ලබන (2026) වසරේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දසුන් ශානකට හිමිව තිබෙන අතර අසනීප තත්වයක් නිසා නිමා වූ විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ හිටපු නායක චරිත් අසලංක ද මෙම මූලික සංචිතයට ඇතුළත්.
අවසන් වරට පැවති තුන් කොන් තරගාවලියට ඇතුළත් වූ භාණුක රාජපක්ෂ මෙම මූලික සංචිතයෙන් ඉවත් කර තිබෙන අතර එම තරඟාවලිය සඳහා නම් කළ අනෙක් ක්‍රීඩකයින් සියල්ල මෙම මූලික සංචිතයට ඇතුළත් වෙනවා.
එමෙන්ම නිමා වූ නැගී එන ආසියානු කුසලානයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක සහ ට්‍රෙවීන් මැතිව් යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයට කැඳවා තිබෙනවා.
- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නැවතත් ක්‍රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුවට!
- T20 ලෝක කුසලානය ඉලක්ක කර ශ්‍රී ලංකාවට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්!
එම ක්‍රීඩකයින් ට අමතරව ආබාධයන්ට ලක් ව සිටි මතීෂ පතිරණ සහ දිල්ශාන් මධුසංඛ මෙම මූලික සංචිතයට නම් කර තිබෙන අතර කලකට පසු ධනංජය ද සිල්වා, සහන් ආරච්චිගේ සහ නිරෝෂන් දික්වැල්ල ද මූලික සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සහ එංගලන්තය සමඟ මෙරට දී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර අවසන් ලෝක කුසලානය සංචිතය එම තරගාවලි තුළ දක්වන දස්කම් මත නම් කිරීමට නියමිතයි.
2026 විස්සයි විස්ස ලෝක කුසලානය පෙබරවාරි මස 07 වැනිදා සිට මාර්තු 08 දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීම නියමිත අතර ශ්‍රී ලංකාව තුළ ලෝක කුසලානයක් පැවැත්වෙන්නේ වසර 14කට පසුව වීම ද විශේෂත්වයක්.
තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතය,
- දසුන් ශානක (නායක)
- කුසල් මෙන්ඩිස්
- පැතුම් නිස්සංක
- වනිඳු හසරංග
- චරිත් අසලංක
- දුෂ්මන්ත චමීර
- කුසල් පෙරේරා
- කමිල් මිශාර
- ධනංජය ද සිල්වා
- පවන් රත්නායක
- සහන් ආරච්චිගේ
- මිලාන් රත්නායක
- නිරෝෂන් දික්වැල්ල
- දුනිත් වෙල්ලාලගේ
- ජනිත් ලියනගේ
- නුවන් තුෂාර
- එශාන් මාලිංග
- ප්‍රමෝද් මදුශාන්
- මතීෂ පතිරණ
- මහීෂ් තීක්ෂණ
- දුශාන් හේමන්ත
- විජයකාන්ත් වියස්කාන්ත්
- අසිත ප්‍රනාන්දු
- දිල්ශාන් මදුශංක
- ට්‍රෙවීන් මැතිව්
2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















