SSC උසස් විමක් ලබා ගනිමින් Tier B තරගාවලිය අවසන් කරයි

Tier B - 3 Day Tournament 2025/26

2
Tier B - 3 Day Tournament 2025/26

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Tier B තුන් දින ක්‍රිකට් තරගාවලිය නිමා වෙන්නේ SSC කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වෙමින් තරගාවලියේ ශූරයන් බවට පත් වෙමිනුයි.

එලෙසින් අවසන් වූ තරගාවලියේ නිමා වූ දවසේ දී ශතක 4ක් වාර්තා වුණා. ඒ අතර වාර්තා වූ හොඳම ඉනිම වූයේ SL Army කණ්ඩායමේ අසේල ගුණරත්න Sebastianites කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ශතක ඉනිමයි. එහි දී එහි දී ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 113ක් ලබා ගන්නවා.

ඊට අමතර ව වාර්තා වූ ශතක ත්‍රිත්වය ම වාර්තා වෙන්නේ තරගවල 2 වැනි දිනයේ දී නොදැවී රැඳී සිටි ඉනිම් දීර්ඝව ගෙන යෑමට හැකි වීම බැවිනුයි. ඒ අනුව Galle කණ්ඩායමට එරෙහි ව පෙර දින නොදැවී ලකුණු 43ක් ලබා සිටි United Southern කණ්ඩායමේ තමිඳු ප්‍රදීප්ත තම ඉනිම ලකුණු 104ක් දක්වා රැගෙන යනවා. එහි දී ඔහු පන්දු 135කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් ඇතුලත් කරනවා.

එමෙන් ම තරග 2 වැනි දිනයේ දී SSC කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 56ක් ලබා සිටි Moratuwa කණ්ඩායමේ පුබුදු බණ්ඩාර ද තම ඉනිම ශතක ඉනිමක් කරා රැගෙන යනවා. එහි දී ඔහු පන්දු 220කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා.

ඊට අමතර ව පෙර දිනයේ නොදැවී ලකුණු 90ක් ලබා සිටි Colombo Malay කණ්ඩායමේ බුද්ධික හසරංග Ragama කණ්ඩායමට එරෙහි ව පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව Moratuwa කණ්ඩායමේ චානක රුවන්සිරි (52), SSC කණ්ඩායමේ ලක්ෂිත මනසිංහ (60), SL Army කණ්ඩායමේ හර්ෂජිත් රුෂාන් (61), Galle කණ්ඩායමේ අමිත් එරන්ද (43), United Southern කණ්ඩායමේ පෙසඳු සංජන් (54) Colombo Malay කණ්ඩායමේ චානක දේවින්ද (65), Ragama කණ්ඩායමේ මනීශ රූපසිංහ (නොදැවී 61) සහ රන්මිත් ජයසේන (56) අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වූවා.

පන්දු යවන්නන් අතුරින් දිනයේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නා බවට පත් වූයේ Negombo කණ්ඩායමේ ෂෙහාන් ප්‍රමෝද්. ඔහු SL Navy කණ්ඩායමට එරෙහි ව 2 වැනි ඉනිමේ දී ලකුණු 50කට කඩුලු 7ක් දවා ගන්නා ලද අතර ඊට පෙර එම තරගයේ පළමු ඉනිමේ දී ද ලකුණු 40කට කඩුලු 6ක් දවා ගන්නවා. ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 90කට කඩුලු 13ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඔහුට අමතර ව Ragama කණ්ඩායමේ කොශාන් ජයවික්‍රම ද Colombo Malay කණ්ඩායම හා සමඟ පැවැති ඉනිම අවසන් කරන්නේ ලකුණු 110කට කඩුලු 7ක් දවා ගනිමිනුයි.

එමෙන් ම Moratuwa කණ්ඩායමේ රශ්මික මෙවන් (5/69) සහ SL Army කණ්ඩායමේ සීක්කුගේ ප්‍රසන්න (5/71) ද දක්ෂතා දැක් වූ පන්දු යවන්නන් අතරට එක් වුණා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Moratuwa SC සහ SSC අතර තරගය මොරටුව, ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – SSC

SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 354 (88.1) ශෙවෝන් ඩැනියෙල් 45, නිපුන් ධනංජය 29, රනුද සෝමරත්න 137, නුවනිඳු ප්‍රනාන්දු 84, දුමිඳු සෙව්මිණ 2/70, චානක රුවන්සිරි 4/97, ගයාන් සිරිසෝම 2/93

 

Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 307 (42.0) අබිශේක් ලියනාරච්චි 22, රශ්මික මෙවන් 46, පුබුදු බණ්ඩාර 103, චානක රුවන්සිරි 52, අක්මල් ෆස්ලි 3/64, නිපුන් ධනංජය 4/46, කවිඳු නදීශාන් 2/42

 

SSC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 167 (30.0) ශෙවෝන් ඩැනියෙල් 26, දිනුර කලුපහන 35, ලක්ෂිත මනසිංහ 60, රශ්මික මෙවන් 5/69

තරගයේ විසඳුමක් නෑ. (SSC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

SL Army SC සහ Sebastianites C & AC අතර තරගය පනාගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Sebastianites C & AC

