ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Colombo North U 17s කණ්ඩායම වෙද්දී එහි අනුශූරතාව හිමි වූයේ Colombo South U 17s කණ්ඩායමටයි.
කණ්ඩායම් 5ක් අතර දින 7ක තරග 13ක දී පැවැති මෙම තරගාවලියේ දී යැවුණ පන්දු 6291දී ලකුණු 4741ක් ලබා ගැනීමටත් සහ කඩුලු 204ක් දවා ගැනීමටත් මේ යොවුන් ක්‍රීඩකයෝ සමත් වෙනවා.
තරගාවලියේ පළමු වටය නිමා වන විට එතෙක් නිමා වූ තරග අනුව සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය හිමි වූයේ Kandy U 17s කණ්ඩායම වෙතයි. එහි 2 වැනි ස්ථානය තරගාවලියේ අනුශූරයන් වූ Colombo South U 17s කණ්ඩායමට ද, 3 වැනි ස්ථානය Galle U 17s කණ්ඩායමට ද සහ සිව් වැනි ස්ථානය ජයග්‍රාහී Colombo North U 17s කණ්ඩායමට ද හිමි වූණා.ඊට අමතර ව තරගාවලියට එක් වූ Dambulla U 17s කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයට වැටුණා. ඒ එකඳු තරගයක් හෝ ජයග්‍රහණය නොකිරීම මතයි.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී Colombo North U 17s කණ්ඩායම Kandy U 17s කණ්ඩායමට එරෙහි ව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 71ක ජයග්‍රහණයක් ලබා ගනිමින් එක් අන්තයකින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර Colombo South U 17s කණ්ඩායම සහ Galle U 17s කණ්ඩායම අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වූවා. ඒ වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටීම හේතුවෙන් Colombo South U 17s කණ්ඩායමට ඉදිරියට යෑමට ඉඩ සැලසුණා.
මේ එවන් තරගාවලියක ක්‍රීඩකයන් පෑ දක්ෂතා පිළිබඳ ව සටහනක්.
278/4 (50.0) : තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු ප්‍රමාණය Colombo South U 17s කණ්ඩායම විසින් රැස් කරනවා. ඒ Kandy U 17s කණ්ඩායමට එරෙහි ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
104/10 (29.5) : තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ Colombo North U 17s කණ්ඩායම Kandy U 17s කණ්ඩායම හමුවේ කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දැවී ගිය මෙම ලකුණු ප්‍රමාණයයි.
464 : තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමේ ගෞරවය Dambulla U 17s කණ්ඩායමට සහ Colombo North U 17s කණ්ඩායමට හිමි වෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී Dambulla U 17s කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 230ක් ලබා ගන්නා ලද අතර Colombo North U 17s කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 234ක් ලබා ගන්නවා.
117 : තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වෙන්නේ Kandy U 17s කණ්ඩායමයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී Colombo North U 17s කණ්ඩායමට එරෙහිවයි.
- ඇඹිලිපිටිය ජනාධිපතිවරුන් රාජකීයයන් පරාජය කරයි
- 15න් පහළ ශූරතාව සාන්ත ජෝසප්වරුන්ට
- අවසන් මහා තරගයේ විරයා – ලහිරු ලක්මාල් (Colombo North U 17s)
අවසන් මහා තරගයේ වීරයා බවට පත් වෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ Colombo North U 17s කණ්ඩායමේ ලහිරු ලක්මාල්. ඔහු මෙම තරගයේ දී අංක 9 පිතිකරු ලෙසින් පිටියට පිවිස ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් දැවී යද්දී පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර ද්විත්වයක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා.
පිතිකරුවෙක් ලෙසින් කඩුල්ලේ රැඳී සිටි කාලයේ දී ඔහු, මිනුග නෙත්සර (6) සමඟ 9 වැනි කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 26ක් ද සහ සවිඳු සත්සර (0) සමඟ 10 වැනි කඩුල්ලට පන්දු 7ක දී ලකුණු 10ක සබඳතාවන් ද ගොඩ නගනවා.
දකුණතින් පා දඟ පන්දු යැවූ ලහිරු ලක්මාල් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 26ක් පමණක් ලබා දී දවා ගැනීමට ද සමත් වෙනවා. ඒ අතර එක් පන්දු වාරයක් තුළ දවා ගත් කඩුලු ද්විත්වයක් ද ඒ අතර වෙනවා.
තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය නියෝජනය කරන ලහිරු ලක්මාල් තරගාවලිය අවසන් කරද්දී තරග 6ක දී ලකුණු 77ක් ද සහ කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
- තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – චනුල් කොඩිතුවක්කු (Kandy U 17s)
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය නියෝජනය කරමින් Kandy U 17s කණ්ඩායම හා එක් වූ චනුල් කොඩිතුවක්කු මෙම තරගාවලියේ ද්විත්ව සම්මාන දිනා ගැනීමට සමත් වෙනවා. දකුණත් පිතිකරුවෙක් සහ දකුණතින් මඳ වේග පන්දු යැවූ චනුල් කොඩිතුවක්කු මෙම තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි ඉනිම 5 දී ලකුණු 124ක් ලබා ගන්නා ලද අතර පන්දු යැවීමේ දී කඩුලු 10ක් දවා ගන්නවා.
ඔහුගේ පිතිකරු ඉනිම් අතර ඉහළ ම දක්ෂතාව වෙන්නේ Galle U 17s කණ්ඩායමට එරෙහි ව පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලබා ගත් ලකුණු 62යි. එම තරගයේ දී මෙන් ම Dambulla U17s කණ්ඩායමට එරෙහි ව ද ලකුණු 28කට කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර එම දක්ෂතාව ඔහුගේ ලැයිස්තුවේ ඉහළින් ම සටහන් වූවා.
තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් 5 දෙනා
Player | Team | M | Ov | Runs | W | Best | Ave | 4w | |
1 | රුසඳු සිල්වා | Colombo South | 6 | 36.1 | 122 | 12 | 4/16 | 10.6 | 1 |
2 | චනුල් කොඩිතුවක්කු | Kandy | 5 | 36.2 | 169 | 10 | 3/28 | 16.9 | 0 |
3 | මිනුග නෙත්සර | Colombo North | 6 | 42.2 | 210 | 10 | 4/37 | 21.0 | 1 |
4 | ගිම්හාන් මෙන්ඩිස් | Colombo South | 5 | 29.1 | 123 | 9 | 2/16 | 13.6 | 0 |
5 | ඩිහාන් මුණසිංහ | Dambulla | 4 | 30.2 | 134 | 8 | 3/30 | 16.7 | 0 |
තරගාවලියේ අවසානයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත් වෙන්නේ අනුශූරතාව දිනූ Colombo South U17s කණ්ඩායමේ වමතින් දඟ පන්දු යැවූ රුසඳු සිල්වා. මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය නියෝජනය කරමින් මෙම කණ්ඩායමට පිවිසි ඔහු තරගාවලිය නිමා කරන විට කඩුලු 12ක් ලබා සිටියා.
ඒ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ අවසන් මහා තරගයේ දී ලකුණු 16කට දවා ගත් කඩුලු 4යි. එම දක්ෂතාව මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වෙනවා.
ඊට අමතර ව ඔහු Dambulla U17s කණ්ඩායමට එරෙහි ව ලකුණු 28කට කඩුලු 3ක් ද දවා ගැනීමට සමත් වෙනවා.
මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය තරගාවලියේ දක්ෂතම පන්දු යන්නා වූ චනුල් කොඩිතුවක්කු සතු කර ගනිද්දී එහි 3 වැනි ස්ථානය මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය නියෝජනය කරමින් Colombo North කණ්ඩායම හා එක් වූ දකුණතින් මඳ වේග පන්ද යැවූ මිනුග නෙත්සර ට හිමි වෙනවා.
- අරෝෂ් සිතුමිණ ශතකලාභී ලැයිස්තුව ආරම්භ කරයි
- තෙවිඳු සහ හිමරු ශතක සබඳතාවයක
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – සනිතු ගුණතිලක (Kandy U 17s)
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින් Kandy U 17s කණ්ඩායම හා එක් වූ සනිතු ගුණතිලක තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මානය ලබා ගන්නේ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙසට ද පත් වෙමිනුයි.
