නව මුහුණුවරකින් යුතු ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් සංචිතය දකුණු අප්‍රිකාවට එරෙහිව තරග තුනකින් සමන්විත තරගාවලියට එක්වන්නේ ටෙස්ට් තරගාවලියේදී ගිලිහී ගිය අභිමානය නැවත ලබා ගැනීමේ අරමුණ ද ඇතිවයි. නවකයින් රැසකගෙන් සමන්විත දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ සටනට නම් කල ශ්‍රී ලංකා සංචිතයට එකතු වූ තරමක් නුපුරුදු නමක් වුයේ ‘තික්ෂිල ද සිල්වා’ නාමයයි.
සිරි කුරුස විදුහලෙන් සා. සෙබස්තියන් විදුහලට; ප්‍රවීන් ජයවික්‍රමගේ පිබිදීම
කළුතර සිරි කුරුස විදුහලෙන් හඳුනා ගනු ලැබූ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කල යොවුන් ක්‍රීඩකයෙක් වන ප්‍රවීන් ජයවික්‍රම, මේ වන විට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ බැබලෙන තරුවක් ලෙසින් පැහැබර අනාගතයක පෙර ලකුණු ප්‍රකඨ කරමින් සිටියි. මම කැමතියි දඟ පන්දුවට මුහුණදීම පිලිබඳව මුලින්ම දැනගන්න. පන්දුව දඟ කැවෙන විට හොඳ පිතිකරුවෙකුගේ ක්‍රීඩා විලාශයේ විශේෂ ලක්ෂණ මොනවාද?
ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී වමත් පිතිකරුවෙකු වන තික්ෂිල ද සිල්වා උපත ලැබුවේ රත්ගම ග්‍රාමයේ දීයි. ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 12ක් ඔබ්බෙන් පිහිටි මෙම ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කරලියට එක්වූ තවත් ප්‍රබල සාමාජිකයන් ලෙස ලසිත් මාලිංග සහ තරිඳු කෞෂාල් නම් කල හැකියි. දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට මත්තෙන් තික්ෂිල ThePapare.com සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් විය.
සිය ඥාති මිත්‍රාදීන් අතර ‘සංකර්’ යන සුරතල් නාමයෙන් ප්‍රසිද්ධ වූ තික්ෂිල තුල ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ඇල්ම ප්‍රකඨ වුනේ කුඩා කල පටන්මයි. යන්තම් වයස අවුරුදු 10 සම්පූර්ණ වෙද්දී ලෙදර් පන්දුවේ පහස ලැබූ ඔහු වයස අවුරුදු 14 වනතෙක් තම අධ්‍යාපනය සහ ක්‍රීඩා කටයුතු සිදුකලේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙනි. අනතුරුව ශිෂ්‍යත්වයක් හරහා ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුලත් වීමේ අවස්ථාව ඔහුට හිමිවිය.
‘‘මට කුඩා කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ඇල්මක් තිබුනා. මම වයස අවුරුදු 13න් පහල මට්ටමේ ක්‍රිකට් කණ්ඩායමට යොමු වුනේ 2004 වසරේදී.” තික්ෂිල පවසයි.
සනත් ජයසුරිය මෙන් විශාල යටි බාහු යුගලකට 
”මම 2012 වසරේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම තෝරා ගැනීම සඳහා නම් කල 30 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට ඇතුලත් වුනා. නමුත් මට අවසන් ක්‍රීඩකයින් 15 දෙනා අතරට ඇතුලත් වෙන්නට හැකි නොහැකි වුනා. මොකද 2011/2012 කාලය තුලදී මගේ පිට කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මට පන්දු යැවීමට නොහැකි වුනා. නමුත් මගේ අවසන් පාසල් තරග වාරයේදී මම මහින්ද විද්‍යාලය වෙනුවෙන් ලකුණු 960ක් රැස් කළා.” තික්ෂිල වැඩි දුරටත් පැවසීය.
මම පිතිකරණයේ යෙදෙන හැටි: කුමාර් සංගක්කාර
මම කැමතියි දඟ පන්දුවට මුහුණදීම පිලිබඳව මුලින්ම දැනගන්න. පන්දුව දඟ කැවෙන විට හොඳ පිතිකරුවෙකුගේ ක්‍රීඩා විලාශයේ විශේෂ ලක්ෂණ මොනවාද? එවැනි ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. පළවෙනි දේ තමයි හොඳ ආරක්ෂාකාරී පහර එල්ල කිරීම. හොඳ පිතිකරුවන් පා ආවරණයට වඩා පිත්තෙන් පන්දුව පිළිගැනීමට නැඹුරු වෙනවා. ඒ වගේම ඔවුන් පන්දුව පතිත වන දුර නිවැරදිව තීරණය කර ගන්නවා.

ඔහු තම ක්‍රීඩා දිවියේ හොඳම ඉනිම ලෙසින් මතකයට නගන්නේ CCC කණ්ඩායමට එරෙහිව පන්දු 15කින් වාර්තා කල අර්ධ ශතකයයි.
”මම හයේ පහර 7ක් පමණ එල්ල කළා, අවසානයේ මට හැකි වුනා පන්දු 17ක් තුල ලකුණු 58ක් ලබා ගන්නට. එදා මට හොඳින් පන්දුවට පහර දීමට හැකියාව ලැබුනා.” තික්ෂිල අතීතාවර්ජනයක යෙදුනේ එලෙසයි.
අන්තර් සමාජ ක්‍රිකට් කරලියේ දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුට පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් සුපර් 4 පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී කුරුණෑගල වෝරියර්ස් කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමටද හැකියාව ලැබුණි. එමෙන්ම මේ මස මුලදී කොළඹ SSC ක්‍රීඩා සමාජයට එරෙහිව වේගවත් ලකුණු 92ක් ලබා ගත් තික්ෂිල පන්දුවාර 20 ජාතික තේරීම් තරග වලදී ද ඉහල දස්කම් අතර සිටියේ එක් පන්දුවාර 20 ඉනිමකදී කඩුලු 4ක් ද දවා ගනිමිනුයි.
රිවර්ස්- ස්වීප් වැනි විවිධත්වයෙන් යුතු පහර ගණනාවක් එල්ල කිරීමේ හැකියාව ඇති තික්ෂිල අවශ්‍ය අවස්ථා වලදී වේගවත් යෝකර් පන්දු යැවීමේ සමතෙක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉසිඹුවක් ලද විටෙක ඔහු සංගීතයට සවන් දීමට, චිත්‍රපට නැරඹීමට මෙන්ම හිත මිතුරන් සමඟ තම ග්‍රාමයේ සැරිසරන්නට ද තමන් ප්‍රියතාවක් දක්වන බව ඔහු පැවසීය.
සොහොයුරන් තිදෙනෙකුගෙන් යුතු පවුලක දෙවන 
”මෙය ඉතාමත් හොඳ අවස්ථාවක්, මම කැමතියි මගේ ක්‍රිකට් ජීවිතයේදී මට සහය වුනු හැම දෙනාටම ස්තූති කරන්න. මට ඉතාමත් සතුටුයි මගේ රට නියෝජනය කරමින් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව. මට අවශ්‍ය මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මගේ පවුලට සහ මගේ රටට කීර්තියක් අත්කර දීමටයි.” තික්ෂිල අවසන් වශයෙන් පැවසීය.
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න






















