Taiwan Open Athletics Championship මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දක්වමින් ගෙවුණු සතිඅන්තය වර්ණවත් කිරීමට සමත් වුනා.
පසුගිය සෙනසුරාදා (07) දිනයේ දී ආරම්භ වූ මෙම මලල ක්‍රීඩා තරගාවලියේ පළමු ශ්‍රී ලංකා නියෝජනය වූ චමෝද් යෝධසිංහ පිරිමි මීටර් 100 මූලික වටයට සහභාගී වුනා.
මෙහි දී ඔහු විසින් තත්පර 10.29ක කාලයක් වැය කරමින් ඉසව්ව ජය ගැනීමට සමත් වූ අතර, එය මෙම ඉසව්ව තුළ චමෝද්ගේ පෞද්ගලික හොඳම දක්ෂතා අතර පවා සටහන් වන අන්දමේ තරග නිමාවක් බවට පත් වුනා.
සෙනසුරාදා දිනයේ දී මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලද චමෝද්, ඊයේ (08) සිය අවසන් තරගයට සහභාගී වුනා.
මෙහි දී ඔහු විසින් තත්පර 10.38ක කාලයක් වැය කරමින් ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.
මේ අතර ඊයේ දිනයේ දී ලෙසඳු අර්ථවිදු විසින් පිරිමි උස පැනීම ඉසව්වට සහභාගී වුනා. එහි දී ඔහුට සිය පෞද්ගලික දක්ෂතා වෙත සමීප වීමට නොහැකි වුනත්, ඉසව්වේ හය වැනි ස්ථානය හිමි කර ගැනීමට හැකියාව ලැබුණා. මෙහි දී ඔහු විසින් දැක්වූ දක්ෂතාව ලෙස මීටර් 2.05ක උසක් සටහන් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
තරගාවලියේ එකම ශ්‍රී ලංකා කාන්තා නියෝජනය වූ නදීශා ලේකම්ගේ ද ඊයේ දිනයේ තරග බිමට පිවිසුණු අතර, මෙහි දී ඇය විසින් මීටර් 56.62ක දුරක් හෙල්ල විසි කරමින් සිය ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. මෙය මෙවර තරගාවරය තුළ නදීශාගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වීම විශේෂත්වයක්. එමෙන්ම රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදු වූ නදීශාට එහි රන් පදක්කම දශම ගණනකින් අහිමි වී ගිය බව ද සටහන් කළ යිතුයි. මෙහි දී ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රීඩිකාව විසින් දැක්වූ හොඳම දක්ෂතාව ලෙස සටහන් වුනේ මීටර් 56.82ක් ලෙසයි.
දෙස්, විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<