පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු 27 වැනි වාර්ෂික මහා එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අද (24) සමත් විය.
ජය පරාජයෙන් තොර රන් මහ සටනේ වැඩි ගෞරව පානදුරට
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහ විද්‍යාලය අතර පැවති 67 වැනි රන් මහා සටන අද (23) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ ජය…
කාසියේ වාසිය දිනා ගත් මොරටු මහා විද්‍යාල නායක නිෂාන් මධුෂ්ක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඊයේ දිනයේ දී නිමාව දුටු රන් මහා සටනේ දක්ෂතම පන්දුරකින්නා සම්මානයෙන් පිදුම් ලද වෙනුර නිපුන් වෙනුවට ඩිල්ෂාන් දුලක්ෂ කණ්ඩායමට එක්කොට තිබුණේ විශේෂඥ පිතිකරුවෙකු ලෙසිනි.
දෙදින තරගයේ දී අංක හතර පිතිකරුවා ලෙස ක්‍රීඩා කළ අත්දැකීම් බහුල නිෂාන් මධුෂ්ක අද දිනයේ දී ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසුණේ තරගය ආරම්භයේ දී ම ප්‍රතිවාදීන්ගෙන් තරගය උඳුරා ගැනීමේ අරමුණෙනි.
නමුත් ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 16කට සීමා කරමින් ඩිල්ෂාන් දුලක්ෂ දවා ගැනීමටපූර්ණ ප්‍රභාත් සමත් වූයේ සුමංගල කණ්ඩායමට අවශ්‍යව තිබූ සාර්ථක ආරම්භය ලබා දීමට පුරෝගාමී කාර්‍යභරයක් ඉටුකරමිනි.
ඉන්පසු පිටියට පිවිසි හෂේන් ආධිත්‍යය සිය නායකයාට සහය වෙමින් ඔහු වටා සිය ඉනිම ගොඩනැගීමට උත්සහ දැරූ නමුත් දෙවන කඩුල්ලේ සබඳතාව ලකුණු 24වත්ම නැවත වතාවක් ක්‍රියාත්මක වූ පුර්ණ ප්‍රභාත්, හෂේන්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ කඩුල්ල මුවා කළ වරදට හසු වූ ක්‍රීඩකයෙකු බව විනිසුරුතුමන් තීරණය කිරීමත් සමඟිනි.
Photos: Sri Sumangala College vs Moratu Maha Vidyalaya | 27th One Day Encounter
පසුගිය වසරේ දෙවිදුහල් අතර පැවති වාර්ෂික එක්දින තරගයේ දී මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක් දියත් කළ චමල්ක පුෂ්පකුමාර මෙවර පිටියට පිවිසියේ සිය වික්‍රමයන් නැවත වතාවක් පෙන්වීමට වුවත් එම බලාපොරොත්තු සුනුවිසුනු කර දමමින් යොවුන් වමත් පා දඟපන්දු යවන ක්‍රීඩක විශ්ව ළහිරු යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමත් ලකුණු 10කින් සෑහීමට පත්වන්නට චමල්ක හට සිදු විය.
එක් අන්තයකින් තම සඟයින් දැවී යන නිසාවෙන් සිය සුපුරුදු ප්‍රවේගකාරී පිතිකරණ රටාව තරමක් වෙනස් කරමින් ආරක්ෂාකාරී පහරවල් සඳහා යොමු වීමට නිෂාන් මධුෂ්කට සිදු වූ අතර නායකත්වයේ වගකීමත් සමඟම විශාල වගකීමක් ඔහුගේ කර මත පැවැරී තිබීම ඔහුට අමතර පීඩනයක් ගෙන දුන් බවක් දක්නට ලැබුණි.
කෙසේ නමුත් ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් මන්දගාමී ස්වරූපයක් ගත් නිසාවෙන් ලකුණු රැස්කර ගැනීමේ අවස්ථාවන් සොයා යාමට නිෂාන්ගේ පිත්ත පෙලඹුණ අතර අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් සුමංගල පන්දු යවන්නන් ප්‍රතිවාදී පිලේ වටිනාම කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක සහනජිත් විසින් රැකගත් විශිෂ්ට උඩ පන්දුවත් සමඟිනි. චාරුක ජයතිලක විසින් පිට ඉන්න ඉවතින් පතිත කළ පන්දුව නිෂාන්ගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින්නා වෙත ඇදී ගීයේ ප්‍රේක්ෂකයන් හට දැකුම්කළු උඩපන්දුවක් රැකගැනීමේ අවස්ථාවක් දැක බලා ගැනීමට ඉඩ සලසා දෙමිනි.
