මේක මම කවදාහරි ගන්න ඕන තීරණයක් – ශ්‍රීපාලි

255

ශ්‍රීපාලි වීරක්කොඩි යනු වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂතා අතින් පරිපූර්ණ ක්‍රීඩිකාවකි. 

34 හැවිරිදි වියේ පසු වන ඇය අද (22) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඇය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බවයි. ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ද නිල වශයෙන් දැනුම් දී ඇත.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවකගෙන් වාර්තාවක්

මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 89කට සහ විස්සයි-විස්ස ජාත්‍යන්තර තරග 58කට ඇය සහභාගි වී තිබෙනවා.

“මෙය මා කවදාක හෝ ගත යුතු තීරණයක්. ඒ නිසා මම හිතන්නේ මෙය තමයි ඒ සඳහා හොඳම වෙලාව” යැයි ශ්‍රීපාලි සඳහන් කර තිබුණි. සිය සමුගැනීමේ තීරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රීපාලි මෙය තමන්ගේ පෞද්ගලික තීරණයක් මත ගත් තීරණයක් බව ද සඳහන් කර සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<