ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සම ශූරයන් ලෙසින් අභිශේක ලැබුවා.
කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී අද (27) අවසන් වූ මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලට ම දෝලනය වෙමින් පැවැති අතර ලකුණු 2ක් ලබා නොදුන් සාන්ත අන්තෝනි විද්‍යාලය තම පරාජය බේරා ගත් අතර තර්ස්ටන් විද්‍යාලයට තම ජයග්‍රහණය අහිමි වෙන්නේ එම ලකුණු 2 ලබා ගත නොහැකි වීම හේතුවෙනුයි.
>>තර්ස්ටන් – සාන්ත අන්තෝනි 13න් පහළ අවසන් මහා තරගය හෙට
සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම
සංදිල් සෙනෙවිරත්න (නායක), මෙතුප බණ්ඩාර, විබූ සමරකෝන්, හිරුක අබේරත්න, මුහම්මද් ෆර්හාන් (කඩුලු රකින්නා), ධනුජය වීරකෝන්, ජනිරු බණ්ඩාර, විනයමුර්ති හරිකේශ්, මෙතික රාජගුරු, ඉනුල බෝයගොඩ සහ මිහින් දිසානායක.
තර්ස්ටන් විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම
දිදුල සමරසිංහ (නායක), ලින්දුල ජයනාන්දිත්, සඳූප සත්මිර (කඩුලු රකින්නා), නේමින්ධර ජයසිංහ, සුහස් සෙතික, අනුක් නෙත්සිලු, ආයුෂ් විජයසිංහ, යසිරු සංචල, යෙනුක බිනාල්, යුවිරු නදීෂ්, සහ විභීත රත්නවර්ධන.
- ශ්‍රී ලංකාව නැවතත් සටනට අවතීර්ණ වෙයි; අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ජීවමානයි
- නේක්ෂ ඉද්දමල්ගොඩත් ද්විත්ව ශතක සමාජයට
- T20 ලෝක කුසලානය රට වටා යන ගමන ආරම්භ වෙයි!
- NSL කාන්තා T20 ශූරතාව Greens ක්‍රීඩිකාවන්ට
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත අන්තෝනි විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිසෙමින් තමන්ට හිමි පන්දුවාර 50 දී කඩුලු 6ක් දැවී ලකුණු 176ක් ලබා ගත් අතර ජයග්‍රහණය සඳහා ලකුණු 177ක හඹා යන ඉනිමක් වෙනුවෙන් පිටියට පිවිසි තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායමට තරගය අවසන් වන විට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 4ක් දැවී ලකුණු 175ක් පමණයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නායක සංදිල් සෙනෙවිරත්න. ඔහු පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 94ක් ලබා ගත්තා.
ඊට අමතර ව ඔවුන්ගේ ඉනිම අවසන් වෙද්දී හිරුක අබේරත්න පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණ 30ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පා දඟ පන්දු යැවූ යසිරු සංචල ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව ආයුෂ් විජයසිංහට ද කඩුල්ලක් හිමි වූවා.
පිළිතුරු ඉනිමේ තර්ස්ටන් විද්‍යාලයීය ඉනිම ආරම්භ කළ සඳුප සත්මිර සහ නායක දිදුල සමරසිංහ 1 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවක් එක් කරනවා. එහි දී සඳුප සත්මිර පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 3ක් තර්ස්ටන් ඉනිමට එක් වෙද්දී 2 වැනි කඩුල්ල ද දැවී ගියා. ඉන් අනතුරු ව නැවත ලකුණු 49ක සබඳතාවක් එක් කරමින් තම ඉනිම ජයග්‍රහණය පෙනෙන මානයට ගෙන යෑමට දිදුල සමරසිංහ සහ ආයුෂ් විජයසිංහ සමත් වෙනවා.
ඔවුන්ගේ එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ දිදුල සමරසිංගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 67ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවා.
තරගය අවසන් වෙද්දී ආයුස් විජයසිංහ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී හිරුක අබේරත්න ලකුණු 27කට කඩුලු 2ක් ද සහ සංදිල් සෙනෙවිරත්න ලකුණු 33කට කඩුලු 2ක් ද දවා ගත්තා. තර්ස්ටන් ඉනිම පාලනය කිරිමේ දී පන්දු යවන්නෝ 9 දෙනෙක් ම යොදා ගැනීමට ප්‍රතිවාදී සාන්ත අන්තෝනි විද්‍යාලයීය නායකයා කටයුතු කළා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 176 (50.0) සංදිල් සෙනෙවිරත්න 94, හිරුක අබේරත්න නොදැවී 30, යසිරු සංචල
තර්ස්ටන් විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 175 (42.0) සදුප සත්මිර 19, දිදුල සමරසිංහ 67, ආයුෂ් විජයසිංහ නොදැවී 47, හිරුක අබේරත්න 2/27, සංදිල් සෙනෙවිරත්න 2/33
තරගයේ විසඳුමක් නෑ.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















