ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතිය අද (9) ආරම්භ වුණා. එහි දී අශාන් රන්දික සහ උපුල් ඉන්ද්‍රසිරි කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වුණා.
Kandy Customs කණ්ඩායමේ ආරම්භක පිතිකරු අශාන් රන්දික Ragama කණ්ඩායමට එරෙහි ව පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 120ක් ලබා ගනිමින් දිනය වාර්තා කරන ලද එක ම ශතකයේ හිමිකාරීත්වය ලබා ගත්තා.
ඔහුට අමතර ව SL Navy කණ්ඩායමේ ලක්ෂාන් රොද්‍රිගෝ (65), වරුණ මයන්ත (64) සහ සුමල්ක ප්‍රනාන්දු (65), Galle කණ්ඩායමේ රමේෂ් නිමන්ත (62) සහ අමිත් එරංග (56), SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු (74) සහ නිපුන් ධනංජය (නොදැවී 89), Kandy Customs කණ්ඩායමේ ඩිලාන් ජයලත් (71), Negombo කණ්ඩායමේ කේශාන් වන්නිආරච්චි (55), උමේෂ් ලක්ෂාන් (63) සහ දිමුතු සඳරුවන් (54) අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.
මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීම Ragama කණ්ඩායමේ උපුල් ඉන්ද්‍රසිරි සමත් වෙනවා. ඔහු Kandy Customs කණ්ඩායමට එරෙහි ව ලකුණු 110කට කඩුලු 6ක් දවා ගන්නවා. ඊට අමතර ව SL Army කණ්ඩායමේ ෂෙහද සොයිසා Galle කණ්ඩායමට එරෙහි ව ලකුණු 63කට කඩුලු 5ක් දවා ගන්නවා.
- මීගමුව තෙවැනි ජයත් ලබයි
- අභිශේක්, රශ්මික සහ අමිත් ශතක වාර්තා කරයි
- අභිශේක්, රශ්මික සහ අමිත් ශතක වාර්තා කරයි
- ගයාන් සහ අදීශ දක්ෂතා දක්වයි
- 19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
SL Navy SC සහ Sebastianites C & AC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Navy SC
SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (62.1) ලක්ෂාන් රොද්‍රිගෝ 65, තෙවිඳු දික්වැල්ල 42, වරුණ මයන්ත 64, සුමල්ක ප්‍රනාන්දු 65, මිරංග වික්‍රමගේ 4/78, හෂාන් සංදීප 4/57
Sebastianites C & AC – පළමු ඉනිම කිසිවෙක් දැවී 61 (14.0) මාලිංග මලිගස්පේ නොදැවී 38, රුසිරු විලෝචන නොදැවී 23
Sebastianites කණ්ඩායම තවත් ලකුණු 194ක් පිටුපසින්.
Galle CC සහ SL Army SC අතර තරගය කොළඹ, Moorsක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Navy SC
Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (47.1) රමේෂ් නිමන්ත 62, අමිත් එරංග 56, සුපුන් කාවිංග 25, රත්නරාජ් තෙනුරතන් 2/30, ශෙහඳ සොයිසා 5/63
SL Army SC – පළමු ඉනිම සියලුම කඩුලු 4ක් දැවී 70 (21.0) අශාන් සුදර්ශන 31, තරිඳු දිලංක නොදැවී 26, රජීව වීරසිංහ 2/15
SL Army කණ්ඩායම තවත් ලකුණු 124ක් පිටුපසින්.
Colombo Malay CC සහ SSC අතර තරගය කොළඹ, SLLDC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colombo Malay CC
SSC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 272 (80.2) අවිශ්ක ප්‍රනාන්දු 74, නදීශ ආකාශ් 36, නිපුන් ධනංජය නොදැවී 89, ක්‍රිශාන් සංජුල 39, සුදාර දක්ෂිණ 2/57
Kandy Customs SC සහ Ragama CC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 300 (82.3) අශාන් රන්දික 120, ලහිරු අත්තනායක 28, ඩිලාන් ජයලත් 71, අවිඳු තීක්ෂණ 39, උපුල් ඉන්ද්‍රසිරි 6/110, කසුන් කරුණාතිලක 3/59
Leo CC සහ Negombo CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Leo CC
Negombo CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 257 (74.0) පසිඳු තිරිමාදුර 23, කේශාන් වන්නිආරච්චි 55, උමේෂ් ලක්ෂාන් 63, දිමුතු සඳරුවන් 54, හංසජ හිරුන් නොදැවී 20, මංගල ප්‍රදීප් 4/88, සෙනාශ් ප්‍රනාන්දු 2/59
මෙම තරග සියල්ල හෙට (10) 2 වැනි දිනයට ක්‍රියාත්මක වේ.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