SL Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (84.4) හර්ෂජිත් රුෂාන් 135, තරිඳු ඩිලංක 25, අසේල ගුණරත්න 24, සීක්කුගේ ප්‍රසන්න 31, රත්නරාජ් තෙනුරතන් 22, ජනිත් ද සිල්වා 24, රවිඳු විජේවර්ධන නොදැවී 27, හෂාන් සංදීප 5/89, නිපුන් මෙන්ඩිස් 3/86

 

Sebastianites C & AC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 235 (64.5) මාලිංග මලිගස්පේ 22, රුසිරු විලෝචන 30, නවිඳු නිර්මාල් 40, මනෙල්ක ද සිල්වා 28, උමයංග සුවාරිස් 52, තරුෂ ප්‍රනාන්දු 26, මෙදුනක විජයතිලක 44, ලහිරු ප්‍රනාන්දු 42, ෂෙහඳ සොයිසා 2/95, ගයාන් චන්ද්‍රබෝස් 3/86, සීක්කුගේ ප්‍රසන්න 5/71

 

SL Army SC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 337 (57.4) හර්ෂජිත් රුශාන් 61, පැතුම් ඩිල්ශාන් 34, ක්‍රිශේන් අපෝන්සු 35, තරිඳු ඩිලංක 48, අසේල ගුණරත්න 113, රවිඳු විජේවර්ධන 26, උමයංග සුවාරිස් 2/31, හෂාන් සංදීප 3/87, නිපුන් මෙන්ඩිස් 2/123

 

Sebastianites C & AC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 23 (7.0)

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය SL Army කණ්ඩායමට.)

United Southern CC සහ Galle CC අතර තරගය මග්ගොන, Surrey ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – United Southern CC

Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 242 (67.1) රමේෂ් නිමන්ත 36, අමිත් එරංග 51, සුභානු රාජපක්ෂ 26, කෙවින් කොත්තිගොඩ 41, ලිසුල ලක්ෂාන් 44, තරුෂ් දමිඳු 4/84, ධනෝෂ් ද සිල්වා 2/67, කවිඳු එදිරිවීර 4/73

 

United Southern CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 443 (89.0) ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 195, අදීශ නානායක්කාර 68, තමිඳු ප්‍රදීප්ත 104, පෙසඳු සංජන් 54, අසේල සම්පත් 2/44, රමේෂ් නිමන්ත 2/23

 

Galle CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 126 (28.0) සුභානු රාජපක්ෂ 29, සුපුන් කාවින්ද 32, අමිත් එරන්ද නොදැවී 56, තරුෂ් දමිඳු 2/22

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය United Southern කණ්ඩායමට.)

Colombo Malay CC සහ Ragama CC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Ragama CC

Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 291 (62.0) මනීෂ රූපසිංහ 113, සාහිල් ඩයස් 28, රවිඳු සෙම්බකුට්ටි 40, කෙමිර විජේනායක නොදැවී 52, උපුල් ඉන්ද්‍රසිරි 35, උෂාන් මනෝහර 2/59, වෝෂිත අමරසිංහ 2/58, නිමන් උමේෂ් 2/27, යෙසිත් රූපසිංහ 2/33

 

Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 109 (34.4) පුලස්ති අතපත්තු 39, තිමිර මල්ශාන් 33, දසිත් ගුණතිලක 2/18, උපුල් ඉන්ද්‍රසිරි 3/22, කොශාන් ජයවික්‍රම 2/30

 

Colombo Malay CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 308 (85.1) සචින් ගොඩමාන්න 35, නිමන් උමේෂ් 29, බුද්ධික හසරංග 100, චානක දේවින්ද 65, සුදාර දක්ෂිණ 20, කොශාන් ජයවික්‍රම 7/100

 

Ragama CC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 131 (16.0) මනීශ රූපසිංහ නොදැවී 61, රන්මිත් ජයසේන 56

Ragama කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

SL Navy SC සහ Negombo CC අතර තරගය වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Negombo CC

Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (77.1) කේශාන් වන්නිආරච්චි 94, ඇන්ජලෝ ජයසිංහ 90, ඩිලංක අවර්ඩ්ට් 8/113

 

SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 101 (29.1) සුමල්ක ප්‍රනාන්දු 39, රජිත රත්නායක 23, දනුශ්ක සඳරුවන් 4/42, ශෙහාන් ප්‍රමෝද් 6/40

 

Negombo CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 246 (50.1) කේශාන් වන්නිආරච්චි 26, උමේෂ් ලක්ෂාන් 26, දිමුත් සඳරුවන් 66, හංසජ හිරුණ 25, ශෙහාන් ප්‍රමෝද් 47, ඩිලංක අවර්ඩ්ට් 5/117, රවීන් තරිඳු 3/79

 

SL Navy SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 177 (33.5) වරුණ මයන්ත 47, ජනිත් ප්‍රනාන්දු 27, දනුශ්ක සඳරුවන් 2/56, ෂෙහාන් ප්‍රමෝද් 7/50,

Negombo කණ්ඩායමට ලකුණු 230ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<