සිය අංක එකේ පිතිකරුවාගේ සේවය අහිමි වී යාමත් සමඟම තරගයේ එක් පියවරක් පසුපසට ඇදවැටුණු මොරටු කණ්ඩායමේ ලකුණු පුවරුව ඒ වන විට දිස්වූයේ කඩුලු 4ට ලකුණු 61ක් ලෙසිනි.
වේගපන්දු යවන්නන් ඉටු කළ කාර්‍යභාරය පිළිබඳ සෑහීමකට පත් වූ ජනිදු තම ආක්‍රමණශීලී වමත් පා දඟපන්දු යවන්නන් දෙදෙනා වෙත යොමු වූයේ මොරටු විද්‍යාලයීය ඉනිම හැකිතාක් ඉක්මනින් අවසන් කිරීමේ අරමුණෙනි.
පානදුරත් – මොරටුවත් අතර ඇවිලෙන 67 වැනි රන් හටන
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 67 වැනි වරටත් පැවැත්වෙන රන් හටන මහා ක්‍රිකට් තරගය මේ මස 22 සහ 23 දෙදින මොරටුව ද…
තම පළමු මහා තරග අත්දැකීම සමඟින් ප්‍රථම පාසල් ක්‍රිකට් තරගවාරය ක්‍රීඩා කරන 15 හැවිරිදි විශ්ව ළහිරු සිය දඟපන්දුවෙන් තවත් මොරටු පිතිකරුවන් තිදෙනෙකු දණගැස්වූයේ මුළු ලකුණු සංඛ්‍යාවකට ලකුණු 29ක් පමණක් එකතු කිරීමට අවකාශ සලසා දෙමිනි. විශ්ව දිදුලන, නිරාජ් කවිශ්ක සහ නදිත් මිශේන්ද්‍ර විශ්වගේ ආක්‍රමණයන්ට ගොදුරු වූ පිතිකරුවන් තිදෙනායි.
කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම පන්දු යවන්නා වශයෙන් තම සේවය වසර දෙකකටත් අධික කාලයක් නොපිරිහෙලා ඉටු කළ අනුක ජයසිංහ තරගයේ ප්‍රථම වතාවට සිය හඬ අවධි කළේ මධුෂාන් දිලක්ෂණගේ කඩුල්ල ලකුණු 18කට දවා ගැනීමත් සමඟිනි. පාදය අසලින් පතිත වූ පන්දුවට තම කඩුල්ල නිරාවරණය කරමින් පහර දීමට ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් පන්දුව පිට ඉන්න සිපගත්තේ මොරටු විද්‍යාලයට 8වන කඩුල්ලත් අහිමි කරදෙමිනි.
එතෙක් වේලා එක් අන්තයක් රැකගනිමින් පහර දුන් නම් දැරූ අවසන් පිතිකරුවා දැවී යාමත් සමඟින් උද්දාමයට පත් සුමගුල් පන්දු යවන්නන් ඉතිරිව තිබූ කඩුලු ද්විත්වය ලකුණු 15ක් තුල දවාලමින් මොරටු විද්‍යාලයීය ඉනිම පන්දුවාර 42.2 තුල දී ලකුණු 108කට සීමා කිරීමට සමත් විය.
කෙසේ වූවත් මොරටු කණ්ඩායම ලකුණු 80කට පමණ ආසන්න සංඛ්‍යාවකට දවා ගැනීමට තිබූ අනඟි අවස්ථාවන් කිහිපයක්ම සුමංගල ක්‍රීඩකයින් වෙතින් මඟහැරී ගියේ ඉතා පහසු උඩපන්දු ද්විත්වයක් සහ තරමක් අසීරු නමුත් රැක ගත යුතු ගණයේ උඩපන්දු ද්විත්වයක් ඔවුන් අතින් ගිලිහී යාම නිසාවෙනි.
