නෙත්ම සහ ඩිලංක දක්ෂතා දක්වයි

Tier B - 3 Day Tournament 2025/26

6
Tier B - 3 Day Tournament 2025/26 - 7th February

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 10 වැනි සතියේ තරග අද (7) අවසන් වූ අතර එහි දී දිනයේ වාර්තා කළ එක ම ශතකයේ හිමිකාරීත්වය  Leo කණ්ඩායමේ නෙත්ම කරුණාරත්නට හිමි වුණා.

ඔහු Ragama කණ්ඩායමට එරෙහි ව පන්දු 157කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.

ඊට අමතර ව United Southern කණ්ඩායමේ කවිඳු එදිරිවීර (59) සහ පෙසඳු සංජන් (81), Leo කණ්ඩායමේ හිරුන් සිගේරා (53), SL Navy කණ්ඩායමේ ලක්ෂාන් රොද්‍රිගෝ (75), SSC කණ්ඩායමේ නිපුන් ධනංජය (50) සහ රනුද සෝමරත්න (77), Colombo Malay කණ්ඩායමේ බුද්ධික හසරංග (68), Sebastianites කණ්ඩායමේ රුසිරු විලෝචන (53), ), Galle කණ්ඩායමේ ලිසුල ලක්ෂාන් (78),  මනෙල්ක ද සිල්වා (76) සහ උමයංග සුවාරිස් (95) අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.

දිනයේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වූයේ SL Navy SC කණ්ඩායමේ ඩිලංක අවර්ඩ්ට්. ඔහු SSC කණ්ඩායමේ 2 වැනි ඉනිමේ දී ද ලකුණු 100කට කඩුලු 8ක් දවා ගන්නා ලද අතර ඔහු පළමු ඉනිමේ දී ලබා ගත් කඩුලු 5ත් එකතුව තරගයේ දී ලකුණු 195කට කඩුලු 13ක් දවා ගන්නවා.

ඊට අමතර ව SL Army කණ්ඩායමේ ගයාන් චන්ද්‍රබෝස් United Southern කණ්ඩායමට එරෙහි ව ලකුණු 72කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර SSC කණ්ඩායමේ ගිෂාන් බාලසූරිය සහ Negombo කණ්ඩායමේ අමිත සංදීප ඉනිම 2 දී ම කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වෙනවා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Ragama CC සහ Leo CC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Leo CC

  • Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (70.2) මානිෂ රූපසිංහ 47, සාහිල් ඩයස් 26, මලීෂ සිල්වා 62, චානක විජේසිංහ 63, මල්ශාන් ගුණසිංහ 5/86, සෙනාශ් ප්‍රනාන්දු 3/42, ගිත්මින් කොළඹගේ 2/53
  • Leo CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 214 (50.0) හිරුන් සිගේරා 53, නෙත්ම කරුණාරත්න නොදැවී 101, සලිඳු පතිරණ 22, උපුල් ඉන්ද්‍රසිරි 2/86

තරගයේ විසඳුමක් නෑ.

SL Navy SC සහ SSC අතර තරගය වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – SL Navy

  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (61.1) ක්‍රිශාන් සංජුල 20, නිපුන් ධනංජය 128, රනුද සෝමරත්න 26, ලක්ෂිත මනසිංහ නොදැවී 52, ඩිලංක අවර්ඩ්ට් 5/95, රවීන් තරිඳු 2/83
  • SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 183 (44.1) වරුණ මයන්ත 35, තෙවිඳු දික්වැල්ල 28, රජිත රත්නායක 23, රවීන් තරිඳු නොදැවී 40, ඩිලංක අවර්ඩ්ට් නොදැවී 19, ගිෂාන් බාලසූරිය 5/69, නුවනිඳු ප්‍රනාන්දු 2/22
  • SSC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 278 (65.2) රනුක් ජයසූරිය 22, නිපුන් ධනංජය 50, රනුද සෝමරත්න 77, නුවනිඳු ප්‍රනාන්දු 32, දිනුර කළුපහන 22, ලක්ෂිත මනසිංහ 34, ගිෂාන් බාලසූරිය 26, ඩිලංක අවර්ඩ්ට් 8/100, ඉෂාන් අබේසේකර 2/56
  • SL Navy SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 138 (22.4) ලක්ෂාන් රොද්‍රිගෝ 75, ගිෂාන් බාලසූරිය 5/44

SSC කණ්ඩායම ලකුණු 209ක ජයක්.

