SSC කණ්ඩායමට තවත් ජයක්

Tier B - 3 Day Tournament 2025/26

3

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 9 වැනි සතියේ පළමු ජයග්‍රාහකයා බවට පත් වීමට SSC කණ්ඩායම සමත් වෙනවා. ඔවුන් මෙවර පරාජය කරන්නේ Leo කණ්ඩායමයි.  

මේ අතර නිමා වූ 2 වැනි දිනයේ දී SL Navy කණ්ඩායමේ සුමල්ක ප්‍රනාන්දු (53), United Southern කණ්ඩායමේ පෙසඳු සංජන් (90), සසංක පෙරේරා (නොදැවී 62), Colombo Malay කණ්ඩායමේ නිම්න උමේෂ් (54) සහ යෙසිත් රූපසිංහ (56), Ragama කණ්ඩායමේ සහීල් ඩයස් (52) සහ කෙමිර විජේනායක (84) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Galle කණ්ඩායම සහ Ragama කණ්ඩායම අතර තරගයේ දී Galle කණ්ඩායමේ රජීව වීරසිංහ ලකුණු 94කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව United Southern කණ්ඩායමේ හිමාල් රවිහංස (5/52), Negombo කණ්ඩායමේ වරුන් ඉමේශාන් (5/88) ද දක්ෂතා දැක් වූවා.   

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු 

SL Navy SC සහ United Southern CC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – United Southern CC 

  • United Southern CC- පළමු ඉනිම කඩුලු 9ක් දැවී 476 (103.4) ආදිත්‍ය සිරිවර්ධන 143, අදීශ නානායක්කාර 114, හංස මිහරංග 20, පෙසඳු සංජන් 90, සසංක පෙරේරා නොදැවී 62, ගිහාන් ද සොයිසා 2/78, වරුණ මයන්ත 2/19   
  • SL Navy SC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 201 (68.0) තෙවිඳුදික්වැල්ල 29, ලක්ශාන් රොද්‍රිගෝ 40, සුමල්ක ප්‍රනාන්දු 53, ඩිලංක අවර්ඩ්ට් නොදැවී 26, සසංක පෙරේරා 3/22, හිමාල් රවිහංස 5/52 

SL Navy කණ්ඩායම ලකුණු 275ක් පිටුපසින්. 

Colombo Malay CC සහ Sebastianites C & AC අතර තරගය අනුරාධපුරසමාධි යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – Colombo Malay CC 

  • SebastianitesC & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (56.4) මාලිංග මලිගස්පේ 20, උමයංග සුවාරිස් 91, තරුෂ ප්‍රනාන්දු 33, උෂාන් මනෝහර 5/58, වෝෂිත අමරසිංහ 2/19, චානක දේවින්ද 2/37 
  • Colombo Malay CC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 259 (83.3) සචින් ගොඩමාන්න 31, නිම්න උමේෂ් 54, පුලස්ති අතපත්තු 33, වෝෂිත අමරසිංහ 34, යෙසිත් රූපසිංහ 56, මනෙල්ක ද සිල්වා 3/22, හෂාන් සංදීප 4/70 

Colombo Malay කණ්ඩායම ලකුණු 48ක් පිටුපසින්. 

Moratuwa SC සහ SL Army SC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – SL Army SC 

  • SL Army SC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 365 (85.2) පැතුම් ඩිල්ශාන් 105, ක්‍රිශේන් අපෝන්සු 41, තරිඳු ඩිලංක 99, ෂෙහඳ සොයිසා 44, රත්නරාජා තෙන්නකෝන් 25, දුමිඳු සෙව්මිණ 2/74, ගයාන් සිරිසෝම 2/106, චානක රුවන්සිරි 2/86, රශ්මික මෙවන් 3/18 
  • MoratuwaSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (64.0) ඉසුල නිඳුවර 35, ගවින් බොතේජු 45, දිනිත් සිරිවර්ධන 24, තීක්ෂණ වික්‍රමසිංහ 2/18, ශෙහඳ සොයිසා 4/42, ගයාන් චන්ද්‍රබෝස් 3/50 
  • MoratuwaSC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 44 (20.0) අබිශේක් ලියනාරච්චි නොදැවී 34 

Moratuwa කණ්ඩායම ලකුණු 163ක් පිටුපසින්.  

Negombo CC සහ Kandy Customs SC අතර තරගය දොඹගොඩයුද හමුදා ක්‍රීඩාංගණයේ දී 

කාසියේ වාසිය – Negombo CC 

  • Kandy Customs SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 328 (97.4) මාලිංග මලිගස්පේ 40, අශාන් රන්දික 52, ලක්ෂාන් ගමගේ 52, සුධීර වීරරත්න 33, ඩිලාන් ජයලත් 38, මිතුන් ජයවික්‍රම 36, යශෝධ මෙන්ඩිස් 26, වරුණ ඉමේෂ් 5/88, දනුශ්ක සඳරුවන් 3/84 
  • NegomboCC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 76 (34.0) කේශාන් වන්නිආරච්චි 33, තත්සර ඒශාන් 29, නිර්මල රත්නායක 2/20 

Negombo කණ්ඩායම ලකුණු 252ක් පිටුපසින්.  

Leo CC සහ SSC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – SSC 

  • SebastianitesC & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 160 (49.2) හිරුන් සිගේරා 27, අකීල් ඉන්හාම් 53, විශ්ව රාජපක්ෂ 20, පූර්ණ කල්හාර නොදැවී 25, කසුන් රාජිත 2/24, ගිශාන් බාලසූරිය 5/64 
  • SSC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 101 (25.1) නුවනිඳු ප්‍රනාන්දු 21, රනුද සෝමරත්න 25, මල්ශාන් ගුණසිංහ 5/28, ගිත්මින් කොළඹගේ 4/37 
  • SebastianitesC & AC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 90 (30.4) ප්‍රභාත් ජයසූරිය 4/34, ගිශාන් බාලසූරිය 3/32, කසුන් රාජිත 2/18 
  • SSC– දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 150 (23.4)අවිශ්ක ප්‍රනාන්දු 50රනුක් ජයසූරිය නොදැවී 53නිපුන් දනංජය නොදැවී 42 

SSC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.   

Galle CC සහ Ragama CC කණ්ඩායම අතර තරගය කොළඹ, Moors ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – Ragama CC 

  • Galle CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 302 (83.5) රමේෂ් නිමන්ත 48, අමිත් එරන්ද 27, සුභානු රාජපක්ෂ 33, සුපුන් කාවින්ද 80, චතුර රන්දුණු 31, උපුල් ඉන්ද්‍රසිරි 3/80තරුෂ කොඩිකාර 2/57, රවිඳු සෙම්බකුට්ටිගේ 2/31 
  • RagamaCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 259 (70.4) මානිශ රුපසිංහ 27, සහීල් ඩයස් 52, මලීෂ සිල්වා 27, කෙමිර විජේනායක 84, කොශාන් ජයවික්‍රම 26, උපුල් ඉන්ද්‍රසිරි 20, රජීව වීරසිංහ 6/94, කෙවින් කොත්තිගොඩ 2/13 
  • Galle CC– දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 31 (13.0) 

Galle කණ්ඩායම ලකුණු 74ක් ඉදිරියෙන්.  

මෙම තරග අද (01) 3 වැනි අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<