ලකුණු 109ක ඉලක්කයක් හඹා යාමට පිවිසි සුමංගල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා කණ්ඩායමට අවැසිව තිබූ ශක්තිමත් මුල් අඩිතාලම සකසා දෙමින් ඉතා සුපරික්ෂාකාරීව කිසිදු කඩුල්ලක් බිඳ වැටීම ඉඩ ලබා නොදී පළමු පන්දුවාර 10 ක්‍රීඩා කිරීමට සමත් විය. ඒ අනුව මොරටු විද්‍යාලයේ තර්ජනාත්මක ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා වෙත ඉතා සාර්ථකව මුහුණ දුන් ප්‍රභාෂ් ජයසේකර සහ මිහිරංග ප්‍රනාන්දු දුර්වල පන්දු පමණක් තෝරා බේරා ගනිමින් ලකුණු රැස්කිරීමේ කාර්‍යෙහි නිරත විය.
තම වේගපන්දු යවන්නන් හට අපේක්ෂිත ප්‍රතිඵලය නෙලාගත නොහැකි වූ තැන නායක නිෂාන් මධුෂ්ක ඔහුගේ දඟපන්දු යවන්නන් හට පන්දුව භාර කළේ ඉක්මන් කඩුල්ලක් ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාව සිතේ පෙරදැරි කරගෙනය.
මොරටු ප්‍රේක්ෂකයන් හට අස්වැසිල්ලක් ගෙන දෙමින් එතෙක් වේලා හිසරදයක්ව තිබූ ලකුණු 44ක සුමංගල කණ්ඩායමේ ආරම්භක සබඳතාවට තිත තැබීමට එරාන් හංසමාල් සමත් විය. ඒ අනුව හතරේ පහර 4ක් ද සමඟින් ලකුණු 20ක් රැස්කර සිටි මිහිරංග ප්‍රනාන්දු ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට දැරූ උත්සහයේ දී දවා ගැනීමට කඩුලු රකින ක්‍රීඩක මධුෂාන් දිලක්ෂණ හට හැකි විය.
තරණගේ පිත්තත්, අනුකගේ පන්දුවත් හමුවේ මොරටු ක්‍රීඩකයින් අසරණ වේ
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවැත්වෙන 67 වන රන් මහ සංග්‍රාමය අද දිනයේදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ අතර සුමංගල ක්‍රීඩකයින් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කළ ලකුණු 192කට පිළිතුරු ඉනිම දියත් කරන මොරටු මහා විද්‍යාලය පළමු දිනය අවසානයේදී කඬුලු 6ක් දැවී ලකුණු 72ක් රැස්කරගැනීමට සමත් විය.
ඔහුගේ දැවී යාමත් සමඟ පිටියට පිවිසි අංක තුන පිතිකරුවා වන ඉමෙත් ගම්පොල සහ රන් මහා සටනේ දක්ෂතම පිතිකරුවා සම්මානය දිනා ගත් තරණ ද සිල්වා එකම පන්දුවාරයක් තුල දී දවා ගැනීමට මොරටු විද්‍යාලයීය දකුණතින් දඟ පන්දු යවන විශ්ව දිදුලන සමත් වූයේ නැවත වතාවක් තරගය පිළිබඳ තබා තිබූ අපේක්ෂාවන් හට නව ජීවයක් ලබා දෙමිනි.
ඉමෙත් එක් ලකුණකට සහ තරණ සිය ගිණුම ආරම්භක කිරීමට මත්තෙන්ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දිදුලන සමත් විය.
අනෙක් අන්තයෙන් නොසිතූ මොහොතක දී කඩුලු එක පිට එක දැවී යද්දී එල්ල වූ පීඩනය නිසි පරිදි හසුරවා ගැනීමට අපොහොසත් වූ නිසාවෙන් එතෙක් වේලා ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු 27ක් රැස්කරගෙන සිටි ආරම්භක පිතිකරු ප්‍රභාෂ් ජයසේකර දැවී ගියේ විශ්ව දිදුලන විසින් වේගය වෙනස් කරමින් යොමු කළ පන්දුවකට ස්ලිප් ක්‍රීඩක නිෂාන් මධුෂ්ක අතට උඩ පන්දුවක් ලබා දීමෙනි.