Negombo CC සහ Colombo Malay CC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Negombo CC

  • Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 397 (77.3) කවීන් ප්‍රනාන්දු 41, පසිඳු තිරිමාදුර 115, දිමුත් සඳරුවන් 54, ශෙෂාන් ප්‍රනාන්දු 75, අමිත සංදීප 35, චානක දේවින්ද 6/152
  • Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 166 (42.1) බුද්ධික හසරංග 68, සුදාර දක්ෂිණ 37, අමිත සංදීප 5/39, දනුශ්ක සඳරුවන් 2/47, ෂෙහාන් ප්‍රමෝද් 3/64
  • Colombo Malay CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 135 (26.0) යෙසිත් රූපසිංහ 21, බුද්ධික හසරංග 29, හරිඳු ජයසේකර 22, අමිත සංදීප 5/53, ෂෙහාන් ප්‍රමෝද් 3/41, දනුශ්ක සඳරුවන් 2/37

Negombo කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 96ක ජයක්.

Moratuwa SC සහ Sebastianites C & AC අතර තරගය මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Sebastianites C & AC

  • Moratuwa SC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 365 (86.0) ඉසුල නිඳුවර 28, රශ්මික මෙවන් 38, පුබුදු බණ්ඩාර නොදැවී 35, ගවිනු බොතේජු 50, චානක රුවන්සිරි 50, විදුර ලක්ෂාන් 21, සහන් කෞශල්‍ය 38, බිශාන් හෙට්ටිආරච්චි 4/103
  • Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (28.0) රුසිරි විලෝචන 16, ගයාන් සිරිසෝම 4/25, රශ්මික මෙවන් 3/30, උශාන් සත්සර 3/36
  • Sebastianites C & AC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 308 (80.0) රුසිරු විලෝචන 53, මෙදුනක විජයතිලක 26, මනෙල්ක ද සිල්වා 76, උමයංග සුවාරිස් 95, තරුෂ ප්‍රනාන්දු 20, ලහිරු ප්‍රනාන්දු නොදැවී 29, ගයාන් සිරිසෝම 4/42, දුමිඳු සෙව්මිණ 2/69

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Moratuwa කණ්ඩායමට)

Galle CC සහ Kandy Customs SC කණ්ඩායම අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Galle CC

  • Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 76 (29.0) ලිසුල ලක්ෂාන් 21, නිර්මල රත්නායක 4/22, මිතුන් ජයවික්‍රම 4/18
  • Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 132 (40.0) අශාන් රන්දික 23, ලහිරු අත්තනායක 26, ඩිලාන් ජයලත් 27, රුවිශාන් පෙරේරා 2/37, රජීව වීරසිංහ 2/33, චතුර රන්දුණු 3/46
  • Galle CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 244 (67.4) අමිත් එරන්ද 23, ලිසුල ලක්ෂාන් 78, හසිත සුරංග 33, රජිත් ප්‍රියාන් 32, යශෝධ මෙන්ඩිස් 3/36, අශාන් රන්දික 2/13, මිතුන් ජයවික්‍රම 3/93, ඩිලාන් ජයලත් 2/50
  • Kandy Customs SC – දෙවැනි ඉනිම කුලු 8ක් දැවී 192 (49.3) ලහිරු අත්තනායක 30, ලක්ශාන් ගමගේ 62, ඩිලාන් ජයලත් 20, යශෝධ මෙන්ඩිස් 21, රුවිශාන් පෙරේරා 3/45, රජීව වීරසිංහ 2/63

Kandy Customs කණඩායමට කඩුලු 2ක ජයක්.

SL Army SC සහ United Southern CC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – United Southern CC

  • SL Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 237 (67.1) පැතුම් ඩිල්ශාන් 61, ක්‍රිශේන් අපෝන්සු 26, දේවින්ද ඒකනායක 34, ෂෙහඳ සොයිසා 28, දනෝෂ් ද සිල්වා 3/36, හිමාල් රවිහංස 3/112, සසංක නිර්මාල් 2/06
  • United Southern CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (67.2) කවිඳු එදිරිවීර 59, පෙසඳු සංජන් 81, ඩිල්ශාන් කාංචන 27, ගයාන් චන්ද්‍රබෝස් 6/72, සීක්කුගේ ප්‍රසන්න 3/35
  • SL Army SC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 6 (3.0)

SL Army කණ්ඩායම ලකුණ 37ක් ඉදිරියෙන්.

මෙම තරගය හෙට (8) 3 වැනි අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<