තරගාවලියේ සිටින දක්ෂ ක්රීඩකයින් සහභාගී වන All-Star සති අන්තය සාර්ථකව නිමාවට පත් විය. All star සති අන්තයේ තරග කිහිපයක් පැවති අතර ජයග්රාහී ක්රීඩකයින් හට සම්මාන ප්රදානය කිරීම ද මෙහි දී සිදු විය.
NBA All-Star Celebrity තරගය

තරගය ජය ගැනීමට නැගෙනහිර කණ්ඩායම සමත් වූ අතර හිටපු NBA D-League ක්රීඩකයෙකු මෙන්ම Youtube තරුවක් වන බ්රැන්ඩෝන් අර්ම්ස්ට්රොන්ග් (Brandon Armstrong) තරගයේ දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.
මෙම තරගය සඳහා සුප්රසිද්ධ රියැලිටි තරග නිවේදක නික් කැනන් (Nick Cannon), කැප්ටන් ඇමෙරිකා චිත්රපටයට දායක වූ ඇන්තනි ම’කි (Anthony Mackie) වැනි තරු සහභාගී විය.
BBVA Compass Rising Stars තරගය
ඉන් අනතුරුව BBVA Compass Rising Stars තරගය පැවති අතර තරගාවලියේ පළමු හා දෙවන වසරේ ක්රීඩකයින් අතරින් මෙතෙක් දක්ෂතා දැක්වූ ක්රීඩකයින් 24 දෙනෙකු තෝරා ගන්නා ලදි. මෙම ක්රීඩකයින්ගෙන් ඇමරිකාව නියෝජනය කරන ක්රීඩකයින් දොළොස් දෙනෙක් එක් කණ්ඩායමකටත් අනෙක් රටවල් සියල්ලම නියෝජනය කරන ක්රීඩකයින් අනෙක් කණ්ඩායමටත් වන සේ කණ්ඩායම් කරන ලදි.

ගියවර මෙම තරගයේ දී ඇමෙරිකානු ක්රීඩකයින් ජයග්රහණය ලබා ගැනීමට සමත් වූ අතර එම තරගයේ දී දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට Minnesota Timberwolves කණ්ඩායම නියෝජනය කල සැක් ල’වින් (Zach lavine) සමත් විය.
සෙනසුරාදා දිනට අදාල තරග ආරම්භ කරමින් Taco Bell Skills Challenge, JBL Three-Point Contest, Verizon Slam Dunk යන තරග ප්රධාන වශයෙන් පැවැත්විය.
Taco Bell Skills Challenge තරගය

තරගයේ දී පන්දු හැසිරවීම, විසි කිරීම (Shooting) හා පන්දු හුවමාරු කිරීමේ දක්ෂතා සැලකිල්ලට ගනු ලබන අතර අඩුම කාලයකින් තරගය නිමා කරන ක්රීඩකයා ජයග්රාහකයා ලෙස නම් කරන ලදී.
මෙම තරගය ජය ගැනීමට අඩි 7’ 3” උසකින් යුත් Newyork Knick කණ්ඩායම නියෝජනය කරන ක්රිස්ටාප්ස් පොර්සින්ගස් (Kristaps Porzingis – වයස අවු.21) සමත් විය. මෙවර තරගාවලිය තුල තරග වදින උසම ක්රීඩකයා ඔහුයි.
JBL Three-Point තරගය
මෙම තරගය සදහා තරගාවලිය තුල මෙතෙක් ලකුණු 3 විසි කිරීම් වල දී දක්වන දක්ෂතා පදනම් කරගනිමින් ක්රීඩකයින් 8 දෙනෙකු නම් කර තිබුණි.
මෙම තරගය සඳහා පසුගිය වසරේ කිරුල දිනා ගත් Golden State Warriors කණ්ඩායමේ ක්’ලේ තොම්සන් (Klay Thompson) සහභගි වූ අතර මෙම තරගයේ දී ඔහු පරාජයට පත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

කෙසේ වෙතත් අවසන් වටයට සුදුසුකම් ලැබීමට Charlotte Hornets කණ්ඩායමේ කෙම්බා වෝකර් (Kemba Walker), 2013 වසරේ මෙහි ජයග්රාහකයා වූ Cleveland Cavaliers කණ්ඩයමේ කයිරි අ’වීන්ග් (Kyrie Irving) හා Huston Rockets කණ්ඩයම නියෝජනය කරන එරික් ගෝර්ඩන් (Eric Gordan) සමත් වූ අතර කයිරි අ’වීන්ග් හා එරික් ගෝර්ඩන් ලකුණු 20 බැගින් ලබා ගැනීම හේතුවෙන් නැවතත් එම ක්රීඩකයින් දෙදෙනාට තරග වැදීමට සිදු විය.
මෙහි දී ලකුණු 21 ලබා ගත් එරික් ගෝර්ඩන් මෙවර ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර මෙවර තරගාවලියේ ලකුණු 3 විසි කිරීම් අතින් දෙවන ස්ථනයේ රැදෙන්නට ඔහු සමත් වී ඇත. මෙහි පළමු ස්ථානය ස්ටෙෆන් ක’රී විසින් හිමි කරගෙන සිටියි.
Verizon Slam Dunk තරගය

මෙහි දී Los Angelis Clippers කණ්ඩායමේ ඩි’අන්ද්රේ ජෝර්ඩන් (DeAndre Jordan), Indiana Pacers කණ්ඩායමේ ග්ලෙන් රොබින්සන් III (Glen Robinson III), Phoenix Suns කණ්ඩායමේ ඩෙරික් ජෝන්ස් ජුනියර් (Derrick Jones Jr.) හා ගියවර අනුශූරතාවය දිනා ගත් Orlando Magics කණ්ඩයමේ ආරොන් ගෝර්ඩන් (Aaron Gordan) තරග වැදුණු අතර බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි ආරොන් ගෝර්ඩන්ගේ දක්ෂතා ඉස්මතු නොවීය.
කෙසේ වෙතත් අවසන් වටයේ දී ඩෙරික් ජෝන්ස් ජුනියර් (වයස අවු.20) පරාජය කල ග්ලෙන් රොබින්සන් III තරගය ජය ගැනීමට සමත් විය. මෙය ඔහුගේ පළමු ජයග්රහණය යි.
66 වන ALL-STAR තරගය
All-Star සති අන්තයේ අවසන් තරගය ලෙස 66 වන ALL-STAR තරගය පැවැත්වුණු අතර මෙහි දී නැගෙනහිර කණ්ඩයමේ කෙවින් ලව්ගේ ආබාධයකට ලක්වීම හේතුවෙන් එම අවස්ථාව Newyork Knicks කණ්ඩායමේ ක’මෙලෝ ඇන්තනිට (Carmelo Anthony) ලබා දීමට කටයුතු කරන ලදී.
මෙහි දී වාර්තා රැසක් අලුත් කිරීමට කණඩායම් 2කම සමත් වූ අතර තරගය අවසන් වූයේ ලකුණු 192-182ක් වශයෙන් බටහිර කණ්ඩායමට ජය හිමිකර දෙමිනි.

මින් පෙර අවස්ථා දෙකකදී Oklahoma City Thunders කණ්ඩායමේ රසල් වෙස්ට්බ්රුක් (Russell Westbrook) ලකුණු 41 බැගින් වාර්තා කල අතර එම අවස්ථා දෙකේදීම දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නා ලදි. මෙවර තරගයේ දී ද ඔහු ලකුණු 41ක් රැස් කිරීමට සමත් වීම තවත් විශේෂ කරුණකි.





















