ප්‍රමෝද් මදුශාන් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කරයි

ICC Men's T20 World Cup 2026

3
ICC Men's T20 World Cup 2026

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ එක් වෙනස්කමක් සිදු වී තිබෙනවා.

ඒ අනුව නිමා වූ එංගලන්තය සමග විස්සයි විස්ස තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වූ එශාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මදුශාන් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මදුශාන් මේ දක්වා එක්දින තරග 13ක් මෙන්ම, විස්සයි විස්ස තරග 08ක් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

එශාන් ආබාධයට ලක් වන විටම, ශ්‍රී ලංකාව සිය ලෝක කුසලාන සංචිතය ද ප්‍රකාශයට පත් කළ අතර, එම ආබාධ තත්වය හේතුවෙන් එශාන්ට ලෝක කුසලානය අහිමි වන බව පසුව වාර්තා වුනා.

මදුශාන් සංචිතයට ඇතුළත් කිරීම වෙනුවෙන්, ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් අවසර හිමි විය යුතු අතර, ඊයේ (07) දිනයේ දී එම අවසරය හිමි වී තිබුණා.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<