108 (25.5) හෆීස් ජුන්කීර් 41, හිමාෂ සිල්වා 29, ගසඳු බිසස් 5/32, අනුග පල්ලියගුරු 3/15, සෙනුක වරුසවිතාන 2/15
- මහින්ද විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 67 (27.1) කවිරු කිත්මිණ 26, කෙවින් ගීමිත නොදැවී 19, හිමාෂ සිල්වා 5/31, නසාර් හම්ෂාත් 4/13
- සාන්ත අන්තෝනි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 25 (7.0) සෙනුක වරුසවිතාන 4/10
තරගයේ විසඳුමක් නෑ. (මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජය)
- 15න් පහළ අර්ධ අවසන් පූර්ව වටය සූදානම්
- නුවනිඳු, චරිත් සහ එශාන් දක්ෂතා දක්වයි
- බස්නාහිර North Outer ජය ලබයි
- 23න් පහළ පළමු දිනයට ශතක වැස්සක්
- 2025 LPL තරගාවලියට දින වකවානු තහවුරු වෙයි
නුගේගොඩ Lyceum ජාත්‍යන්තර පාසල සහ කොළඹ රාජකීය විද්‍යාලයීය B කණ්ඩායම අතර තරගය
කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 185ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවනවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Lyceum ජාත්‍යන්තර පාසල සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 128ක් පමණයි.
මෙම තරගයේ දී කොළඹ රාජකීය විද්‍යාලයේ තලාල් කමිල් (57), Lyceum ජාත්‍යන්තර පාසලේ ගගන අභිලාශ් (53) අර්ධ ශතක ඉනිම් වාර්තා කරන ලද අතර කොළඹ රාජකීය විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන උශේන් තුඩුගල ලකුණු 12කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- රාජකීය විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 185 (44.1) තලාල් කමිල් 57, සිතුක අල්විස් 42, දුල්න නිම්නාල් 25, රවිනු රණතුංග 22, සෙනෙතු තිසේන් 3/38, මිහේල මිනතක 3/45
- Lyceum ජාත්‍යන්තර පාසල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (44.1) ගගන අභිලාශ් 53, නවීශ් ඉන්දුම 36, උශේන් තුඩුගල 6/12, විශ්මිද ප්‍රනාන්දු 2/18
තරගයේ විසඳුමක් නෑ. (රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජය)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<