දකුණත් පිතිකරුවෙක් වන ඔහු නිමා වූ තරගාවලියේ දී තරග 5කට සහභාගී වෙමින් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 196ක් ලබා ගන්නා ලද අතර ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 65.33ක් ලෙසින් ද පවත්වා ගෙන යෑමට ද සමත් වෙනවා.
ඒ අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ Dambulla U 17s කණ්ඩායමට එරෙහි ව පන්දු පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 93යි.
තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා
Player | Team | M | Inn | NO | Runs | Best | Ave | 100 | 50 | |
1 | සනිතු ගුණතිලක | Kandy | 5 | 5 | 2 | 196 | 93* | 65.3 | 0 | 1 |
2 | අරෝෂ් සිතුමිණ | Galle | 5 | 5 | 0 | 188 | 102 | 37.6 | 1 | 1 |
3 | හිමරු දේශාන් | Colombo South | 6 | 5 | 2 | 180 | 80* | 60.0 | 0 | 2 |
4 | ඉශාන් ඛාන් | Dambulla | 4 | 4 | 0 | 162 | 62 | 40.5 | 0 | 2 |
5 | හිමත් පණ්ඩිතරත්න | Dambulla | 4 | 4 | 0 | 154 | 81 | 38.5 | 0 | 2 |
තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර 2 වැනි ස්ථානය හිමි වෙන්නේ රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරමින් Galle U 17s කණ්ඩායමේ නායකත්වයට ද පත් අරෝෂ් සිතුමිණ වෙතයි. ඔහු තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 188ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කියන්නේ තරගාවලියේ වාර්තා කළ එක ම ශතකයේ ද හිමිකරුවා වෙමිනුයි.
Dambulla U 17s කණ්ඩායමට එරෙහි ව වාර්තා වූ එම ඉනිමේ දී ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා. ඊට අමතර ව ඔහු Colombo North කණ්ඩායමට එරෙහි ව ද පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ද ලබා ගත්තා.
එමෙන් ම ඔහු මෙම තරගාවලියේ වැඩිම හයේ පහර සහ හතරේ පහර එකතුවේ වාර්තාව ද සතු කර ගත්තා. ඔහු තම ඉනිම් 5 දී හතරේ පහර 20ක් සහ හයේ පහර 12ක් සමඟින් ලකුණු 152ක් ලබා ගනිමින් එහි පෙරමුණ ගත්තා. ඒ අතර ඔහු විසින් එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව මෙවර තරගාවලියේ පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාව ද වූවා.
ඔහුත් සමඟින් Colombo North U17s කණ්ඩායමේ කෞෂික තිලකරත්න සහ Kandy U 17s කණ්ඩායමේ චනුල් කොඩිතුවක්කු හතරේ පහර 20ක් බැගින් එල්ල කරමින් එහි සම පළමු ස්ථානවලට පත් වුණා.
අරෝෂ් සිතුමිණ
එමෙන් ම තරගාවලියේ වේගවත් ම අර්ධ ශතකයේ හිමිකරුවා බවට පත් වීමට ද අරෝෂ් සිතුමිණ සමත් වුනා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Dambulla U 17s කණ්ඩායමට එරෙහි ව පන්දු 45කින් එය සපුරා ගනිමිනුයි.
වැඩිම ලකුණු ලබා ගැනීමේ මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානය Colombo South කණ්ඩායමේ හිමරු දේශාන් හිමි කර ගත්තා. කළුතර සිරිකුරුස විද්‍යාලය නියෝජනය කරමින් මෙම කණ්ඩායම හා එක් වූ හිමරු දේශාන් මෙම තරගාවලියේ දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 180ක් ලබා ගන්නවා.
ඒ අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ Dambulla U 17s කණ්ඩායමට එරෙහි ව පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 80යි. ඊට අමතර ව ඔහු Galle U 17s කණ්ඩායමට එරෙහි ව පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 66ක් ද ලබා ගත්තා. මෙම ඉනිම් සමඟින් ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 60.0ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වුණා.
පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ හිමරු දේශාන් තමන් මුහුණ දුන් තරග 6 දී කඩුලු 6ක් දවා ගන්නා ලද අතර එහි ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ Galle U 17s කණ්ඩායමට එරෙහි ව ලකුණු 18කට දවා ගත් කඩුලු 3යි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<