එක්වරම මොරටු මහා විද්‍යාලයෙන් එල්ල වූ දැඩි අභියෝගය මැනවින් හසුරුවා ගනිමින් අවසන් ඉලක්කය ආසන්නයටම තම කණ්ඩායම රැගෙන යාමේ වගකීම ඉටු කළ අතර සුමංගල විද්‍යාලයේ නියමු ජනිදු ලකුණු 17කට දැවී යාමත් සමඟ පිටියට පිවිසි චාරුක ජයතිලක හයේ පහරකින් තරගය නිමා කළේ පිට පිට තෙවන වතාවටත් වාර්ෂික එක්දින තරගයේ ජය සුමංගල විද්‍යාලය වෙත හිමිකර දෙමිනි.
- තරගයේ වීරයා – විශ්ව ළහිරු (ශ්‍රී සුමංගල විද්‍යාලය)
- දක්ෂතම පිතිකරුවා – නිෂාන් මධුෂ්ක (මොරටු මහා විද්‍යාලය)
- දක්ෂතම පන්දු යවන්නා – විශ්ව ළහිරු (ශ්‍රී සුමංගල විද්‍යාලය)
- දක්ෂතම පන්දු රකින්නා – සහනදිත් ප්‍රනාන්දු (ශ්‍රී සුමංගල විද්‍යාලය)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen
R
B
4s
6s
SR
Dilshan Dulakshana Peiris
b Poorna Prabath
2
14
0
0
14.29
Nishan Madushka Fernando
c Shanajith Fernando b Charuka Peiris
36
61
5
0
59.02
Hashen Adithya
lbw b Poorna Prabath
6
16
1
0
37.50
Chamalka Pushpakumara Fernando
b Vishwa Lahiru
10
20
1
0
50.00
Madushan Dilakshana Ferdinando
b Anuka Jayasinghe
18
28
2
0
64.29
Vishwa Didulana Fernando
c Tharana de Silva b Vishwa Lahiru
6
21
0
0
28.57
Niraj Kavishka
c Shanajith Fernando b Vishwa Lahiru
4
8
1
0
50.00
Nadith Mishendra
c Shalana Gamage b Vishwa Lahiru
0
3
0
0
0.00
Janith Sewmith Fernando
not out
5
19
0
0
26.32
Rashan Kavishka Fernando
lbw b Anuka Jayasinghe
4
21
0
0
19.05
Eran Hansamal
run out (Heshan Kavinda)
8
22
0
0
36.36
Extras
9 (b 3 , lb 0 , nb 0, w 6, pen 0)
Total
108/10 (42.2 Overs, RR: 2.55)
Bowling
O
M
R
W
Econ
Janindu Induwara
5.2
2
13
0
2.50
Poorna Prabath
7
0
17
2
2.43
Shalana Gamage
2
0
14
0
7.00
Charuka Peiris
4
0
10
1
2.50
Vishwa Lahiru
10
1
19
4
1.90
Anuka Jayasinghe
10
1
23
2
2.30
Mihiranga Fernando
4
0
8
0
2.00
Batsmen
R
B
4s
6s
SR
Prabash Jayasekera
b Vishwa Didulana Fernando
27
60
3
0
45.00
Mihiranga Fernando
st Madushan Dilakshana Ferdinando b Eran Hansamal
20
46
3
0
43.48
Imeth Gampola
lbw b Vishwa Didulana Fernando
1
4
0
0
25.00
Tharana de Silva
c Nishan Madushka Fernando b Vishwa Deshan Fernando
0
3
0
0
0.00
Janindu Induwara
b Nadith Mishendra
17
41
1
0
41.46
Shanajith Fernando
not out
22
43
1
0
51.16
Charuka Peiris
not out
8
8
0
1
100.00
Extras
14 (b 0 , lb 1 , nb 1, w 12, pen 0)
Total
109/5 (34 Overs, RR: 3.21)
Bowling
O
M
R
W
Econ
Niraj Kavishka
4
0
8
0
2.00
Nadith Mishendra
8
2
25
1
3.12
Janith Sewmith Fernando
2
0
6
0
3.00
Eran Hansamal
9.4
1
30
1
3.19
Vishwa Didulana Fernando
6
0
23
3
3.83
Rashan Kavishka Fernando
3
1
6
0
2.00
Hashen Adithya
2
0
11
0
5.50






















