ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 9 වැනි සතිය (01) නිමා වෙන්නේ United Southern, SL Army සහ Ragama කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින්.
ඊට අමතර ව නිමා වූ Negombo සහ Kandy Customs අතර තරගය විසඳුමකින් තොර ව අවසන් වූවා.
මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ SL Army කණ්ඩායමේ ගයාන් චන්ද්‍රබෝස්. ඔහු Moratuwa කණ්ඩායමට එරෙහි ව ලකුණු 61කට කඩුලු7ක් දවා ගනිමින් මේ දක්ෂතාව සිදු කරනවා. ඊට අමතර ව Ragama කණ්ඩායමේ මලීෂ සිල්වා Galle කණ්ඩායමට එරෙහි ව ලකුණු 77කට කඩුලු 6ක් දවා ගැනීමට ද සමත් වෙනවා.
පිතිකරුවන් අතුරින් දිනයේ කැපී පෙණෙන දක්ෂතා දැක් වූයේ Galle කණ්ඩායමේ කෙවින් කොත්තිගොඩ. ඔහු Ragama කණ්ඩායමට එරෙහි ව පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 97ක් ලබා ගන්නවා.
ඊට අමතර ව එම කණ්ඩායමේ ම අමිත් එරන්ද (60) සහ සුභානු රාජපක්ෂ (53), Moratuwa කණ්ඩායමේ අබිශේක් ලියනාරච්චි (58) සහ චානක රුවන්සිරි (53), Negombo කණ්ඩායමේ පසිඳු තිරිමාදුර (68), Ragama කණ්ඩායමේ මානිශ රූපසිංහ (76) සහ සහීල් ඩයස් (81) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- ආදිත්‍ය, අදීශ සහ පැතුම් ශතක වාර්තා කරයි
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියම වෙයි
- NSL T20 පිටිය කැළඹූ ළලනාවෝ
- T20 ලෝක කුසලානය රට වටා යන ගමන ආරම්භ වෙයි!
- NSL කාන්තා T20 ශූරතාව Greens ක්‍රීඩිකාවන්ට
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
SL Navy SC සහ United Southern CC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – United Southern CC
United Southern CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 476 (103.4) ආදිත්‍ය සිරිවර්ධන 143, අදීශ නානායක්කාර 114, හංස මිහරංග 20, පෙසඳු සංජන් 90, සසංක පෙරේරා නොදැවී 62, ගිහාන් ද සොයිසා 2/78, වරුණ මයන්ත 2/19
SL Navy SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 201 (68.0)තෙවිඳු දික්වැල්ල 29, ලක්ශාන් රොද්‍රිගෝ 40, සුමල්ක ප්‍රනාන්දු 53, ඩිලංක අවර්ඩ්ට් නොදැවී 26, සසංක පෙරේරා 3/22, හිමාල් රවිහංස 5/52
SL Navy SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 118 (35.2) පූර්ණ චාරුක 44, කවිඳු එදිරිවීර 3/46, ධනෝෂ් ද සිල්වා 3/40, සසංක නිර්මාල් 4/29
United Southern කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 157ක ජයක්.
Colombo Malay CC සහ Sebastianites C & AC අතර තරගය අනුරාධපුර, සමාධි යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colombo Malay CC
Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (56.4) මාලිංග මලිගස්පේ 20, උමයංග සුවාරිස් 91, තරුෂ ප්‍රනාන්දු 33, උෂාන් මනෝහර 5/58, වෝෂිත අමරසිංහ 2/19, චානක දේවින්ද 2/37
Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 259 (83.3) සචින් ගොඩමාන්න 31, නිම්න උමේෂ් 54, පුලස්ති අතපත්තු 33, වෝෂිත අමරසිංහ 34, යෙසිත් රූපසිංහ 56, මනෙල්ක ද සිල්වා 3/22, හෂාන් සංදීප 4/70
තරගයේ විසඳුමක් නෑ. (Colombo Malay කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)
Moratuwa SC සහ SL Army SC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Army SC
SL Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 365 (85.2) පැතුම් ඩිල්ශාන් 105, ක්‍රිශේන් අපෝන්සු 41, තරිඳු ඩිලංක 99, ෂෙහඳ සොයිසා 44, රත්නරාජා තෙන්නකෝන් 25, දුමිඳු සෙව්මිණ 2/74, ගයාන් සිරිසෝම 2/106, චානක රුවන්සිරි 2/86, රශ්මික මෙවන් 3/18
Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (64.0) ඉසුල නිඳුවර 35, ගවින් බොතේජු 45, දිනිත් සිරිවර්ධන 24, තීක්ෂණ වික්‍රමසිංහ 2/18, ශෙහඳ සොයිසා 4/42, ගයාන් චන්ද්‍රබෝස් 3/50
Moratuwa SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 262 (86.2) අබිශේක් ලියනාරච්චි 58, ඉසුර නිදුවර 37, රශ්මික මෙවන් 27, චානක රුවන්සිරි 53, විදුර ලක්ෂාන් 42, ෂෙහඳ සොයිසා 2/86, ගයාන් චන්ද්‍රබෝස් 7/61
SL Army SC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 60 (10.3) ඉෂාර මෙන්ඩිස් 40, රශ්මික මෙවන් 2/26
SL Army කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Negombo CC සහ Kandy Customs SC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Negombo CC
Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 328 (97.4) මාලිංග මලිගස්පේ 40, අශාන් රන්දික 52, ලක්ෂාන් ගමගේ 52, සුධීර වීරරත්න 33, ඩිලාන් ජයලත් 38, මිතුන් ජයවික්‍රම 36, යශෝධ මෙන්ඩිස් 26, වරුණ ඉමේෂ් 5/88, දනුශ්ක සඳරුවන් 3/84
Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 257 (90.5) කේශාන් වන්නිආරච්චි 33, තත්සර ඒශාන් 29, උමේෂ් ලක්ෂාන් 21, දිමුත් සඳරුවන් 44, පසිඳු තිරිමාදුර 68, ෂෙහාන් ප්‍රමෝද් නොදැවී 26, යශෝධ මෙන්ඩිස් 2/40, මිතුන් ජයවික්‍රම 4/56, නිර්මල රත්නායක 3/80
Kandy Customs SC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 10 (4.0)
තරගයේ විසඳුමක් නෑ. (Kandy Customs කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)
Galle CC සහ Ragama CC කණ්ඩායම අතර තරගය කොළඹ, Moors ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Ragama CC
Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 302 (83.5) රමේෂ් නිමන්ත 48, අමිත් එරන්ද 27, සුභානු රාජපක්ෂ 33, සුපුන් කාවින්ද 80, චතුර රන්දුණු 31, උපුල් ඉන්ද්‍රසිරි 3/80, තරුෂ කොඩිකාර 2/57, රවිඳු සෙම්බකුට්ටිගේ 2/31
Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 259 (70.4) මානිශ රුපසිංහ 27, සහීල් ඩයස් 52, මලීෂ සිල්වා 27, කෙමිර විජේනායක 84, කොශාන් ජයවික්‍රම 26, උපුල් ඉන්ද්‍රසිරි 20, රජීව වීරසිංහ 6/94, කෙවින් කොත්තිගොඩ 2/13
Galle CC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 256 (61.1) අමිත් එරන්ද 60, සුභානු රාජපක්ෂ 53, කෙවින් කොත්තිගොඩ 97, මලීෂ සිල්වා 6/77
Ragama CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 300 (38.1) මානිශ රූපසිංහ 76, සහිල් ඩයස් 81, මලීෂ සිල්වා 42, කොශාන් ජයවික්‍රම 35, කෙමිර විජේනායක 30, රන්මිත් ජයසේන නොදැවී 24, කෙවින් කොත්තිගොඩ 3/55
Ragama කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















